slc
logo
Home   |    News
ජනවාරි 12, 2025
ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්

sinhala editor

ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු තරග 2 පරාජයට පත්වීම නිසා තරගාවලිය 2-1 ක් ලෙස ගෞරවාන්විතව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් සහ ජනිත් ලියනගේ අර්ධ ශතක ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම පෝෂණය කළය. මොවුන් තිදෙනාගේ ඉනිම් ප්‍රධාන කොට ලකුණු 300 ආසන්නයට හෙවත් කඩුලු 8 කට ලකුණු 290 ක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ.

එම ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ පන්දුවාර 29.4 කදී සියලු දෙනා දැවී ලකුණු 150 ක්  පමණි. සුපිරි පන්දු යැවීමක නිරත වුණු අසිත ප්‍රනාන්දු මහීෂ් තීක්ෂණ සහ එෂාන් මාලිංග කඩුලු 3 බැගින් බිඳ හෙලූහ.

ආරම්භක පන්දු යවන්නා ලෙනින් කටයුතු කළ අසිත ප්‍රනාන්දු තම පළමු පන්දුවාර 5 ඇතුළතදී නවසීලන්ත  පිලේ ඉදිරි පෙළ කඩුලු 3 ක් දවා ලීමට සමත්වීම නිසා පන්දුවාර 7 ක් අවසන් වන විට නවසීලන්ත ලකුණු පුවරුව සටහන් වූයේ ලකුණු 21 කට කඩුලු 5 ක් ලෙසිනි. කෙසේ වෙතත් තරගය ඉදිරියට රැගෙන යෑම වෙනුවෙන් මාක් චැප්මන්  දැඩි සටනක් ලබා දුන් නමුත් ඔහු තීක්ෂණගේ ගොදුරුක් ලෙසින් ලකුණු 81 කට දැවී ගියේය.්‍

අසිත ප්‍රනාන්දු එක් පසෙකින් පීඩනය එල්ල කරද්දී අනෙක් අන්ත වලින් පන්දු යැවී එෂාන් මාලිංග සහ මහීෂ් තීක්ෂණ නවසීලන්ත පිතිකරුවන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන්හ. තවමත් තම තෙවැනි එක්දින තරගයට සහභාගිව සිටින මාලිංග අද දිනයේදී සිය හොඳම  පන්දු යැවීම ලෙස ලකුණු 35 ට කඩුලු 3 ක් සටහන් කර ගත්තේය. යවන ලද පන්දුවාර 7 දී ලකුණු 26 ක් පමණක් ලබා දී කඩුලු 3 ක් දවා ගත් අසිත ප්‍රනාන්දු තරගයේ වීිරයා සම්මානයෙන් පිදුම් ලැබුවේය.

ඉනිමේ පළමු අර්ධ ශතක ලාභියා වූ පැතුම් නිස්සංක පන්දු 31 කින් සිය අර්ධ ශතක සම්පූර්ණ කර ගත්තේය. ඔහු ලබා ගත් ලකුණු 66 න් ලකුණු 54 ක්ම හයේ සහ හතරේ පහර වලින් රැස් කරන ලද ඒවා විය. ඔහුගේ ඉනිම හතරේ පහර 6 කින් සහ හයේ පහර 5 කින් සමන්විත විය.

ශ්‍රී ලංකාව පන්දුවාර 50 දී කඩුලු 8 ට ලකුණු 290 යි – පැතුම් නිස්සංක 66, අවිශ්ක  ප්‍රනාන්දු 17, කුසල් මෙන්ඩිස් 54, කමිඳු මෙන්ඩිස් 46, ජනිත් ලියනගේ 53, චමිඳු වික්‍රමසිංහ 19, වනිඳු හසරංග 15, මහීෂ් තීක්ෂණ 11*, මැට් හෙන්රි 55/4, මිචෙල් සැන්ට්නර් 55/2)

නවසීලන්ත පන්දුවාර 29.4 කදී සියලු දෙනා දැවී ලකුණු 150 යි – (මාක් චැප්මන් 81, මයිකල් බ්‍රේස්වෙල් 13, නේතන් ස්මිත් 17, මැට් හෙන්රි 12, අසිත ප්‍රනාන්දු 26/3, එෂාන් මාලිංග 35/3, මහීෂ් තීක්ෂණ 35/3)

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee