slc
logo
Home   |    News
සැප්තැම්බර් 30, 2025
ශ්‍රී ලංකා බාළිකාවන්ගෙන් ඔස්ට්‍රේලියාවට පූර්ණ තරගාවලි සුද්ධයක්

sinhala editor

ශ්‍රී ලංකාවේ තරග සංචායක නියුතව සිටින ඔස්ට්‍රේලියානු අවුරුදු 19 න් පහළ බාළිකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව අද (30 දා) පැවැති පස්වැනි සහ අවසන් පන්දුවාර විස්සයි-20 තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාළිකා ක්‍රිකට් කණ්ඩායම තරගාවලිිය 5-0 ක් වශයෙන් පූර්ණ ජයග්‍රහණයක් අද (30 දා) වාර්තා කළේය.

රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6 ක් දැවී රැස් කරගත් ලකුණු 114 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා බාළිකාවෝ ඉලක්කය පන්දු 15 ක් ඉතිරිව තිබියදී සපුරා ගත්තේ කඩුලු 4 ක් පමණක් දැවී ගොස් තිබියදීය.

මෙම ජයග්‍රහණයත් සමග පන්දුවාර විස්සයි-20 තරගාවලිය 5-0 ක් වශයෙන්ද එක් තරගයකින් සමන්විත යොවුන් එක්දින තරගය 1-0 ක් වශයෙන් ද වූ සමස්ථ තරගාවලිය යටතේ පැවැති තරග 6 ම ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ.

මෙම ලකුණු හඹා යෑමේදී තරගාවලියේ මෙතෙක් සාර්ථකම පිතිකාරිණිය බවට පත්ව සිටින සංජනා කාවින්දි දෙවැනි පන්දුවේදීම ලකුණු නොලබා දැවී ගිය නමුත් විමෝක්ෂා බාලසූරියට (12) එක් වුණු හිරුණි හංසිකා (16) පළමු කඩුල්ලට ලකුණු 28 ක් එක් කළහ.

ඔවුන් දෙදෙනාම ලකුණු 42 ක්ව තිබියදී දැවී ගිය නමුත් පිටියට එක් වුණු මනුදි නානායක්කාර පන්දු 35 කදී හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 34 ක් ද ශෂිනි ගිම්හානි පන්දු 16 කදී ලකුණු 19 ක්ද ලබා ශ්‍රී ලංකා ජයග්‍රහණය සනාථ වන තෙක්ම කඩුලු ආරක්ෂා කර ගත්හ.

ඔස්ට්‍රේලියානු බාළිකා කණ්ඩායම වෙනුවෙන් එමිලි පවෙල් (33) සහ ලුසී ෆින් (35) පමණක් ලකුණු 30 සීමාව ඉක්මවා ගිය පිතිකාරිණියෝ බවට පත්වූහ. පන්දු යැවීමේදී කැපී පෙනුණු චමරිද ප්‍ර බෝධා පන්දුවාර 4 කදී ලකුණු 16 කට කඩුලු 3 ක් දවා ගනිද්දී අසේනි තලගුනේ සහ ලිමන්සා තිලකරත්න එක් කඩුල්ල බැගින් දවා ප්‍රතිවාදීන්ව පීඩනයට ලක් කළහ.

ඔස්ට්‍රේලියානු අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම  පන්දුවාර 20 කදී කඩුලු 6 කට දැවී ලකුනු 114 යි – (එමිල් පවෙල් 33, ලුසී ෆින් 35, ඉන්දිරා පනෙලි 10*, චමෝදි ප්‍ර බෝධා 16/3, අසේනි තලගුනේ 14/1, ලිමන්සා තිලකරත්න 10/1) 

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම පන්දුවාර 17.3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 115 යි – (මනුදි නානායක්කාර 34*, ශෂිනි ගිම්හානි 19*, නෙතඟි ඉසුරාංජලී 14, හිරුණි හංසිකා 16, විමෝක්ෂා බාලසූරිය 12, ශිලෝ ජුලියන් 20/2, ලුසී ෆින් 15/1, ඉන්දිරා පනෙලි 14/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar