slc
logo
Home   |    News
ජූලි 5, 2025
මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්

sinhala editor

සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල සී. සී. සී. කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට මුවර්ස් කණ්ඩායම අද (05 දා) පස්වරුවේ සමත්විය.

සී.සී.සී. ක්‍රීඩා පිටියේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සදහා ලකුණු 316 ක ඉලක්කයක් හඹා ගිය මුවර්ස් කණ්ඩායම අදාළ ඉලක්කය පන්දු 21 ක් ඉතිරිව රැස් කර ගන්නා ලද්දේ කඩුලු 3ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි.

‍මුවර්ස් පිල වෙනුවෙන් කැපී පෙනෙන පිතිහරඹයක් දියත් කළ අංක 3 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි සිතාර ගිම්හාන පන්දු 115 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 158 ක් රැස් කර ගත්තේ සිය ඉනිම නොබිඳිව තබා ගනිමිනි. හයේ පහර 12 ක් සහ හතරේ පහර 6 ක් සිය ඉනිමට එකතු කළ වමත් පිතිකරුවා රමේෂ් මෙන්ඩිස් සමග එක්වූයේ මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 89 කට කඩුලු 3 ක් බිඳ වැටී තිබියදීය. මොවුන් දෙදනො විසින් රැස් කරන ලද සිව්වැනි කඩුල්ලේ නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව සදහා ඔවුන් වැය කර තිබුණේ පන්දු 203 ක් පමණි.

ඔහුට අනගි සහායක් ලබා දුන් අංක පහ පිතිකරු රමේෂ් මෙන්ඩිස් පන්දු 99කට මුහුණ දී හතරේ පහර දෙකක් හයේ පහරක් සමග නොදැවී ලකුණු 70ක් රැස් කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු වන තෙක් සිතර සමඟ කඩුල්ලේ රැදී සිටියේය.

පළමුව පන්දුවට පහර දුන් සී. සී. සීි. කණ්ඩායම වෙනුවෙන් අංජල බණ්ඩාර හතරේ පහර 10 ක් සමගින් පන්දු 99 කදී නොදැවී ලකුණු 101 ක් ලබා ගත්තේය. මෙම ඉනිම ප්‍රධාන කොට සී. සී. සී. කණ්ඩායමට කඩුලු 8 කට ලකුණු 316 ක් රැස් කර ගැනීමට අවස්ථාව උදාවිය.

මුවර්ස් කණ්ඩායමේ සිතාර ගිම්හාන සහ සි. සී. සී. කණ්ඩායමේ අංජල බණ්ඩාරට අමතරව මෙදින තවත් පිතිකරුවන් තිදෙනකු ශතක වාර්තා කිරීම කැපී පෙනිණ. කෝල්ට්ස් කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් (120) සහ සංගීත් කුරේ (100) සහ බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමේ තරිඳු හර්ෂණ (109*) අද දිනයේදී සෙසු ශතක ලද පිතිකරුවෝ වූහ.

නුගේගොඩ ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී ජයග්‍රහණය සදහා ලකුණු 179 ක ඉලක්කයක් හමා ගිය බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය වූ තරිඳු හර්ෂණ සහ රොන් චන්ද්‍රගුප්ත එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 182 ක් රැස් කරමින් තම කණ්ඩායමට කඩුලු 10 ක විශීෂ්ඨ ජයක් රැගෙන ආහ. මෙහිදී චන්ද්‍රගුප්තගේ දායකත්වය ලකුණු 63 ක් විය. මීට අමතරව අද පැවැති තරග වලදී එන්.සී.සී., ටැමිල් යුනියන්, පොලීසිය,  සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජ ජයග්‍රහණය වාර්තා කළහ.

සී.සී.සී. පන්දුවාර 50දී කඩුලු 8ට 316යි – (අංජල බණ්ඩාර නොදැවී 101, පවන් සංදේශ් 57, දිනුක් කරන්නාගොඩ 42, ධනංජය ද සිල්වා 41, සහන් කෝසල 19, හසිත් රත්නායක 29/3, හිවින් කෙනුල 46/2, මල්ෂා තරුපති 40/2)

මුවර්ස් පන්දුවාර 46.3ක දී කඩුලු 3ට 317යි – (සිතාර ගිම්හාන් නොදැවී 158, රමේෂ් මෙන්ඩිස් නොදැවී 70, ජනිෂ්ක පෙරේරා 48, ෂොහාන් ඩි ලිවේරා 16, චතුරංග ද සිල්වා 47/2, චමිඳු විජේසිංහ 42/1යි)

  • එන්.සී.සී. පිල කඩුලු හතකින් ජය ගනියි

 එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී ඒස් කැපිටල් කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය.

 එන්.සී.සී. කණ්ඩායමේ ලසිත් ඇඹුල්දෙණිය (35/3) රනුක මලවිආරච්චි (47/3) පන්දු යැවීමේදීත් ජීවක ශාලිත් පන්දු 68ක දී හතරේ පහර හතරක් හයේ පහර තුනක් සමග ලකුණු 65ක් ද කෙවින් බණ්ඩාර ලකුණු 58ක් ද ලබා කණ්ඩායමේ ජයග්‍රහණයට වැඩි දායකත්වයක් ලබා දුන්හ.

  ඒස් කැපිටල් පන්දුවාර 49.1දී සියල්ල දැවී 212යි – (තනුජ රාජපක්ෂ 58, රවීන් ද සිල්වා 30, නිමේෂ ගුණසිංහ 26, රනේෂ් සිල්වා 18, විනුෂ්ක සිල්වා 16, අනුක විජේවර්ධන 18, ප්‍රවීන් මැතිව් 17, ලසිත් ඇඹුල්දෙණිය 35/3, රනුක මලවිආරච්චි 47/3, චාමික කරුණාරත්න 29/2)

 එන්.සී.සී. පන්දුවාර 35ක දී කඩුලු 3ට 215යි – (ජීවක ශාලිත් 65, කෙවින් බණ්ඩාර 58, ගුවිරු සෙන්හස් නොදැවී 34, දිනෙත් ගුණවර්ධන නොදැවී 25, අහන් වික්‍රමසිංහ 24, ට්‍රෙවින් මැතිව් 37/1, රවීන් ද සිල්වා 38/1)

  • ටැමිල් යුනියන්ට කඩුලු 8කින් ජය

 පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී ටැමිල් යුනියන් කණ්ඩායමේ විජය කාන්ත් වියස් කාන්ත් ලකුණු 21කට කඩුලු 4ක් ද තීෂාන් විදුෂාන් ලකුණු 26කට කඩුලු තුනක් ද දවාලීමෙන් පාණදුර ඉනිම ලකුණු 174කට සීමා විණි. පසුව ටැමිල් යුනියන් කණ්ඩායමේ මිනෝද් භානුක පන්දු 70කට මුහුණ දී හතරේ පහර නවයක් හයේ පහරක් සමග නොදැවී ලකුණු 74ක් ලබා පහසු ජයග්‍රහණයට අඩිතාලමක් දැමීය.

 පාණදුර ක්‍රීඩා සමාජය පන්දුවාර 47 දී සියල්ල දැවී 174 – (සෙනිත කොළඹගේ නොදැවී 43, ඕෂද ප්‍රනාන්දු 40, දුරංක සිල්වා 25, කවිඳු අමමෙත් 18, සසිඳු මල්ෂාන් 12, නිසල තාරක 10, විජය කාන්ත් වියස් කාන්ත් 21/4, තීෂාන් විදුෂාන් 26/3, සචිත ජයතිලක 21/3)

 ටැමිල් යුනියන් පන්දුවාර 26.4ක දී කඩුලු 2ට 175යි – ( මිනෝද් භානුක නොදැවී 74, විහස් තෙව්මික නොදැවී 38, සිනෙත් ජයවර්ධන 50, දිල්ෂාන් මධුවන්ත 19/1, සෙනිත හැළඹගේ 48/1)

  • පොලීසියට ලකුණු තුනක ජයක්

 පොලිස් ක්‍රීඩා සමාජයේ ප්‍රියමාල් පෙරේරා පන්දු 78ක දී හතරේ හයක් හයේ දෙකක් සමග ලකුණු 75ක් රැස් කර පසුව ලකුණු 52කට කඩුලු තුනක් දවා තුන් ඉරියව්වේම දැක් වු දක්ෂතා මත පොලීසියට ලකුණු තුනක ජයක් අත්විණි.

 මේරියන්ස් කණ්ඩායම ලකුණු 249ක ජයග්‍රහණයක් හඹායද්දී ආරම්භක පිතිකරු තනුක දාබරේ ලකුණු 73ක් ද අංක තුන පිතිකරු තරිඳු අබේසිංහ ලකුණු 72ක් ද ෂම්මු අෂාන් ලකුණු 49ක් ද රැස් කළත් ඔවුන්ගේ ඉනිම ලකුණු 245ක දී නිමාවට පත්විණි.

 පොලීසිය පන්දුවාර 50දී කඩුලු 7ට 248යි – (ප්‍රියමල් පෙරේරා 75, දනුජ ඉඳුවර 63, විෂාඩ් රන්දික 55, රශ්මික හිරුෂාන් නොදැවී 40, නිම්සර අතරගල්ල 36/2, හිරුෂ්ක තිමිර 52/2, තනුක දාබරේ 38/1)

හලාවත මේරියන්ස් පන්දුවාර 48.4 සියල්ල දැවී 245 – (තනුක දාබරේ 73, තරිඳු අමරසිංහ 72, ෂම්මු අෂාන් 49, ඉරාන් ජයසුන්දර 20, දිලුම් සුධීර 30/3, ප්‍රියමල් පෙරේරා 52/3යි)

  • කෝල්ට්ස් පිලට දැවැන්ත ජයක්

 කුරුණෑගල තරුණ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දීම කෝල්ට්ස් පිලට පැවරීය. කෝල්ට්ස් කණ්ඩායමේ අංක තුන පිතිකරු දිනේෂ් චන්දිමාල් පන්දු 89ක දී හතරේ 13ක් හයේ හතරක් සමග ලකුණු 120ක් ද ආරම්භක පිතිකරු සංගීත් කුරේ පන්දු 141ක දී හතරේ දහයක් සමග ලකුණු 100ක් ද රැස් කළහ.  දෙවන කඩුල්ලට දිනේෂ් චන්දිමාල් සහ සංගීත් කුරේ ලකුණු 199ක සබඳතාවයක් තබා ගත්තේ පන්දුවාර 28.5ක දීය.

 කුරුණෑගල තරුණ පන්දුවට පහර දෙද්දී කෝල්ට්ස් කණ්ඩායමේ අකිල ධනංජය ලකුණු නවයකට කඩුලු හතරක් දවා දක්ෂ පන්දු යැවීමක නිරත විය.

 කෝල්ට්ස් ක්‍රිකට් සමාජය පන්දුවාර 50දී කඩුලු 5ට 316යි – (දිනේෂ් චන්දිමාල් 120, සංගීත් කුරේ 100, රවිඳු රසන්ත 43, රනුල් ගුණරත්න 58/2, අයේෂ් මධුශංක 61/2)

 කුරුණෑගල තරුණ පන්දුවාර 22.5ක දී සියල්ල දැවී 67යි – (ගයාන් වීරසිංහ 30, ලක්වින් අබේසිංහ 17, අකිල ධනංජය 9/4, අවිෂ්ක අංජුල 10/3, ධනංජය ලක්ෂාන් 23/2යි)

  • බ්ලුම්ෆීල්ඩ් පිලට විශිෂ්ඨ ජයක්

 බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනු නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක කණ්ඩායම මුලින් පන්දුවට පහර දීමට තීරණය කළේය. රවිඳු ප්‍රනාන්දු (28/3) තරිඳ ගුණරත්න (22/2) ආදිත්‍ය රණවීරගේ (26/2) දක්ෂ පන්දු යැවීම හමුවේ නුගේගොඩ පන්දුවාර 46.1ක දී සියල්ල දැවී රැස් කළේ ලකුණු 179කි.

 බ්ලුම්ෆීල්ඩ් පන්දුවට පහර දෙද්දී ආරම්භක පිතිකරු යුගල තරිඳු හර්ෂණ නොදැවී ලකුණු 109ක් ද (පන්දු 107 හතරේ 13යි හයේ පහරයි) රොන් චන්ද්‍ර ගුප්ත නොදැවී ලකුණු 63ක් ද (පන්දු 96යි හතරේ දෙකයි) රැස් කරමින් පහසු ජයක් වාර්තා කළහ.

 නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය පන්දුවාර 46.1ක දී සියල්ල දැවී 179 – (අක්රම් මුතාලිබ් 41, රාහුල් ගුණසේකර 31, පැතුම් කුමාර 22, සුවත් මෙන්ඩිස් 18, දිල්ෂාන් අබේසිංහ 18, තිලකරත්න සම්පත් 15, රවිඳු ප්‍රනාන්දු 28/3, තරිඳ ගුරුගේ 22/2, ආදිත්‍ය රණවීර 26/2)

බ්ලුම්ෆීල්ඩ් පන්දුවාර 33.5ක දී කිසිවකු නොදැවී 182යි – (තරිඳු හර්ෂණ නොදැවී 109, රොන් චන්ද්‍ර ගුප්ත නොදැවී 63)

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]
  • සොනාල් දිනූෂගෙන් සටන්කාමී ශතකයක්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී […]
  • දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පසුබසියි
    සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තුන් ඉරියව්වෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටීම නිසා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 83 ක පරාජයක් අත්විඳීමට […]
  • දෙවැනි විස්සයි-20ට පෙර ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ගැන පන්දු රැකීමේ පුහුණුකරුගේ තක්සේරුව
    ගෙවී ගිය වසර කීපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකි බව නොරහසකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතිය වැඩි දියුනු කිරීම කෙරෙහි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee