slc
logo
Home   |    News
සැප්තැම්බර් 11, 2025
එක්දින තරගාවලියෙන් කොදෙව් යෞවනයේ පෙරමුණ ගනිති

sinhala editor

නැවත වරක් පිතිකරුවන් අසාර්ථකත්වයට පත්වීම නිසා බටහිර ඉන්දීය කොදෙව් අවුරුදු 19 න් පහළ කණ්ඩායමට එරෙහිව පැවැති පස්වැනි එක්දින තරගයෙන් කඩුලු 2 ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට සිදුවිය. ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ ජයග්‍රහණයත් සමග තරග 7 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය 5-2 ක් ලෙස පෙරමුණ ගැනීමටද සත්කාරක කොදෙව් යොවුන් පිල සමත්වූවේය.

මෙම තත්ත්වය මත මෙම තරගාවලියේ ජය ශ්‍රී ලංකා යොවුන් පිලට ලබා ගැනීමට නම් තරගාවලියේ ඉතිරි තරග 2 ම ජය ගත යුතු තත්ත්වයකට ශ්‍රී ලංකා පිල මුහුණ දී සිටියි.

කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පන්දුයැවීම තෝරාගත් කොදෙව් කණ්ඩායමේ ප්‍රබල  පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා යොවුන්  පිලට පන්දුවාර 48 කදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 172 ක් පමණි.

ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ ආරම්භක පිතිකරු දිමන්ත මහවිතාන වන අතර ඔහු පන්දු 59 කදී ලකුණු 38 ක් ලබා ගත්තේය .ඔහුට අමතරව ලකුණු 30 සීමාව ඉක්මවා ගිය අනෙක් පිතිකරුවා වූයේ චාමික හීනටිගල වන අතර ඔහු පන්දු 40 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 36 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා පිල අසරණ කිරීම වෙනුවෙන් කැපී පෙනෙන පන්දු සකුවාන් බෙලේ ලකුණු 43 ක් ඇතුළත කඩුලු 3 ක් ද ඒඩියන් රාචා ලකුණු 37 කට කඩුලු 3 ක් ද  දවාලුහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී කොදෙව් පිල කඩුලු 2 කට ලකුණු 104 ක් තරම් ප්‍රභල තත්ත්වයක පසුවූ අතර ඒ වෙනුවෙන් එර්ෂිනෝ ෆොනටේන් (48) සහ මිකා ග්‍රින්ජ් (40) ලකුණු අතරට පැමිනියහ. එහෙත් මෙම තරගාවලියේ මෙතෙක් කැපී පෙනෙනම පන්දු යවන්නා බවට පත්ව සිටින යාපනය පා දඟ පන්දු යවන විග්නේෂ්වරන් ආකාෂ් පැමිණීමත් සමඟ සියල්ල වෙනස් වූයේ ලකුණු 145 ක් වන විට එම ලකුණු පුවරුව කඩුලු 8 ක් බවට පත්වීමෙනි.

මෙහිදී පන්දුවාර 10 ම ක්‍රියාත්මක කළ දකුණත් පා දඟ පන්දු යවන්නා නිලකුණු පන්දුවාරයක් ද සමගින් ලකුණු 30 කට කඩුලු 4 ක් බිඳ හෙළමින් දක්ෂතා දැක්වූවේය.

කෙසේ වෙතත් අංක 7 පිතිකරු ලෙසින් පිටියට පිවිසි ජොනතන් ලෑන්ජ් නොදැවී කුනු 24 ක් රැස් කරමින් අංක 10 පිතිකරු  වූ ඒඩියන් රාචා ද (17*) සමග කොදෙව් කණ්ඩායම ජය කණුව කරා රැගෙන ගියහ.

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම පන්දුවාර 48 කදී සියලු දෙනා දැවී ලකුණු 172 යි – (දිමන්ත මහවිතාන 38, කවීජ ගමගේ 22, සනජු නිඳුවර 19, චාමික හීනටිගල 36, රසිත් නිම්සර 14*, ජැකීම් පොලාර්ඩ් 12/2, ඒඩියන් රාඡා 37/3, සැකුවන් බෙලේ 43/3)

බටහිර ඉන්දීය කොදෙව් අවුරුදු 19 න් පහළ කණ්ඩායම පන්දුවාර 47.4 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 173 යි – (මිකා ග්‍රීනීජ් 40, එර්ෂිනෝ ෆොන්ටේන් 48, ජොනතන් ලෑන්ජ් 24*, ඒඩියන් රාචා 17*, විග්නේෂ්වරන් ආකාෂ් 30/4, රසිත් නිම්සර 27/1, කවීජ ගමගේ 34.1, චාමික හීනටිගල 25/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee