slc
logo
Home   |    News
සැප්තැම්බර් 19, 2025
සී.සී.සී. 123/6 යි නුගේගොඩ 39/2

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (18) ආරම්භ වූ අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ නැගී එන කණ්ඩාය‍ම් අතර දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසාන පූර්ව තරග දෙකටම වර්ෂාවෙන් බාධා ඇතිවූ අතර දිනය නිමාවන විට මුලින් පන්දුවට පහර දෙන සී.සී.සී. කණ්ඩායම කඩුලු හයකට ලකුණු 123 ක් ද නිගම්බු ක්‍රීඩා සමාජය කඩුලු දෙකකට ලකුණු 39 ක් ද ලබා සිටියහ.

එස්.එස්.සී ක්‍රීඩාංගණයේ පැවැති සී.සී.සී සහ නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක කණ්ඩායම අතර තරගයේ දී නුගේගොඩ ක්‍රීඩා සමාජය කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දීම සී.සී.සී ට පැවරීය.

සී.සී.සී ආරම්භක පිතිකරු දුල්නිත් සිගේරා ලකුණු 38 ක් රැස් කරමින් දිනයේ වැඩිම ලකුණු ලාභියා බවට පත් විය. දුල්නිත් අංක හතර ආක්‍රමණශීලී පිතිකරු පවන් රත්නායක (ලකුණු 26යි) සමඟ තෙවන කඩුල්ලට ලකුණු 63 ක සබඳතාවයක් තබාගනිමින් දිනයේ හොඳම සබඳතාව වර්තා කළහ.

සවස තේ පානයට මඳකට පෙර තරගය වර්ෂාව මත නතර කරන විට අංක හත පිතිකරු සහන් කෝසල ද දක්ෂ පිතිහරඹයක නියැළී සිටිමින් නොදැවී ලකුණු 35 ක් ලබා සිටියේ පන්දු 30 කට මුහුණ දී හතරේ පහර හතක් ද සමගිනි. නුගේ‍ගොඩ ක්‍රීඩා සමාජයේ අබ්දුල් හකාම් ශිරාඩ් ලකුණු 45කට කඩුලු තුනක් දවාලුවේ ය.

එන්.සී.සී ක්‍රීඩාංගණයේ පැවැති නිගම්බු ක්‍රීඩා සහ බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය අතර තරගයේ කාසියේ වාසිය දිනූ බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායම තීරණය කළේ මුලින්ම පන්දු රැකීමට ය.

නිගම්බු කණ්ඩායමේ නායක ආරම්භක පිතිකරු කවීන් ප්‍රනාන්දු ලකුණු 17 ක් ද (පන්දු 45 යි, හතරේ දෙකයි) අංක හතර පිතිකරු තත්සර එෂාන් නොදැවී ලකුණු 17 ක්ද (පන්දු 26 යි හතරේ දෙකයි) රැස් කළහ. කවීන් සහ තත්සර ‍තෙවන කඩුල්ලට නොදැවී ලකුණු 24 ක් රැස් කළහ.

ලකුණු විස්තරය

  • සී.සී.සී – නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක සමාජය – එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී –

සී.සී.සී. පළමු ඉනිම පළමු දින නිමවනවිට කඩුලු 6 ට 123 (පන්දු වාර 26.1 යි)

(දුල්නිත් සිගේරා 38, සහන් කෝසල නොදැවී 35, පවන් රත්නායක 26, අබ්දුල් හකාම් ශිරාඩ් 45/3, පසිඳු පැතුම් 23/2)

  • නිගම්බු ක්‍රීඩා සමාජය – බ්ලූම්ෆීල්ඩ් (එන්.සී.සී‍. ක්‍රීඩාංගණයේ දී)

නිගම්බු පළමු ඉනිම ප්‍රථම දින නිමවන විට කඩුලු 2 ට 39 (පන්දු වාර 17යි)

(තත්සර එෂාන් නොදැවී 17, කවීන් ප්‍රනාන්දු 17, දුලාජ් සමුදිත 12/2)

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee