slc
logo
Home   |    News
අප්‍රේල් 6, 2025
කැන්ඩි පිල ලකුණු 303ක් ඉදිරියෙන්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි හා දඹුල්ල අතර තරග‍යේ අද (5) තෙවැනි දිනය නිමාවෙද්දී කැන්ඩි පිල ලකුණු 303ක් ඉදිරියෙන් සිටී.

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල කණ්ඩායමේ ආරාධනයෙන් මුලින් පන්දුවට පහරදුන් කැන්ඩි ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලකුණු 453ක් ලබාගත් අතර, ගෝල් පිල පළමු ඉනිමට ලකුණු 340ක් ලබා ගත්තේය. අද තෙවැනි දිනය නිමාවෙද්දී කැන්ඩි පිල කඩුලු 5කට ලකුණු 190ක් ලබා සිටී.

කැන්ඩි පිලේ අංක තුන පිතිකරු පවන්ත වීරසිංහ නොදැවී ලකුණු 74ක් හා රවිඳු ප්‍රනාන්දු නොදැවී ලකුණු 24ක් ලබා කඩුල්ලේ රැදී සිටිති. බිදවැටුණු කඩුලු 5න් 4ක්ම දඟ පන්දු යවන අකිල ධනංජය බිඳහෙලා ගැනීම කැපී පෙණුනි.

කැන්ඩි පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 260කට මුහුණදී හතරේ 19ක් සමඟ ලකුණු 202ක් ලබාගත් අතර, වමතින් පන්දුවට පහර දෙන සොහාන් ද ලිවේරා හතරේ පහර 17ක් සමඟ පන්දු 169කදී ලකුණු 142ක් ලබා ගැනීමට සමත් විය. මේ දෙදෙනා අතර, 5 වැනි කඩුල්ලට පන්දු 300කදී ලකුණු 245ක සබඳතාවක් ගොඩනැගීම කැපී පෙනුණි. අකිල ධනංජය ලකුණු 140කට කඩුලු 5ක් දවා ගත්තේය.

දඹුල්ල පළමු ඉනිමේ මුල් කඩුලු දෙක ලකුණු 49කදී බිදවැටී ගිය අතර, ධනංජය ද සිල්වා ‍නොදැවී ලකුණු 81 හා දසුන් ශානක නොදැවී ලකුණු 34ක් ලබා කඩුල්ලේ රැදී සිටිති.

තරගයේ අවසන් දිනය (6) හෙටයි.

කැන්ඩි පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 453 (ඕවර් 97)
පැතුම් නිස්සංක 202, පවන්ත වීරසිංහ 20, සොහාන් ද ලිවේරා 142, රවිඳු ප්‍රනාන්දු 37, අතිරේක 14 (දිනුර කළුපහන 64/2, අකිල ධනංජය 140/5, චමිඳු විජේසිංහ 59/3)

දඹුල්ල පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 340 (ඕවර් 84.4)
නිෂාන් මධුෂ්ක 31, රොන් චන්ද්‍රගුප්ත 17, ධනංජය ද සිල්වා 108, සහන් කෝසල 34, දසුන් ශානක 63, විෂාද් රන්දික 40 (ෂිරාන් ප්‍රනාන්දු 2/3, සහන් නානායක්කාර 125/2, අශේන් ඩැනියෙල් 109/4)

කැන්ඩි පිල දෙවැනි ඉනිම කඩුලු 5 ක් දැවී ලකුණු 190 (ඕවර් 53)
ජනිෂ්ක පෙ‍රේරා 27, පවන්ත වීරසිංහ නොදැවී 74, සොහාන් ද ලිවේරා 32, රවිඳු ප්‍රනාන්දු නොදැවී 24 (දිනුර කළුපහන 17/1, අකිල ධනංජය 73/4 )

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar