slc
logo
Home   |    News
මැයි 13, 2025
වේග පන්දු යවන්නන් සොයන්න ශ්‍රී ලංකා ක්‍රිකට් පොලොන්නරුවේ දක්ෂතා ගවේෂණයක

sinhala editor

පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ වේගයෙන්ම පන්දු යැවිය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෑතකදී වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා ගවේෂණය කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.

පොලොන්නරුව රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම දක්ෂතා ගවේෂණ වැඩසටහන සඳහා දිස්ත්‍රික්කයේ පාසල් නියෝජනය කරනු ලබන ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60 දෙනෙකු මෙහිදී දිස්ත්‍රික් සහ පළාත් පුහුණුකරුවන්ගේ නෙත ගැටිණ. මේ සඳහා සහභාගිවුණු සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ඔවුන්ගේ වේග පන්දු යැවීමේ හැකියාව ඇගැයීම සඳහා වන කුසලතා තක්සේරු කිරීමක් සිදුකරන ලදී.

මෙම ඇගැයීම් කටයුතුවලින් පසුව තවදුරටත් සංවර්ධිත සංචිතය සඳහා දක්ෂ පන්දු යවන්නන් 20 දෙනෙකු තෝරාගනු ලැබීය. එසේ තෝරාගත් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළාත් සඳහා අනුයුක්ත කර ඇති පුහුණුකරුවන්ගේ මඟ පෙන්වීම යටතේ වැඩිදුරටත් පුහුණුව ලබන අතර, එහිදී වැඩි වශයෙන්ම එම වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා තවදුරටත් මුවහත් කරමින් සහ ඔවුන්ගේ සමස්ථ කාර්යය සාධනය වැඩි දියුණු කිරීම සඳහා අවධානය යොමු කෙරෙනු ඇත.

මේ අතරින් කැපී පෙනෙන දක්ෂතා දක්වමින් අඛණ්ඩ දියුණුවක් පෙන්නුම් කරනු ලබන ක්‍රීඩකයින් හට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දියත් කර ඇති ජාතික ක්‍රිකට් ගමන් මඟ යටතේ දිස්ත්‍රික් තුළ පිහිටුවා ඇති දිස්ත්‍රික් සංචිතවලට සම්බන්ධවීමට අවස්ථාව වඋදාවනු ඇත.

මෙම වැඩසටහනද ශ්‍රී ලංකාව පුරා විසිරී තිබෙන ග්‍රාමීය ප්‍රදේශවල සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා සොයා යෑම වෙනුවෙන් දියත් කර ඇති ‘ක්‍රිකට් ගමට‘ වැඩසටහනේ කොටසක් ලෙසින් පැවැත්වේ. මෙම වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා ගවේෂණ වැඩසටහන උතුරු මැද සහ වයඹ පළාත්වල දක්ෂතා ඇගැයීම් වෙනුවෙන් පත් කළ ඇති ලසන්ත ලක්මින්,  උතුරු මැද පළාත් කාන්තා පුහුණුකරු ලක්ෂිත හේරත් සහ උතුරු මැද පළාත් වේග පන්දු පුහුණුකරු සමන් සේනානායක යන මහත්වරුන් විසින් සිදු කරන ලදී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මඟ පෙන්වීම යටතේ උතුරු මැද පළාත් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන ලද මෙම දක්ෂතා ගවේෂණ වැඩසටහන දඹුල්ලෙහි පිහිටුවා තිබෙන විශිෂ්ඨතා මධ්‍යස්ථානයේ කලමනාකරු වන ක්‍රිෂාන් ආනන්දකුමාර් විසින් කලමණාකරණය කරන ලදී.

Active filters

Recent Posts

  • චන්දිමාල්ගේ වාර්තාව බිඳ දැමූ සෙනුජ තවත් වාර්තාවක් අභියස
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට තවත් සුවිශේෂී පිතිකරුවකු බිහිවෙමින් සිටින බවට ප්‍රබල සංඥාවක් ලබා දුන් යොවුන් ආරම්භක පිතිකරු සෙනුජ වෙකුණගොඩ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13දා) ආරම්භ වූ ඉන්දීය […]
  • ඉන්දීය යොවුන් පිලට එරෙහි සිව්දින අභියෝගය හෙට ගාල්ලේදී ඇරඹේ
    ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (13) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • සතියේ එකම පූර්ණ ජය චිලව් මේරියන්ස්ගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධානතම අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අටවැනි සතියේ පැවැති තරග අතරින් එකම පූර්ණ තරග ජය […]
  • ෂෙහස් සහ පවන් ශතක රැස් කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (11 දා) නිමාවට පත්වූ තරගය වුණු ඒස් කැපිටල් සහ […]
  • කුරුණෑගල යූත් අසීරුතාවයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (10) පැවැති ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත් කණ්ඩායම් අතර තරගයේ පළමු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee