slc
logo
Home   |    News
ජූලි 15, 2025
ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්

sinhala editor

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී ඕස්ට්‍රේලියානු ‘ඒ’ කණ්ඩායම අර්ධ ශතක 5ක් සමඟ ලකුණු 486ක් ලබා ප්‍රබල තත්ත්වයකට පත් වූවේය.

තෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා ‘ඒ‘ පිල කඩුල්ලක් දැවී ලකුණු 49ක් ලබා සිටි හෙයින් ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිලට වඩා තවත් ලකුණු 165ක් පසුපසින් සිටී. ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පළමු ඉනිමේදී කැපී පෙණෙන ඉනිමක් ක්‍රීඩා කළ සොනාල් දිනූෂගේ ශකයත් සමඟ ලකුණු 272ක් වාර්තා කිරීමට සමත් වූවේය.

ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිලේ නේතන් මැක්ස්වීනි සහ ලියම් ස්කොට් යන දෙදෙනාම ලකුණු 94 බැගින් ලබා ගනිමින් ශතක පෙනීපෙනී දැවීගිය අතර, ජොෂ් පිලිප් ලකුණු 85ක්, මිචෙල් පෙරී  ලකුණු 61 ක් සහ ජේක් වෙදරල්ඩ් ලකුණු 54ක් සත්කාරක කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීමට වැදගත් දායකත්වයක් ලබා දුන්හ.

ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිලේ කඩුලු 4ක් ලකුණු 127කට දැවීගොස් තිබියදී ලියම් ස්කොට් හා නේතන් මැක්ස්වීනි පන්දු 220කදී ලකුණු 114ක සබඳතාවක් 5 වැනි කඩුල්ලට එක්කළ අතර, 6 වැනි කඩුල්ලට ලියම් ස්කොට් හා ජොෂ් පිලිප් පන්දු 174කදී ලකුණු 98ක් එක් කිරීමෙන් ලකුණු පුවරුව ඉහළ ගියේය.

ශ්‍රී ලංකා ‘ඒ‘ පිලේ ශතකයක් ලබාගත් වමත් දඟ පන්දු යවන සොනාල් දිනූෂ පන්දු යැවීමේ දක්ෂතා ප්‍රදර්ශනය කරමින්, කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. නිශාන් පීරිස් හා ප්‍රමෝද් මධුෂාන් කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

තරගයේ සිව්වැනි සහ අවසාන් දිනය හෙටයි (16).

ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 272 (ඕවර් 82)

කමිල් මිෂාර 12, නුවනිඳු ප්‍රනාන්දු 34, පසිඳු සූරියබණ්ඩාර 20, සොනාල් දිනූෂ නොදැවී 105, විශාද් රන්දික 27, ඉසිත විජේසුන්දර 33, අතිරේක 25 (ලියම් ස්කොට් 27/2, හෙන්රි ටොරොන්ටොන් 31/2, නේතන් මැක්ස්වෙනි 51/2)

ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 486 (ඕවර් 161.4)

ජේක් වෙදරල්ඩ් 54, නේතන් මැක්ස්වීනි 94, කුර්ටිස් පැටර්සන් 19, ලියම් ස්කොට් 94, ජොෂ් පිලිප් 85, මිචෙල් පෙරී  61, සැන්ඩෙන් ජේ 27, ලොයිස් ස්මිත් 15 ( නිශාන් පීරිස් 137/2, ප්‍රමෝද් මධුෂාන් 82/3, සොනාල් දිනූෂ 97/4)

ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම දෙවැනි ඉනිම කඩුලු 1කට ලකුණු 49 (ඕවර් 13)

ළහිරු උදාර 17, කමිල් මිෂාර නොදැවී 26, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 4 (හෙන්රි ටොරොන්ටොන් 16/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee