slc
logo
Home   |    News
අගෝස්තු 27, 2025
ශ්‍රී ලංකා යූත් ලීග් අවු. 17 න් පහළ අවසන් සටනට කොළඹ උතුර සහ දකුණ සුදුසුකම් ලබති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 17 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් සීමිත පන්දුවාර පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග දෙකටම වර්ෂාවෙන් බාධා ඇතිවූ නමුත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 71 ක ජයක් වාර්තා කළ කොළඹ උතුරු කණ්ඩායම ලබන 29 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද (27 දා) පස්වරුවේ සමත්විය. අනෙක් අවසන් පූර්ව තරගය වූ කොළඹ දකුණ සහ ගාල්ල කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා ප්‍රතිඵල රහිත වුවත්, මූලික වටයේ දක්වන ලද දක්ෂතා සැලකින්ලට ගනිමින් කොළඹ දකුණු කණ්ඩායම අදාළ අවසන් මහ තරග වරමට සුදුසුකම් ලබා ගත්තේය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කොළඹ උතුරු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 8 ක් දැවී ලකුණු 274 ක් ලබා ගැනීමට සමත්වූවේය. මෙවර තරග වාරයේ කණ්ඩායමක් වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වුණු එම ලකුණු සංඛ්‍යාව හඹා යෑමේදී කැන්ඩි කණ්ඩායමේ 30 වැනි පන්දුවාරය යැවීමත් සමගම තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිය. කෙසේ වෙතත් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ඒ වන විටත් මහනුවර කණ්ඩායමේ ඉලක්කය ලකුණු 196 ක් බවට පත් වුවත් ඒ වන විට ඔවුන් රැස් කර ගෙන සිටියේ කඩුලු 6 ක් දැවී ලකුණු 124 ක් පමමණි.

මෙම තරගයේදී කොළඹ උතුරු කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු කෞෂික තිලකරත්න පන්දු 65 කදී ලකුණු 52 ක් ලබා ගත්තේය හතරේ පහර 8 කින් සමන්විත වුණු කෞෂිකගේ ඉනිම කොළඹ උතුරු කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් ඉනිම ලෙසින් සනිටුහන් විය.  කෙසේ වෙතත් දෙවැනි තෙවැනි සහ සිව්වැනි කඩුලු 3 ම ලකුණු 38 ක් ඇතුළත බිඳ වැටුණද මැද පෙළින් පන්දුවට පහර දුන් ශවීන් පෙරේරා (43), සනුල් වීරරත්න (40, දුමීන් ලියනආරච්චි (21) සහ නායක ලිතුම් සෙනුජ (නොදැවී 49) ලකුණු රැස් කිරීම නිසා දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ රැඳවීමට කොළඹ උතුරු කණ්ඩායමට හැකියාව ලැබිණි මෙහිදී වේගවත් ඉනිමක් දියත් කළ නායක ලිතුම් සෙනුජ හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් පන්දු 30 කදී නොදැවී ලකුණු 49 ක් ලබා ගත්තේය.

මේ අතර කරන්දෙණිය යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කොළඹ දකුණ කණ්ඩායම පන්දුවාර 50 අවසනදී කඩුලු 5 ක් දැවී ලකුණු 252 ක් රැස් කිරීමට සමත්වූවේය. මෙය මෙවර තරග වාරයේදී කොළඹ දකුණු කණ්ඩායම රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සනිටුහන් විය.

කොළඹ දකුණු කණ්ඩායම වෙනුවෙන් හිරූන් මතීෂ සමගින් පන්දු 88 කදී ලකුණු 51 ක්ද හිමරු දේශාන් පන්දු 76 කදී ලකුණු 66 ක් ද වශයෙන් අර්ධ ශතක වාර්තා කිරීමට සමත්වූහ. මොවුන් දෙදෙනාම තම ඉනිම සදහා හයේ පහරක් සහ හතරේ පහර 5 බැගින් එල්ල කර තිබුණහ.

පළමු කඩුලු 5 ම ලකුණු 173 කදී බිඳ වැටුණද 6 වැනි කඩුල්ල වෙනුවෙන් එක් වූ ස්ටීවන් පීරිස් සහ හිමරු දේශාන් එක්ව පන්දු 79 කදී ලකුණු 79 ක් එක් කරමින් කොළඹ දකුණු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ලකුණු 250 න් ඔබ්බට රැගෙන ගියහ. මෙහිදී පීරිස්ගේ දායකත්වය පන්දු 41 කදී නොදැවී ලකුණු 46 ක් විය.

ගාල්ල කණ්ඩායමේ ඉනිම ආරම්භයට පෙර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා ඔවුන්ගේ ඉලක්කය පන්දුවාර 40 කදී ලකුනු 229 ක් වශයෙන් සංශෝධනය කෙරිණ. අභියෝගය භාර ගනිමින් පිටියට පිවිසි ගාලු ආරම්භක පිතිකරුවන් වූ නායක අරෝෂ් සිතුමිණ සහ පුල්ජිත් වත්සුක වේගවත් ආරම්භයක් ලබා ගනිමින් පන්දු 30 කදී ලකුණු 48 ක් ලබා ගත්හ. එහෙත් තරගය ක්‍රියාත්මක කළ හැකි වූයේ පන්දුවාර 6 ක් යන තෙක් පමණි. එතැන් පටන් තරගයට අයහපත් කාලගුණය හරස්වූයෙන් යළිත් තරගය ආරම්භ කිරීමට විනිසුරුවන්ට නොහැකි විය. ඒ ව විටත් ගාලු ලකුණු පුවරුව කියැවුණේ කඩුල්ලකට ලකුණු 59 ක් ලෙසිනි.

තරගාවලියේ නීති රීතීන්ට අනුව මූලික වටයේදී වැඩිම ජයග්‍රහණය සංඛ්‍යාවක් ලබා සිටින කණ්ඩායම අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවීමේ වාසිය පෙරදැරිකොට ගෙන කොළඹ දකුණු කණ්ඩායම අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලැබීය.

ඒ අනුව මෙවර තරගාවලියේ අවසන් මහ තරගය ලබන 29 වැනි සිකුරාදා දිනයේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

කොළඹ උතුරු කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 71 ක ජයක්

කොළඹ උතුර පන්දුවාර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 274 යි – (කෞෂික තිලකරත්න 52, සන්තුල් විජේරත්න 12, මිහින් සොයිසා 13, ශවීන් පෙරේරා 43, සනුල් වීරරත්න 40, දුමීන් ලියනආරච්චි 21, ලිතුම් සෙනුජ 49, කෙනුල පිහිලිංග 37/3, ජයෝද්‍ය කඩිගමුව 38/1, සනිතු ගුණතිලක 27/1, චනුල් කොඩිතුවක්කු 51/1)

මහනුවර පන්දුවාර 30 කදී කඩුලු 6 ට ලකුණු 124 යි – (මනුත් මින්දිය 24, ප්‍රවීන් ගමගේ 30, දිනුල් විජේසිංහ 16. පියුමක කරුණාරත්න 15, සනිතු ගුණත්ලක 17*, ළහිරු ලක්මාල් 17/2, මිනුග නෙත්සර 29/1, ලිතුම් සෙනුජ 35/1, සවිඳු සත්සර 13/1)

කොළඹ දකුණ සහ – ගාල්ල අතර තරගය විසඳුමකින් තොරයි

කොළඹ දකුණ පන්දුවාර 50 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 252 යි – (හිරුන් මතීෂ 51, සීමන් අනුහස් 18, රුසඳ සිල්වා 22, හිමරු දේශාන් 66, තෙවිඳු වේවැල්වල 12, ස්ටීවන් පීරිස් 46, ලතීන්ද්‍ර ආකාෂ් 41/2, මනිත රාජපක්ෂ 25/1, රවීන් සචින්ත 51/1)

ගාල්ල  පන්දුවාර 6 කදී කඩුලු 1 ට ලකුණු 58 යි – (පූජිත් වත්සුක 25*, අරෝෂ් සිතුමිණ 26, ගිම්හාන් මෙන්ඩිස් 21/1)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee