slc
logo
Home   |    News
දෙසැම්බර් 29, 2025
සෙබස්ටියනයිට්ස් සහ මොරටුව ක්‍රීඩා සමාජ ජයග්‍රහණ අත්කර ගනී

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ‘ටියර් බී කොටසේ‘ තෙදින ක්‍රිකට් තරගාවලියේ අද නිමාවට පත් වු තරග හතරක් අතුරින් මොරටුව ක්‍රීඩා සමාජය සහ සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය ජයග්‍රහණ අත්කර ගත්හ. මොරටුව ක්‍රීඩා සමාජය ඉනිමකින් සහ ලකුණු 79කින් කොළඹ මැලේ ක්‍රිකට් සමාජයත් සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය තියුණු තරගයකින් පසුව ලකුණු 27කින් රාගම ක්‍රිකට් සමාජයත් පරාජයට පත් කරමින් මේ ජයග්‍රහණ වාර්තා කළේය.

 මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ පැවැති මොරටුව ක්‍රීඩා සමාජය සහ කොළඹ මැලේ ක්‍රිකට් සමාජය අතර තරගයේ දී මොරටුව ක්‍රීඩා සමාජය පළමු ඉනිමේ දී රැස් කළ ලකුණු 314ට පිළිතුරු ලෙස කොළඹ මැලේ ක්‍රිකට් සමාජය රැස් කළේ පළමු ඉනිමේ දී ලකුණු 162ක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 73ක් පමණකි.

 බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ පැවැති සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගයෙන් ජය ගැනීමට රාගම ක්‍රිකට් සමාජයට දෙවන ඉනිමේ දී ලකුණු 229ක පහසු ජයග්‍රාහී ඉලක්කයක් ලැබිණි. රාගම ක්‍රිකට් සමාජයේ පිතිකරුවන් එක් අවස්ථාවක දී කඩුලු පහක් දැවී ලකුණු 188ක් රැස් කරමින් ජයග්‍රහණය වෙත පියනගිමින් සිටියහ. එහෙත් ඔවුනගේ අවසාන පිතිකරුවන් පස් දෙනා තවත් ලකුණු 13ක් එක් කරද්දී කණ්ඩායම ලකුණු 201කට දැවී ගියෙන් ඔවුනට මුහුණ පෑමට සිදු වුයේ අමිහිරි අත්දැකීමකටය. රාගම දෙවන ඉනිමේ දී සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජයේ තරූෂ ප්‍රනාන්දු ලකුණු තිහකට කඩුලු හයක්ම දවාලමින් තම කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.

 මේ තරග දෙකට අමතරව පැවැති යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය සහ කැන්ඩි කස්ටම්ස් තරගයත් ගාල්ල ක්‍රිකට් සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගයත් නිමාවට පත් වුයේ විසඳුමකින් තොරවය.

 එම තරග දෙකේ දී පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසු වුයේ යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය සහ ගාල්ල ක්‍රිකට් සමාජයයි.

 මේ අතර අද දිනයේදීත් පිතිකරුවන් ශතක වාර්තා කිරීමත් පන්දු යවන්නන් කිහිප දෙනෙකුම කඩුලු පහක් සහ එය ඉක්මවා දවාලීමත් දක්නට ලැබිණි.

 ගාල්ල ක්‍රිකට් සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගයේ නාවික හමුදා දෙවන ඉනිමේ දී තෙවිඳු දික්වැල්ල ලකුණු 125ක් රැස් කළේ පන්දු 161කට මුහුණ දී හතරේ පහර අටක් සහ හයේ පහර පහක්  ද සමගය. ගාල්ල ක්‍රිකට් සමාජයේ දෙවන ඉනිමේ දී ද අමිත් එරන්ද පන්දු 87කට මුහුණ දී හතරේ පහර 13ක් සහ හයේ පහර හයක් සමග වේගවත් ලකුණු 130ක් ලැබීය. ගාල්ල ක්‍රිකට් සමාජයේ දෙවන ඉනිමේ දී නාවික හමුදාවේ පූර්ණ චාරුක ලකුණු 76කට කඩුලු පහක් දවාලුවේය.

 සෙබස්ටියනයිට්ස් සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගයේ දෙවන ඉනිමේ දී රාගම ක්‍රිකට් සමාජය දෙවන ඉනිමේ දී ලකුණු 201කට දැවී ගියේ සෙබස්ටියනයිට්ස් කණ්ඩායමේ තරූෂ ප්‍රනාන්දු ලකුණු තිහකට කඩුලු හයක් දවා දැක් වු දක්ෂතා මුල් කරගෙනය.

 යුනයිටඩ් සදර්න් සහ කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය අතර තරගයේ දී කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමේ මිතුන් ජයවික්‍රම ලකුණු 70කට කඩුලු පහක් දවා දක්ෂතා දැක්වීය.

 ලකුණු සාරංශය

  • මොරටුව ක්‍රීඩා සමාජය ඉනිමකින් සහ ලකුණු 79කින් කොළඹ මැලේ ක්‍රිකට් සමාජය පරාජය කරයි

 මොරටුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 111.5ක දී සියල්ල දැවී ලකුණු 314 – ගැවින් බොතේජු 99, දුනිත් ලෝචන 87, ඉමේෂ් උදයංග 23, පුබුදු බණ්ඩාර 22, චානක රුවන්සිරි 19, අනුෂ්ක පෙරේරා 13, චානක දේවින්ද 119/5, තිමිර මල්ෂාන් 21/2

කොළඹ මැලේ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 54.3ක දී සියල්ල දැවී ලකුණු 162 – චානක දේවින්ද නොදැවී 34, ටෙරන් බාස්කරන් 31, හිරන්ත ජයසිංහ 20, කවිඳු ඉෂාර 18, නිමන් උමේෂ් 17, චානක රුවන්සිරි 52/5, ගයාන් සිරිසෝම 41/3

කොළඹ මැලේ ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 33ක දී කඩුලු 9ක් දැවී ලකුණු 73 – කවීන් සැමුවෙල් 16, වෝෂිත අමරසිංහ 12, හිරන්ත ජයසිංහ 09, චානක දේවින්ද නොදැවී 09, ගයාන් සිරිසෝම 19/4, චානක රුවන්සිරි 19/3

  • සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය ලකුණු 27කින් රාගම ක්‍රිකට් සමාජය පරාජය කරයි

සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 52ක දී සියල්ල දැවී ලකුණු 148 – නවිඳු නිර්මාල් 31, මනෙල්ක ද සිල්වා 22, මාලිංග මලිගස්පේ 20, රුසිරු විලෝචන 18, චරිත් රාජපක්ෂ 13, කසුන් කරුණාතිලක 65/5, උපුල් ඉන්ද්‍රසිරි 33/4

රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 45.4ක දී සියල්ල දැවී ලකුණු 169 – රන්මිත් ජයසේන 47, සමීන් කඳනආරච්චි 32, සහිල් ඩයස් 28, රවිඳු සෙම්බුකුට්ටි 18, කසුන් කරුණාතිලක නොදැවී 11, මෙදුනක විජයතිලක 41/5, චරිත් රාජපක්ෂ 15/2, මලිත හපුආරච්චි 50/2

සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 84ක දී සියල්ල දැවී දැවී ලකුණු 249 – නවිඳු නිර්මාල් 51, මනෙල්ක ද සිල්වා 48, තරූෂ ප්‍රනාන්දු නොදැවී 46, මාලිංග මලිගස්පේ 44, උමයංග සුවාරිස් 18, උපුල් ඉන්ද්‍රසිරි 91/4, විදර්ශන විස්මිත 57/3, කසුන් කරුණාතිලක 61/3

රාගම ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 65.2ක දී සියල්ල දැවී ලකුණු 201 – කසුන් කරුණාතිලක 59, සමීන් කඳනආරච්චි 48, කෙමිර විජේනායක 30, රන්මිත් ජයසේන 15, රවිඳු සෙම්බුකුට්ටි 14, තරුෂ ප්‍රනාන්දු 30/6, මෙදුනක විජයතිලක 59/2, හෂාන් සංදීප 76/2

  • යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය පළමු ඉනිමේ දී ඉදිරියෙන්

යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 104.2ක දී සියල්ල දැවී ලකුණු 474 – අදීෂ නානායක්කාර 273, ආදිත්‍ය සිරිවර්ධන 61, කවිඳු එදිරිවීර 42, දෙනුවන් රාජකරුණා 35, පැතුම් බොතෝජු 12, අවිඳු තීක්ෂණ 49/3, යශෝධ මෙන්ඩිස් 84/3

කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 95ක දී කඩුලු 9ක් දැවී ලකුණු 318– මලිඳු මධුරංග 64, ප්‍රමේෂ් මධුභාෂණ 45, මිතුන් ජයවික්‍රම 39, ළහිරු අත්තනායක 38, ලක්ෂාන් ගමගේ 32, අශාන් රන්දික 30, කවීෂ ඉඳුවර 21, තරූෂ් දමිඳු 102/4, දනෝෂ් ද සිල්වා 58/3

යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 38ක දී කඩුලු 6ක් දැවී ලකුණු 146 –  පෙසිඳු සංජාන් 50, අදීෂ නානායක්කාර 29, නිපුන ගමගේ 24, පැතුම් බොතේජු 21, කවිඳු එදිරිවීර නොදැවී 16, මිතුන් ජයවික්‍රම 70/5

කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 28ක දී කඩුලු 6ක් දැවී ලකුණු 241– අශාන් රන්දික 57, මිතුන් ජයවික්‍රම නොදැවී 52, මලිඳු මධුරංග 41, යශෝධ මෙන්ඩිස් 32, ළහිරු අත්තනායක 29, තරූෂ් දමිඳු 24/3

  • තියුණු තරගයකින් පසු ජය පැරැදුමින් තොරව නිම වේ

 ගාල්ල ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 94ක දී සියල්ල දැවී ලකුණු 326 – ලිසුල ලක්ෂාන් 101, රජිත් ප්‍රියාන් 50, සුපුන් කවිඳ 48, අමිත් එරන්ද 46, සුභානු කවීෂ රාජපක්ෂ 28, චතුර රන්දුනු නොදැවී 25, රජීව වීරසිංහ 21, ඉෂාන් අබේසේකර 74/4, පූර්ණ චාරුක 44/2

නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 50.4ක දී සියල්ල දැවී ලකුණු 219 – පූර්ණ චාරුක 51, සුමල්ක ප්‍රනාන්දු 40, ඉෂාන් අබේසේකර 30, තෙවිඳු දික්වැල්ල 24, ලක්ෂාන් රුද්‍රිගෝ 18, රවීන් තරිඳු 15, රජීව වීරසිංහ 85/7

ගාල්ල ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 45ක දී කඩුලු 8ක් දැවී ලකුණු 315 – අමිත් එරන්ද 130, රමේෂ් නිමන්ත 73, චතුර පීරිස් 35, හංසමාන ද සිල්වා 31, ලිසුල ලක්ෂාන් 22, පූර්ණ චාරුක 76/5, රවිඳු මිලාන් 36/1

නාවික හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 68ක දී කඩුලු 7ක් දැවී ලකුණු 350 – තෙවිඳු දික්වැල්ල 125, සුමල්ක ප්‍රනාන්දු 53, වරුණ මයන්ත 51, ඉෂාන් අබේසේකර 33, රවීන් තරිඳු 23, රවිඳු මිලාන් නොදැවී 24, ලක්ෂාන් රුද්‍රිගෝ 21, රජීව වීරසිංහ 125/3, අසේල සම්පත් 17/1, රමේෂ් නිමන්ත 17/1

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee