slc
logo
Home   |    News
නොවැම්බර් 29, 2025
පළමු තුන්දින තරගයේ ජය බංග්ලාදේශ අවු. 17 න් පහළ පිලට

sinhala editor

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායම් අතර මීර්පූර්හි පැවැති පළමු තුන්දින පුහුණු තරගයෙන් ලකුණු 27 ක ජයක් වාර්තා කර ගැනීමට බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායම අද (29 දා) පස්වරුවේදී සමත්විය. ඒ අනුව තරග 2 කින් සමන්විත නිල නොවන තුන්දින ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ද බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ ක්‍රීඩකයෝ සමත්වූහ.

ලකුණු 230 කට කඩුලු 8 ක් දැවී තිබියද තෙවැනි දිනය ආරම්භ කළ බංග්ලාදේශ යොවුන් කණ්ඩායම අද දිනයේදී තවත් ලකුණු 17 ක් ලබා ගන්නා අතර වාරයේදී ඉතිරි කඩුලු 2 දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්විය. ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 266 ක ඉලක්කයක් හිමිවූ නමුත් බංග්ලාදේශ පන්දු යැවීමේ බලපරාක්‍රමය හමුවේ පන්දුවාර 7.14 කදී රැස් කරගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 238 ක් පමණි.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ සනුල් වීරරත්න වන අතර ඔහු පන්දු 134 කට මුහුණ දී ලකුණු 61 ක් ලබා ගත්තේය. ඊට අමතරව ආරම්භක පිතිකරු අරෝෂ සිතුමිණ පන්දු 42 කදී වේගවත් ලකුණු 40 ක් රැස් කර ගත්තේය.

ඊට අමතරව ජේසන් ප්‍රනාන්දු පන්දු 37 කදී ලකුණු 22 ක්ද ඉනිම අවසන් වන විට ගිම්හාන් මෙන්ඩිස් පන්දු 48 කදී නොදැවී ලකුණු 22 ක් ද ලබා ගත්හ. කඩුලු දවා ගැනීමේදී රකිබුල් හොසේන් ලකුණු 32 කට කඩුලු 4 ක් දවා ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරගද්දී මහබීර්, ශයිදුල් සහ අලාම් කඩුලු 2 බැගින් දවා ගත්හ.  

මෙම තරගයේ පළමු දිනය තුළදී දෙපිළේම කඩුලු 22 ක් දැවී ගියද දෙවැනි ඉනිමේදී ඒ වැරැද්දම යළිත් සිදු නොවීමට ඉඩ නොදුන් බංග්ලාදේශ යොවුන් පිතිකරුවෝ දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 238 ක් රැස් කරගත්තේය. පළමු දිනය ඇතුළතදීි දෙපිළේම කඩුලු 20 සහ බංග්ලාදේශ ඉනිමේ කඩුලු 2 ක් ද දැවී ගිය නමුත් දෙවැනි දිනයේ සිට එහි පාලනය තමන් සත්කරයේ රඳවා ගැනීමට සත්කාරක පිතිකරුවෝ සමත්වූහ.

දෙවැනි දිනයේදී කඩුලු 6 ක් දවා ගෙන සිටි වමත් දඟ පන්දු යවන ක්‍රීඩක හිමරු දේශාන්ට අද දිනයේදී එකම කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකි විය. දැවී ගිය අනෙත් කඩුලු 4 න් 2 ක් ගිම්හාන් මෙන්ඩිස් දවා ගනිද්දීි නදුන් බණ්ඩාර සහ මනිත රාජපක්ෂ එක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.

බංග්ලාදේශ අවුරුදු 17න් පහළ කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 39.3 කදී සියලුම දෙනා දැවී ලකුණු 120 යි – (ලෝරන්ස් රෝයි 19, අඩ්රිටෝ ගෝෂ් 36, ජුනයිඩ් හොසේන් 19, Md. රකිබුල් හොසේන් 20, ගිම්හාන් මෙන්ඩිස් 14/2, හිමරු දේශාන් 20/2, මානිත රාජපක්ෂ 29/4)

ශ්‍රී ලංකා අවුරුදු 17න් පහළ කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 27.4 කදී සියලුම දෙනා දැවී ලකුණු 102 යි (සනුල් වීරරත්න 27, හිමරු දේශාන් 24, මෙහොමඩ් අකාෂ් 33/2, මහීනුජ්මාන් ජබීර් 22/3, නුබයෙට් අලාම් 30/2, ශිදුල් ඉස්ලාම් 15/2)

බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම දෙවැනි ඉනිම පන්දුවාර 103 කදී සියලු දෙනා දැවී ලකුණු 238 යි   කවුසාර් අහමඩ් 18, රකිබුල් හොසේන් 41, ජුනයිඩ් හොසේන් 87, සෞරවු කාමකාර් 25, හිමරු දේශාන් 83/6, ගිම්හාන් මෙන්ඩිස් 53/2)

ශ්‍රී ලංකා අවරුදු 17 න් පහළ කණ්ඩායම දෙවැනි ඉනිම පන්දුවාර 71.4 කදී සියලු දෙනා දැවී ලකුණු 238 යි – (අරෝෂ සිතුමිණ 40, ජේසන් ප්‍රනාන්දු 22, සනුල් වීරරත්න 61, ගිම්හාන් මෙන්ඩිස් 22*, මහීනුජ්ජුමාන් මහාබිරී 36/2, නුබයෙත් අලාම් 75/2, ශහිදුල් ඉස්ලාම් 43/2, රකිබුල් හොසේන් 32/4)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee