slc
logo
Home   |    News
නොවැම්බර් 27, 2025
අයහපත් කාලගුණය මත ‘ටියර් බී‘ තෙදින ලීග් තරගාවලිය සතියකින් කල් දමයි

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ‘ටියර් බී‘ කොටසේ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලිය මේ දිනවල පවතින අයහපත් කාලගුණය මත දෙසැම්බර් මස පස්වැනි සිකුරාදා සිට නැවත ආරම්භ වේ.

 නොවැම්බර් මස 26, 27, 28, 29 සහ 30 යන දිනවල මේ තරගාවලියේ තරග හයක් පැවැත්වීමට නියමිතව තිබුණත් අධික වර්ෂාව සහ තද සුළං මත තරග කල් දැමීමට තීරණය විය.

 ලියෝ ක්‍රීඩා සමාජය සහ කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය අතර 2025 -26 වසරේ සමාරම්භක තරගය නොවැම්බර් මස 26 වැනිදා ආරම්භ වූ අතර එම දිනයේ දී ද යැවිය හැකි වුයේ පන්දුවාර 39ක් පමණකි. පළමුව පන්දුවට පහර දුන් ලියෝ ක්‍රීඩා සමාජය ප්‍රථම දිනයේ තරගය නිම වන විට පිතිකරුවන් පස් දෙනෙකුම දැවී රැස් කර සිටියේ ලකුණු 104කි.

 මේ තෙදින තරගයේ දෙවන දිනය වූ අද (27) අයහපත් කාලගුණය මත සම්පූර්ණයෙන්ම නොපැවැත් විය. මීට අමතරව අද (27) ආරම්භ වීමට නියමිත තරගයක් 28 වැනිදා ආරම්භ වීමට නියමිත තරග හතරත් කල් දමා තිබේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar