slc
logo
Home   |    News
ජූලි 16, 2025
දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

sinhala editor

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දිනේෂ් චන්දිමාල් සහ කමිදු මෙන්ඩිස්ව කැඳවමින් අවතීර්ණව සිටිති.

අංක 4 පිතිකරණ ස්ථානයෙන් දිගින් දිගටම අසාර්ථක වුණු අවිශ්ක ප්‍රනාන්දුගේ ස්ථානය සදහා චන්දිමාල්ව ආදේශ කර ඇති අතර චමික කරුණාරත්නගේ ස්ථානයට කමිදු මෙන්ඩිස්ව ආදේශ කර තිබේ.

ඒ අනුව දිනේෂ් චන්දිමාල් පන්දුවාර විස්සයි-20 තරගයකට ක්‍රීඩා කරනු ලබන්නේ වසර 3 ක කාලයකින් පසුව වීම විශේෂත්වයක් වේ. ඉන්දියාවට එරෙහිව 2022 වසරේදී ධර්මශාලාහි පැවැති තරගය චන්දිමාල්ගේ අවසන් ජාත්‍යන්තර විස්සයි-20 තරගය පත්ව තිබේ.

බංග්ලාදේශ කණ්ඩායමද වෙනස්කම් දෙකක් සිදුකරමින් තරගයට අවතීර්ණව සිටින අතර එහිදී මෙහිදි හසන් මිරාස් වෙනුවට මෙහෙදි හසන්ද මොහොමඩ් සයිෆුඩීන් වෙනුවට ටන්සිම් හසන් ද බංග්ලාදේශ කණ්ඩායමට එක්ව සිටිති.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee