slc
logo
Home   |    News
මැයි 1, 2025
ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ඉනිමේ ශතක 3 ක්

sinhala editor

අබුඩාබි නුවර පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (මැයි 01 දා) ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ඉනිම වෙනුවෙන් ශතක 3 ක් වාර්තා කිරීමට පිතිකරුවන්  සමත්වීම කැපී පෙනිණ. නුවනිඳු ප්‍රනාන්දු (102), පසිදු සූරිය බණ්ඩාර (100*) සහ පවන් රත්නායක (100*) එසේ ශතක ලාභී පිතිකරුවෝ බවට පත්වූහ.

කඩුල්ලක් දැවී ලකුණු 98 ක් ලබාගෙන සිටියදී තෙවැනි දිනය ආරම්භ කළ ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අද දිනයේදී කඩුලු 4 කට ලකුණු 376 ක් ලබා ඉනිම අත්හිටුවූ අතර ඒ අනුව සත්කාරක ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට ලකුණු 615 ක අසීරු ඉලක්කයක් හිමිවිය.

අසීරුවූ සිව්වැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඇෆ්ගනිස්තානු කණ්ඩායම ලකුණු 132 ක් ලබා සිටින්නේ කඩුලු 3 ක් අහිමි කරගෙනය. ඒ අනුව ඔවුන්ට තරගයේ සිව්වැනි සහ අවසන් දිනය වන හෙට (02 දා) දිනයේදී තරග ජයග්‍රහණය සඳහා තවත් කඩුලු 7 කදී තවත් ලකුණු 483 ක් ලබා ගත යුතු වන අතර තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට නම් හෙට දිනයේදී යැවීමට නියමිත පන්දුවාර 90 ඇතුළත ඉතිරි කඩුලු 7 ආරක්ෂා කරගත යුතු වනු ඇත.

ඇෆ්ගනිස්තානු ‘ඒ‘ ඉනිමේ දැවී ගිය කඩුලු 3 න් 2 ක් පළමු ඉනිමේදී කඩුලු 6 ක් දවා ගනිමින් සුපිරි පන්දුයැවීමක නිරත වුණු ඉසිත විජේසුන්දර විසින් දවා ගත් අතර අනෙක් කඩුල්ල වමත් දඟ පන්දු යවන වනුජ සහන් විසින් දවා ගන්නා ලදී. ඇෆ්ගනිස්තානු ‘ඒ‘ ඉනිම වෙනුවෙන් නායක ඩව්රිෂ් රසෝලි පන්දු 91 කදී ලකුණු 59 ක් සහ කඩුලු රකින අෆ්සාර් සසායි පන්දු 80 කදී ලකුණු 51 ක් ලබා කඩුල්ලේ රැදී සිටිති.

ශ්‍රී ලංකා ‘ඒ‘ ඉනිමේ පළමු කඩුල්ල ලෙස කමිල් මිශාර ලකුණු 53 ක් ලබා සිටියදී උදෑෂන දැවී ගිය නමුත් අනතුරුව පිටියට පිවිසි සදීර සමරවික්‍රම (15) හැර ඇනෙක් පිතිකරුවන් තිදෙනාම ශතක වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනිණ. මෙහිදී පළමුවෙන්ම නුවනිඳු ප්‍රනාන්දු සිය ශතකය සම්පූර්ණ කළ අතර ඔහුු දැවී යන විට පන්දු 123 කට මුහුණ දෙමින් ලකුණු 102 ක් ලබා සිටියේ තම ඉනිම හතරේ ප හර 13 කින් සහ හයේ පහර 2 කින් සරසා ගනිමිනි.

අනතුරුව පිටියට පිවිස් නායක පසිඳු සූරියබණ්ඩාර පන්දු 133 කදී හතරේ පහර 8 ක් සමගින්ද පවන් රත්නායක පන්දු 106 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 2 ක් සමඟින් ලකුණු 100 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. ශ්‍රී ලංකා ‘ඒ‘ ඉනිමේ 79 වැනි පන්දුවාරයේදී පන්දු 5 ක් ඇතුළත මෙම පිතිකරුවන් යුගල ශතක වාර්තා කර ගැනීමත් සමඟ ශ්‍රී ලංකා දෙවැනි ඉනිම අත්හිටුවීමට පියවර ගනු ලැබීය. මොවුන් දෙදෙනා අතර පස්වැනි කඩුල්ලේ නොබිඳුණු සම්බන්ධතාවය ලකුණු 189 ක් විය.

ශ්‍රී ලංකා ‘ඒ‘ පළමු ඉනිම පන්දුවාර 100.2 කදී සියලු දෙනා දැවී ලකුණු 406 යි – (ළහිරු උදාර 107, කමිල් මිශාර 35, නුවනිඳු ප්‍රනාන්දු 17, පසිඳු සූරියබණ්ඩාර 11, සදීර සමරවික්‍රම 44, පවන් රත්නායක 19, සොනාල් දිනූෂ 104*, වනුජ සහන් 13, තරිඳු රත්නායක 10, ඉසිත විජේසුන්දර 19*, ඩිල්ෂාන් මදුශංක 08, බෂීර් අහමඩ් 77/4, සියුර් රෙහ්මාන් 93/2, සියුර් රෙහ්මාන් 54/1, ඉස්මිත් අලාම් 76/1)

ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පළමු ඉනිම පන්දුවාර 46.5 කදී සියලු දෙනා දැවී ලකුණු 168 යි – (සියූ රෙහ්මාන් 22, ඉස්මත් අලාම් 10, ශාම්ස් උර් රෙහ්මාන් 20, අෆ්සාර් සසායි 54, බහිර් ශා 21, ඉම්රාන් 13, ඉසිත විජේසුන්දර 35/6, තරිඳු රත්නායක 26/3, වනුජ සහන් 60/1)

ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ඉනිම පන්දුවාර 79 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 376 යි – (නුවනිඳු ප්‍රනාන්දු 102, කමිල් මිශාර 53, පසිඳු සූරියබණ්ඩාර 100*, පවන් රත්නායක 100*, සදීර සමරවික්‍රම 15)

ඇෆ්ගනිස්තානු ‘ඒ‘ දෙවැනි ඉනිම පන්දුවාර 34 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 132 යි – (අෆ්සාර් සසායි 51*, ඩව්රිෂ් රසෝලි 59*, ඉම්රාන් 15, ඉසිත විජේසුන්දර 34/2, වනුජ සහන් 48/1)

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee