slc
logo
Home   |    News
ඔක්තෝබර් 22, 2025
ශ්‍රී ලංකා ක්‍රිකට් තෙවැනි පෙළ (Level iii) පුහුණුකරු පාඨමාලාව පවත්වයි

sinhala editor

ජාතික ක්‍රිකට් පද්ධතියට උසස් මට්ටමේ ක්‍රීඩකයින් බිහිකරලීම වෙනුවෙන් වන ක්‍රීඩක සංවර්ධන මාර්ගය ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද තෙවැනි මට්ටමේ  (Level iii) ක්‍රිකට් පුහුණුකරුවන්ගේ පාඨමාලාව පළමු අදියර ඉතා සාර්ථකව ඉකුත්දා අවසන් කරනු ලැබීය. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන තෙවැනි මට්ටමේ පුහුණු කිරීමේ පාඨමාලාව හා සමානව පවත්වන ලද මෙම පුහුණු පාඨමාලාව සඳහා පුහුණුකරුවන් 21 දෙනෙකු සහභාගිව සිටියහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ ඇති ප්‍රධානතම ක්‍රීඩා සමාජ, පළාත් හා දිස්ත්‍රික් සංචිත සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවන් ලෙසින් සම්බන්ධව සිටින පුහුණුකරුවන් මෙම වැඩසටහන සදහා තෝරාගෙන තිබිණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වඩාත්ම පළපුරුදු අධ්‍යාපනික නිලධාරීන් සහ විෂය විශේෂඥයින් විසින් මෙහෙයවන ලද දින 5 කින් සමන්විත මෙම පුහුණු වැඩසටහන අතරතුර, පන්ති මට්ටමේ සැසි, කණ්ඩායම් සාකච්ඡා, ප්‍රායෝගික අත්දැකීම් අන්තර්ගත වූ වැඩසටහන් වලින් සමන්විත විය.

ඉහළ කාර්ය සාධන සංස්කෘතිය (High Performance Culture), ක්‍රීඩක කළමනාකරණය සහ කණ්ඩායම් සන්නාමකරණය, මානසික කුසලතා, ජෛව යාන්ත්‍ර විද්‍යාව චලන විශ්ලේෂණය, කාර්යය සාධන විශ්ලේෂණය, ඉහළ කාර්යය සාධන සැලසුම්කරණය සහ ශක්තිය ප්‍රවර්ධනය කිරීම, දත්ත විශ්ලේෂණය සහ මාධ්‍ය සන්නිවේදනය මෙම පුහුණු පාඨමාලාව තුළ ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා වූ මාතෘකා වූහ.

මෙම පාඨමාලාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අධ්‍යාපන ඒකකය විසින් පවත්වන ලද අතර අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තෙවැනි කොටසේ පුහුණුකරු සුදුසුකම යන ක්‍රිකට් පුහුණුකරුවකුට ලබාගත හැකි ඉහළම ජාත්‍යන්තර සුදුසුකම වේ.

පාඨමාලාව ආරම්භ කිරීමට පෙර අපේක්ෂකයින් පූර්ව පාඨමාලා පැවරුම් ද සම්පූර්ණ කළ අතර පස් දින වැඩසටහන අතරතුර පාඨමාලාව තුළ පැවරුම්වල නිරත විය.2026 මාර්තු 31 වන දින වන විට සම්පූර්ණ කිරීමට ඔවුන්ට පශ්චාත් පාඨමාලා පැවරුම් ලබා දෙන ලදී.

2026 අප්‍රේල් මාසයේ ආරම්භ කිරීමට නියමිත දෙවන අදියරට යාමට පෙර සියලුම පැවරුම් සම්පූර්ණ කිරීම අවශ්‍ය වේ.

පුහුණුකරු අධ්‍යාපන ඒකකය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ කොටසක් ලෙසින් කටයුතු කරයි.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar