ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් අන්තර් සමාජ තෙදින ක්‍රිකට් තරගාවලියේ බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බ්ලුම්ෆීල්ඩ් සහ බදුරලිය අතර තරගයේ දී බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමේ පිතිකරුවන් සිව්දෙනකු ශතක දෙකක් සහ අර්ධ ශතක දෙකක් රැස් කරමින් පෙන් වු විශිෂ්ට කුසලතා මත බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමට සිය පළමු ඉනිමේ දී කඩුලු 3කට ලකුණු 365ක් වැනි දැවැන්ත සංඛ්‍යාවකට යාමට අවස්ථාව සැළසිණි.
බ්ලුම්ෆීල්ඩ් වෙනුවෙන් මෙසේ දක්ෂතා දැක් වු පිතිකරුවන් වුයේ ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත (119) අංක හතර පිතිකරු රවිඳු ප්‍රනාන්දු (නොදැවී 114යි) අංක තුන පිතිකරු අසිත වන්නිනායක (63) සහ අංක පහ පිතිකරු නායක නිපුන් කරුණානායකයි. (නොදැවී 51යි)
දෙවන කඩුල්ලට රොන් චන්ද්‍රගුප්ත සහ අසිත වන්නිනායක ලකුණු 150ක් ද සිව්වන කඩුල්ලට රවිඳු ප්‍රනාන්දු සහ නිපුන් කරුණානායක නොදැවී ලකුණු 144ක් ද රැස් කළහ.
බම්බලපිටියේ පැවැත්වෙන පාණදුර සහ ඒස් කැපිටල් අතර තරගයේ දී ඒස් කැපිටල් කණ්ඩායමේ මෙලන් හංසක ලකුණු 41කට කඩුලු පහක් දවාලීමෙන් පාණදුර ඉනිම 249ක දී නිමා විය.
කෝල්ට්ස් පිටියේ පැවැත්වෙන හලාවත මේරියන්ස් – කෝල්ට්ස් තරගයේ දී කෝල්ට්ස් කණ්ඩායම ප්‍රථම ඉනිමේ දී මඳක් ඉදිරියෙන් පසු වේ.
මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මීගමුව – රාගම තරගයේ දෙවන දින නිම වන විටත් තවමත් පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙන මීගමුව කණ්ඩායම කඩුලු පහකට ලකුණු 190ක් ලබා සිටී. මේ තරගය ඇතුළු තරග සියල්ලටම වර්ෂාවෙන් සහ ඇඳිරි කාලගුණයෙන් බාධා ඇති විණි.
- පාණදුර – ඒස් කැපිටල් (මෙලාන් හංසක කඩුලු පහයි)
බම්බලපිටියේ පැවැත්වෙන මේ තරගයේ ප්‍රථම දිනයේ මුලින් පන්දුවට පහර දෙන පාණදුර තරගය නතර කරන විට කඩුලු හතරකට ලකුණු 182ක් ලබා සිටියත් අද (01) ඒස් කැපිටල් කණ්ඩායමේ මෙලන් හංසක දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 62කට කඩුලු පහක් දවාලීමෙන් පාණදුර මුල් ඉනිම 249කට සීමා විණි.
පාණදුර කණ්ඩායමේ රමිඳ විජේසූරිය දක්ෂ ලෙස පන්දුවට පහර දෙමින් ලකුණු 77ක් රැස් කළේ පන්දු 121ක දී හතරේ හයක් සමග ලකුණු 77ක් ලබා ගනිමිනි.
ඒස් කැපිටල් මුල් ඉනිමට පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙද්දී මේ වන විට කඩුලු 4ක් පමණක් ඉතිරිව තවත් ලකුණු 97ක් පිටුපසින් සිටී.
පාණදුර පළමු ඉනිම සියල්ල දැවී 249යි – (රමිඳ විජේසූරිය 77, ඕෂද ප්‍රනාන්දු 42, ඉරෝස් සමරසූරිය 37, රුමේෂ් බුද්ධික 31, කේෂර නුවන්ත 26, මෙලන් හංසක 41/5, රොෂාන් ජයතිස්ස 62/2, වනුජ සහන් 91/2යි)
ඒස් කැපිටල් පළමු ඉනිම දෙවන දින තරගය නිම වන විට කඩුලු 6ට 152යි – (පවන් වීරසිංහ 34, තනුක දාබරේ 33, රවිඳු රත්නායක නොදැවී 33, හිරාන් ජයසුන්දර 23, සකුන ලියනගේ 16, කේසර නුවන්ත 44/3, නිමේෂ් විමුක්ති 17/2)
- කෝල්ට්ස් – හලාවත මේරියන්ස් (කෝල්ට්ස් මඳක් ඉදිරියෙන්)
කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ දී හලාවත මේරියන්ස් පළමු ඉනිමේ රැස් කළ ලකුණු 210ට පිළිතුරු ලෙස කෝල්ට්ස් දෙවන දින තරගය නිම වන විට කඩුලු පහකට ලකුණු 142ක් රැස් කර මඳක් ඉදිරියෙන් පසු වේ.
කෝල්ට්ස් කණ්ඩායමේ අකිල ධනංජය (75/4) සහ දිල්ෂාන් මධුශංක (50/3) දක්ෂ පන්දු යැවීම හමුවේ හලාවත මේරියන්ස් පළමු ඉනිම ලකුණු 210ක දී නිමාවට පත්විණි.
කෝල්ට්ස් කණ්ඩායමේ මුදිත ලක්ෂාන් (පන්දු 60ට හතරේ 1යි හයේ 2යි) සහ ධනංජය ලක්ෂාන් (පන්දු 60ට හතරේ තුනයි) යන පිතිකරුවන් දෙදෙනා නොදැවී ලකුණු 33 සහ නොදැවී 32ක් ලබා දක්ෂ අයුරින් පන්දුවට පහර දෙමින් සිටිති.
හලාවත මේරියන්ස් පළමු ඉනිම සියල්ල දැවී 210යි – (කසුන් විදුර 49, රවීන් යසස් 43, විශ්ව චතුරංග 34, රජිඳ පුංචිහේවා 24, සුමිඳ ලක්ෂාන් 19, අකිල ධනංජය 75/4, දිල්ෂාන් මධුශංක 50/3, දුනිත් වෙල්ලාලගේ 30/2යි)
කෝල්ට්ස් පළමු ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට කඩුලු 5ට 142යි – (මුදිත ලක්ෂාන් නොදැවී 33, ධනංජය ලක්ෂාන් නොදැවී 32, සනෝජ් දර්ශික 30, ඇන්ජලෝ මැතිව්ස් 31, තීක්ෂල ද සිල්වා 23/2, සුමිඳ ලක්ෂාන් 17/2යි)
- බ්ලුම්ෆීල්ඩ් – බදුරලිය – (බ්ලුම්ෆීල්ඩ් සුවිශේෂ දක්ෂතා දක්වති)
බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ දී බ්ලුම්ෆීල්ඩ් පිතිකරුවන් සුවිශේෂි දක්ෂතා දැක්වුයේ පිතිකරුවන් දෙදෙනකු ශතකත් තවත් දෙදෙනකු අර්ධ ශතකත් රැස් කිරීමෙනි.
බ්ලුම්ෆීල්ඩ් ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත පන්දු 126ක දී හතරේ 11ක් හයේ දෙකක් සමග ලකුණු 119ක් ද අංක හතර පිතිකරු රවිඳු ප්‍රනාන්දු පන්දු 90ක දී හතරේ හතක් හයේ හතක් සමග කඩිනමින් නොදැවී ලකුණු 114ක් ද රැස් කළහ. අර්ධ ශතක රැස් කළ අංක තුන පිතිකරු අසිත වන්නිනායක පන්දු 79ක දී හතරේ පහක් හයේ පරහක් සමග ලකුණු 63ක් ද අංක පහ පිතිකරු නිපුන් කරුණානායක පන්දු 65ක දී හතරේ තුනක් හයේ පහරක් සමග නොදැවී ලකුණු 51ක් ද ලැබීය.
බදුරලිය දෙවන ඉනිමේ දී ගීත් කුමාර නොදැවී 35ක් ද ගිහාන් කොළඹගේ නොදැවී ලකුණු 29ක් ද ලබා සිටියහ.
බදුරලිය පළමු ඉනිම සියල්ල දැවී 87යි (19.5) – (චානක රුවන්සිරි 21, දුනිත් ජයතුංග 17, ගිහාන් කෝරලගේ 10, තරිඳු අමරසිංහ 09, ළහිරු මධුශංක 38/4, ඉසිත විජේසුන්දර 8/3, රවින් ප්‍රනාන්දු 31/3යි)
බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිම කඩුලු 3ට ලකුණු 365යි (ඉනිම නතර කළා) – (රොන් චන්ද්‍රගුප්ත 119, රවිඳු ප්‍රනාන්දු නොදැවී 114, අසිත වන්නිනායක 63, නිපුන් කරුණානායක නොදැවී 51, චානක රුවන්සිරි 66/1යි)
බදුරලිය දෙවන ඉනිම දෙවන දින තරගය නිම වන විට කඩුලු 4ට 128යි – (කවිඳු අමන්ත 42, ගීත් කුමාර නොදැවී 35, ගිහාන් කෝරලගේ නොදැවී 29, ජෙෆ්රි වැන්ඩසේ 38/2යි)
- මීගමුව – රාගම (තරගයට වර්ෂාවෙන් බාධා)
මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයට වර්ෂාවෙන් බාධා ඇති වු හෙයින් මේ වන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන මීගමුව ක්‍රීඩා සමාජය පමණක් කඩුලු පහකට ලකුණු 190ක් ලබා සිටී.
මීගමුව ආරම්භක පිතිකරු කවීන් ප්‍රනාන්දු පන්දු 84ක දී හතරේ හතරක් හයේ දෙකක් සමග ලකුණු 54ක් ද හිමාෂ ලියනගේ පන්දු 48ක දී හතරේ හතරක් හයේ දෙකක් සමග ලකුණු 53ක් ද ලැබීය.
රාගම කණ්ඩායමේ කල්හාර සේනාරත්න ලකුණු 59කට කඩුලු හතරක් දවාලුවේය.
මීගමුව පළමු ඉනිම ප්‍රථම දින නිම වන විට කඩුලු 5ට ලකුණු 190යි – (කවීන් ප්‍රනාන්දු 54, හිමාෂ ලියනගේ 53, පසිඳු ලක්ෂාන් 41, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 21, කල්හාර සේනාරත්න 59/4යි)