slc
logo
Home   |    News
ජූනි 28, 2025
යූත් ලීග් කිරුළට කොළඹ උතුර සහ දකුණ ගැටෙති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන රටපුරා දක්ෂ යොවුන් ක්‍රීඩකයින් සොයන ප්‍රධානතම තරගාවලිය වන අවුරුදු 19න් පහළ නැෂනල් යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට කොළඹ දකුණ කණ්ඩායම හා කොළඹ උතුරු කණ්ඩායම සමත් වූහ. එම අවසන් මහා තරගය අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ මස 30 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අද අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී කොළඹ දකුණ කණ්ඩායම විසින් මහනුවර කණ්ඩායම කඩුලු 3කින් පරාජයට පත්කළ අතර, සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී කොළඹ උතුරු කණ්ඩායම කඩුලු 1කින් ගාල්ල කණ්ඩායම පරාජයට පත් ක‍ළේය.

කොළඹ දකුණ – මහනුවර

කාසියේ වාසිය දිනාගත් කොළඹ දකුණු පිල මුලින් පන්දුවට පහරදීමට මහනුවර පිලට අවස්ථාව ලබාදුන් අතර, ඕවර් 35. 2කදී ලකුණු 157කට දවා ගැනීමට කොළඹ දකුණ පිල සමත් වූවේය. කොළඹ දකුණු පිල කඩුලු 7කදී ලකුණු 161ක් ලබා තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.

මෙම තරගාවලියේ අපරාජිතව මහනුවර කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසි අතර, එම ගමන කොළඹ දකුණ පිල නවතාලීමට සමත්වීම විශේෂත්වයකි. කොළඹ දකුණු පිලේ දිනෙත් පීරිස් ලකුණු 27කට කඩුලු 4ක් බිඳ හෙලා මහනුවර පිලේ බලාපොරොත්තු සුන් කළේය.

මහනුවර පිල සියලු දෙනා දැවී ලකුණු 157 (ඕවර් 35.2) – දිමන්ත මහාවිතාරණ 13, පුලීෂ තිලකරත්න 34, යෝෂිත ඉසුරංග 30, කවිජ ගමගේ 13,ආදම් හිල්මි 15, සෙත්මික සෙනෙවිරත්න නොදැවී 35 (දිනෙත් පීරිස් 27/4, දහම් නිර්මාල් 30/2)

කොළඹ දකුණු පිල කඩුලු 7කට ලකුණු 161 (ඕවර් 35.2) – රෙහාන් පීරිස් 11, සුවහස් ප්‍රනාන්දු 10, දිනෙත් පීරිස් 46, ජේසන් ප්‍රනාන්දු  27, ජොෂුවා සෙබස්තියන් නොදැවී 26, මලින්ත සිල්වා නොදැවී 16 (නිසල අබේරත්න 39/2, සෙත්මික සෙනෙවිරත්න 20/3, කවීජ ගමගේ 27/2)

කොළඹ උතුර – ගාල්ල

කාසියේ වාසිය දිනාගත් කොළඹ උතුර පිල මුලින් පන්දුවට පහරදීමට ගාල්ල පිලට අවස්ථාව ලබාදුන් අතර, ඕවර් 48. 1කදී කඩුලු 9කට ලකුණු 223ක් වාර්තා කිරීමට ගාල්ල පිල සමත් වූවේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ උතුර ක්‍රීඩකයෝ කඩුලු 9කට ලකුණු 223ක් ලබා ජයග්‍රහණය තහවුරු කර ගත්හ.

කොළඹ උතුරු පිලේ දිනෝෂ් ජෙලන් ගමගේ පන්දු 110කදී හයේ පහරක් හා හතරේ පහර 6ක් සමඟ අගනා ලකුණු 65ක් ලබා ජයග්‍රහණයේ මාවත විවර කළේය. ගාල්ල පිලේ දුල්සිත් දර්ශන පන්දු 85කදී හතරේ පහර 5ක් සමඟ ලකුණු 50ක් හා විරාන් චමුදිත පන්දු 67කදී හතරේ පහර 6ක් සමඟ ලකුණු 64ක් ලබා ගත්හ.

ගාල්ල පිල සියලු දෙනා දැවී ලකුණු 217 (ඕවර් 48.2) – දුල්සිත් දර්ශන 50, විශ්ව සුපුන් 17, විරාන් චමුදිත 64, චාමරිඳු නෙත්සර 13, ලිඳුල නෙත්මිණ 29, සදෙව් නෙත්මිණ නොදැවී 11 (මානස මධුභාෂණ 34/2, ඩුනික් පෙරේරා 46/3, චාමික හීනටිගල 28/3)

කොළඹ උතුරු පිල කඩුලු 9කට ලකුණු 223 (ඕවර් 48.2) – පූර්ණ කල්හාර 19, චාමික හීනටිගල 35, දිනෝෂ් ජෙලන් ගමගේ 65, මානස මධුභාෂණ 35, කිත්ම විතානපතිරණ නොදැවී 21 (මලිත් ද සිල්වා 31/2, සදෙව් නෙත්මිණ 42/4, ලිඳුල නෙත්මිණ 48/2)

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]
  • සොනාල් දිනූෂගෙන් සටන්කාමී ශතකයක්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී […]
  • දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පසුබසියි
    සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තුන් ඉරියව්වෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටීම නිසා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 83 ක පරාජයක් අත්විඳීමට […]
  • දෙවැනි විස්සයි-20ට පෙර ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ගැන පන්දු රැකීමේ පුහුණුකරුගේ තක්සේරුව
    ගෙවී ගිය වසර කීපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකි බව නොරහසකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතිය වැඩි දියුනු කිරීම කෙරෙහි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee