slc
logo
Home   |    News
ජූනි 27, 2025
ඩිල්ෂාන් – සදීර – මිලාන් එක්දින සංචිතයට

sinhala editor

ආබාධයක් හේතුවෙන් ටෙස්ට් තරගාවලිය අහිමිවූ ළහිරු කුමාරට බංග්ලාදේශයට එරෙහිව ලබන ජූලි මස 02 වැනිදා ආරම්භ වන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාවද අහිමිව තිබුණද පළමු ටෙස්ට් තරගට ක්‍රීඩා කරන ලද තුන් ඉරියව් ක්‍රීඩක මිලාන් රත්නායකව ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවා තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 5 කට මිලාන් රත්නායක ක්‍රීඩා කර තිබුණත් ඔහුව එක්දින කණ්ඩායමකට මෙවර කැඳවා ඇත්තේ පළමු වතාවට වේ.

බංග්ලාදේශයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගය සඳහා මිලාන් රත්නායක ක්‍රීඩා කළ ද ඇළපත ප්‍රදේශයේ මස්පිඬු ඇදීමක් හේතුවෙන් ඔහුට මේ වන විටත් කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා නම් කරන ලද සංචිතයෙන් ඉවත් කරනු ලැබීය. කෙසේ වෙතත් ඔහුව එක්දින සංචිතයට එක් කොට ඇත්තේ ඉදිරියේදී පැවැත්වෙන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ඔහු සමත් වුවහොත් පමනි.

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට රත්නායකට අමතරව පිතිකරණ අංශය ශක්තිමත් කිරීමට සදීර සමරවික්‍රමවත් වේග පන්දු අංශය ශක්තිමත් කිරීම සඳහා වමත් වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංක සහ එෂාන් මාලිංගව නම් කිරීමට උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. මොවුන් තිදෙනා කණ්ඩායමට පැමිණීම නිසා ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගාවලියට ඇතුළත්ව සිටි නුවනිඳු ප්‍රනාන්දුට සහ මොහොමඩ් ශිරාස්ට සිය ස්ථානය අහිමිවී තිබේ.

සදීර අවසන් වතාවට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පැවැති තුන් කොන් ක්‍රිකට් තරගාවලියේදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් තරග 4 කදී ඉනිමක ලකුණු 197 ක් රැස් කළේය. ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 98.5 ක් රඳවා තබා ගැනීමට සමත් වූ දකුණත් පිතිකරුවා එම තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කරන ලද පිතිකරුවා බවට පත්වූවේය. එම තරගාවලියේදී නොදැවී රැස් කරන ලද ලකුණු 129 ඔහුගේ ඉහළම ලකුණු සංඛ්‍යාව වේ.

දෙරට අතර එක්දින තරගාවලිය ලබන ජූලි මස 02 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර දෙවැනි තරගය 05 වැනිදා පැවැත්වෙනු ඇත. ජූලි මස 08 වැනිදා පැවැත්වීමට නියමිත තෙවැනි තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම – චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, නිශාන් මදුෂ්ක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, මිලාන් රත්නායක, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සි, වනිඳු හසරංග, ඩිල්ෂාන් මදුශංක, අසිත ප්‍රනාන්දු, එෂාන් මාලිංග.

තරග කාලසටහන

ජූලි 02 – පළමු එක්දින තරගය – කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය

ජූලි 05 – දෙවැනි එක්දින තරගය – කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය

ජූලි 08 – තෙවැනි එක්දින තරගය – පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]
  • සොනාල් දිනූෂගෙන් සටන්කාමී ශතකයක්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී […]
  • දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පසුබසියි
    සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තුන් ඉරියව්වෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටීම නිසා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 83 ක පරාජයක් අත්විඳීමට […]
  • දෙවැනි විස්සයි-20ට පෙර ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ගැන පන්දු රැකීමේ පුහුණුකරුගේ තක්සේරුව
    ගෙවී ගිය වසර කීපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකි බව නොරහසකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතිය වැඩි දියුනු කිරීම කෙරෙහි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee