slc
logo
Home   |    News
ජූලි 23, 2025
පිතිකරුවන්ගේ රජදහනක් වෙමින් දෙවැනි සිව්දින තරග ජය පැරදුමෙන් තොරවෙයි

sinhala editor

ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය යටතේ ඩාර්වින් හි මරරා ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් තරගය අද (23 වැනිදා) ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. ඒ අනුව තරග 2 කින් සමන්විත තරගාවලිය 0-0 ක් ලෙස සමව අවසන් විය.

සිව්වැනි දිනය මුලු මනින්ම තමන්ගේ දිනයක් බවට පත් කර ගත් ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායමේ නායක ජේසන් සංගා නොදැවී රැස් කරන ලද ලකුණු 202 ක ද්විත්ව ශතකය සමග සිව්වැනි දිනයේදී ඔස්ට්‍රේලියානු ඒ ඉනිම මටහන් වූයේ කඩුලු 4 ක ලකුණු 558 ක් ලෙසිනි.

ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී රැස් කරන ලද ලකුණු 485 ක පළමු අභිබවා යෑම සඳහා ලකුණු 106 ක් පිටුපසින් සිටි සිය සිව්වැනි දිනය ඇරඹූ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම, තෙවැනි දිනය මෙන්ම සිව්වැනි දිනයේදීද තරගය අවසන් වන තෙක්ම පන්දුවට පහර දුන්නේය.

දිනය ආරම්භයේදී නොදැවී ලකුණු 121 ක් ලබා සිටි ඔස්ට්‍රේලියානු ‘ඒ‘ නායකයා තම ඉනිම ලකුණු 202 දක්වා ඉහළ දමා ගත්තේ පන්දු 379 ක් දක්වා සිය ඉනිම ඉදිරියට රැගෙන යමිනි. ඔහු ක්‍රීඩා කරන ලද මෙම ඉනිමේ විශේෂත්වය වූයේ රැස් කරන ලද ලකුණු 202 න් ලකුණු 54 ක්  පමණක් හයේ (1) සහ හතරේ (12) පහර වලින් රැස් කරගත් අතර සෙසු ලකුණු 148 ම කඩුලු අතර දිව යමින් රැස් කරන ලද ලකුණු ඒවා වීමයි. මෙය ඔහුගේ පිතිකරණයේ සතු දක්ෂතාවයට අමතරව ඔහු සතුව තිබෙන අධිෂ්ඨානශීලීත්වම මෙන්ම ඉවසීම කොතෙක්ද යන්න පිළිබඳ ව වන හොඳම මිණුම් දණ්ඩයක් ලෙස සැලකිය හැක.

අද දිනයේදී නායකයාට අගනා සහයෝගයක් ලබා දුන් අංක 5 පිතිකරු ඔලිවර් පීක් ද  ලකුණු 92 ක් ලබා ගත්තද ඔහු නිශාන් පීරිස්ගේ දෙවැනි ගොදුරු බවට පත්වෙමින් ශතකයට ලකුණු 08 ක් තිබියදී දැවී ගියේය. පන්දු 178 කින් සමන්විත වුණු ඔහුගේ ඉනිමට හතරේ පහර 6 ක් පමණක් ඇතුළත් වූ අතර ඔහු සහ සංගා අතර සිව්වැනි කඩුල්ල වෙනුුවෙන් ගොඩනැංවුණු ලකුණු සංඛ්‍යාව 165 ක් විය.

මොවුන් දෙදෙනාගේ ඉවසිලිවන්ත සහ විනියගරුක වූ පිතිහරඹය හේතුවෙන් පළමු ඉනිමේ වූ අඩුපාඩුව මකා දමමින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට වඩා සැලකිය යුතු පරතරයක් හෙවත් ලකුණු 73 කින් ඉදිරියට පිවිස සිටියේ කඩුලු 6 ක් අත ඉතිරිව තබාගෙනය.

ශ්‍රී ලංකා පිල ඉදිරියට රැගෙන ඒම වෙනුවෙන් පිට දඟ පන්දු යවන නිශාන් පීරිස් දැඩි වෙහෙසක් දැරූ අතර ඔහු ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 48 දී කඩුලු 2 ක් බිඳ හෙළන ලද්දේ පන්දුවාරයක ලකුණු 03 කට නවතාලමිනි. ඔහුට එරෙහිව ප්‍රතිවාදී පිතිකරුවෝ රැස් කර ගැනීමට සමත්ව සිටියේ ලකුණු 144 ක් පමණි.

ශ්‍රී ලංකා ‘ඒ‘  පන්දුවාර 157 කදී කඩුලු 6 ට ලකුණු 485 යි – පවන් රත්නායක 122, නුවනිඳු ප්‍රනාන්දු 102, කමිල් මිශාර 81, සොනාල් දිනූෂ 88, සොහාන් ඩි ලිවේරා 50*, පසිදූ සූරියබණ්ඩාර 08, ළහිරු උදාර 10, ශිරාන් ප්‍රනාන්දු 04*, මිචෙල් පෙරී 61/1, ලියම් ස්කොට් 28/1, හෙන්රි ත්‍රොන්ටන් 39/1, සෙන්ඩන් ජේ 132/3)

ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 161 කදි කඩුලු 4 ක් දැවී ලකුණු 558 යි – (ජේක් වෙදරල්ඩ් 183, කර්ටිස් පැටර්සන් 59, නේතන් මැක්ස්වීන් 12, ජේසන් සංගා 202*, ඔලිවර් පීක් 92*, නිශාන් පීරිස් 144/2, අසංක මනෝජ් 71/1, නුවනිඳු ප්‍රනාන්දු 44/1)

ඔස්ට්‍රේලියාව ‘ඒ’ – 558/4 (161) ජේසන් සංගා 202*, ජේක් වෙදරල්ඩ් 183, ඔලිවර් පීක් 92, කුර්ටිස් පැටර්සන් 59,ලියම් ස්කොට් 08*, නිශාන් පීරිස් 2/144, නුවනිදු ප්‍රනාන්දු 1/44, අසංක මනෝජ් 1/71

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee