slc
logo
Home   |    News
ජූලි 14, 2025
දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පසුබසියි

sinhala editor

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තුන් ඉරියව්වෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටීම නිසා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 83 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකාවට සිදුවිය. ඒ සමඟම තරග 3 කින් සමන්විත දෙරට අතර විස්සයි-20 තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට රැගෙන ඒමට සංචාරකයින් සමත්විය.

පළමුවෙන් පන්දුවට පහර දෙමින් බංග්ලාදේශ පන්දු යවන්නන් කඩුලු 7 ක් දැවී ලබා දුන් ලකුණු 178 ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට, ප්‍රතිවාදී පන්දු යවන්නන් හමුවේ රැස්කරගත හැකි වූයේ පන්දුවාර 15.2 කදී සියලු දෙනා දැවී ලකුණු 94 ක් පමණි. එය ශ්‍රී ලංකා කණ්ඩායමක් සිය මව්බිමේදී පැවැති විස්සයි-20 තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් සනිටුහන් විය.

ජයග්‍රහණය හඹා යෑමේදී ඉදිරි පෙළ කඩුලු 4 ම ලකුනු 30 කට බිඳ වැටීම ශ්‍රී ලංකාවට ප්‍රධානම පාඩුවක් විය. පැතුම් නිස්සංකට එක් වූ දසුන් ශානක ශ්‍රී ලංකා ලකුණු පුවරුව 71 දක්වා ඉහළ දැමූ නමුත් සීමා ඉරෙන් ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට පැතුම් නිස්සංක දරන ලද උත්සාහය, ස්ටම්ප් කිරීමකින් හමාර විය.

එතැන් පටන් ශ්‍රී ලංකා ඉනිම හමාරවීම සදහා වන කඩුලු හයම බිඳ වැටීමට ගත වූයේ ලකුණු පුවරුව ලකුණු 23 ක් ක්‍රියාත්මක වන කාලය  පමණි.

කාසියේ වාසිය තමන් සතු වුවද රංගිරි දඹුලු තණතීරුවේදී ශ්‍රී ලංකා නායකයාගේ තීරණය වූයේ හඹා ගොස් ජය ගැනීමය. එම තීරණය සාධාරණයක් ඉටු කළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ දෙවැනි පන්දුවාරය නිමා වන විටම ප්‍රතිවාදී පිලේ කඩුලු 2 ක් ලකුණු 07 ක් ඇතුළත බිම දමා ගත්තේය. කෙසේ වෙතත් නායක ලිටන් දාස්ට එක් වූ තව්හිඩ් රිඩෝයි පන්දු 55 කින් ලකුණු 69 ක් එක් කරමින් බංග්ලාදේශ ඉනිම ඔසවා තැබූහ.

එතැන් පටන් තරගයේ වාසිය තමන් වෙත නතු කර ගත් බංග්ලාදේශ පිතිකරුවෝ අවසන් පන්දුවාර 8 දී ලකුණු 97 ක් එක් කරගත්හ. එහිදී ලිටන් දාස්ට එක් වූ ශමීම් හොසේන් පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී වේගවත් ලකුණු77 ක් රැස් කළහ. 19 වැනි පන්දුවාරයේදී එම කඩුල්ලේ සම්බන්ධතාව බිඳ වැටෙන විට ලිටන් දාස් පන්දු 49 කදී ලකුණු 76 ක් ලබා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියේය.  ඔහුට අනගි සහායක් ලබා දුන් ශමීම් හොසේන් පන්දු 27 කින් ලකුණු 48 ක් රැස් කර ගත්තේ තම ඉනිම හතරේ පහර 5 කින් සහ හයේ පහර 2 කින් වර්ණවත් කර ගනිමිනි.

තරගාවලියේ තීරණාත්මක තෙවැනි විස්සයි-20 තරගය ලබන බදාදා (16 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

බංග්ලාදේශය පන්දුවාර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 177 යි – (ලිටන් දාස් 76, ශමීම් හොසේන් 48, තව්හිද් රිදෝයි 31, ටැන්සිඩ් හසන් 05, පර්වේස් හොසේන් 00, මෙහෙදි හසන් 01, ජේකර් අලී 03, රිෂාඩ් හොසේන් 00*, මොහොමඩ් සයිෆුඩීන් 06*, බිනුර ප්‍රනාන්දු 31/3, 30/1, මහීෂ් තීක්ෂණ 30/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 15.2 කදී සියලු දෙනා දැවී ලකුණු 94 යි – (පැතුම් නිස්සංක 32, කුසල් මෙන්ඩිස් 08, කුසල් පෙරේරා 00, අවිශ්ක ප්‍රනාන්දු 02, චරිත් අසලංක 05, දසුන් ශානක 20, චාමික කරුණාරත්න 00, ජෙෆ්රි වැන්ඩර්සේ 08, මහීෂ් තීක්ෂණ 06, බිනුර ප්‍රනාන්දු 06, නුවන් තුෂාර 00*, ෂොරිෆුල් ඉස්ලාම් 12/2, මොහොඩ් සයිෆුඩීන් 21/2, රිෂාඩ් හොසේන් 18/3, මුස්තෆිසූර් රෙහ්මාන් 14/1, මෙහෙදි හසන් මිරාස් 26/1)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee