slc
logo
Home   |    News
මැයි 2, 2025
පුහුණුව සහ කැපවීමේ ප්‍රතිඵල ලැබුණා – අකිල

sinhala editor

 2025 නැෂනල් සුපර් ලීග් තරගාවලියට පෙර මෙන්ම තරගාවලිය අතරතුර සිදුකරන ලද දැඩි පුහුණුව සහ කැපවීමක ප්‍රතිඵලයක් ලෙස තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා සම්මානය පමණක් නොව තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානයද හිමිකර ගැනීමට අවස්ථාව උදාවූ බව දඹුල්ල කණ්ඩායමේ දකුණත් දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය සඳහන් කර සිටියේය.

 අකිල ධනංජය මේ තරගාවලියේ තරග හතරක දී කඩුලු 35ක් දවාලුවේ තරගයක දී කඩුලු නවයක් දවාලීමේ ආසන්නයටම පිවිසෙමිනි.

 දඹුල්ල කණ්ඩායම දිනකට පුහුණු වන කාලසීමාවට අමතරව තමා දිනකට පැය එකහමාරක් දෙකක් පමණම පන්දු යැවීමට අමතරව පුහුණු කටයුතුවල නිරතවීමෙන් වැඩි වාසියක් හිමි වු බව ද ඔහු පවසයි.

 තරග හතරක දී කඩුලු 35ක් දවාලීම මත හොඳම පන්දු යවන්නා වීමට ඉඩ ඇතැයි තමා සිතුවත් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස සම්මානය ලබතැයි අපේක්ෂා නොකළ බව කී අකිල ධනංජය එම සම්මාන දෙකම හිමිවීම පිළිබඳව නිහතමානීව සතුටු වන්නේ යැයි ද කියයි.

 මෙලෙස සම්මාන හිමිවීමේ ගෞරවයෙන් කොටසක් තමාගේ දඟපන්දු යවන පුහුණුකරුවන් දෙදෙනා වන සජීව වීරකෝන්ට සහ පියල් විජේතුංගට ද හිමි විය යුතු යැයි කී ඔහු පන්දුවට පහරදීමේ දී තමා අතින් සිදු වු යම් දුර්වලතා සකස් කරගෙන එම අංශය ද දියුණු කර ගැනීමට අපේක්ෂා කරන බව ද කීවේය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee