slc
logo
Home   |    News
දෙසැම්බර් 13, 2025
ටියර් බී කොටසේ පිතිකරුවන් තිදෙනකු ශතක වාර්තා කරති

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ‘ටියර් බී‘ කොටසේ තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (12) ආරම්භ වු තරග අතුරින් පිතිකරුවන් තිදෙනෙකු ශතක වාර්තා කිරීමට සමත් වූහ.

මැලේ ක්‍රිකට් සමාජයට එරෙහි තරගයේ දී නාවික හමුදාවේ තෙවිඳු දික්වැල්ල ලකුණු 113ක් ද ගාලු ක්‍රිකට් සමාජට එරෙහි තරගයේ දී එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ නුවනිඳු ප්‍රනාන්දු නොදැවී ලකුණු 110ක් ද කැන්ඩි කස්ටම්ස්ට එරෙහි තරගයේදී යුද හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රිෂේන් අපොන්සු ලකුණු 122ක්  රැස් කරමින් ද මේ ශතක වාර්තා කළහ.

තෙවිඳු දික්වැල්ල පන්දු 143ක දී හතරේ පහර 11ක් හයේ පහර හතරක් සමග ලකුණු 113 ද නුවනිඳු ප්‍රනාන්දු පන්දු 83ක දී හතරේ පහර අටක් සහ හයේ පහර අටක් සමග නොදැවී වේගවත් ලකුණු 110ක් ද ක්‍රිෂේන් අපොන්සු පන්දු 181ක දී හතරේ පහර හතක් හයේ පහරක් සමග ලකුණු 122ක් ද ලැබීය.

 පන්දු යවන්නන් අතුරින් කඩුලු පහ ඉක්මවා දවා ගන්නා ලද්දේ එකම පන්දු යවන්නෙකු පමණකි. එස්.එස්.සී. සහ ගාලු ක්‍රීඩා සමාජය අතර තරගයේ එස්.එස්.සී. කණ්ඩායමේ ප්‍රමෝද් මධුෂාන් ලකුණු 32කට කඩුලු පහක් දවා ගත්තේය. එස්.එස්.සී. කණ්ඩායමේ ප්‍රමෝද් මධුෂාන් සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 4 බැගින් දවාලමින් දැක්වූ දක්ෂතා මත ගාලු ක්‍රීඩා සමාජයට මෙදින ප්‍රථම ඉනිමේ රැස් කර ගත හැකි වුයේ ලකුණු 118කි. ප්‍රථම දිනය නිම වන විට එස්.එස්.සී. කඩුලු හතකට ලකුණු 308ක් රැස් කර ඉක්මනින්ම මේ තරගයෙන් පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමේ තත්ත්වයක් පිළිබිඹු කර සිටියේය.

 මීට අමතරව පන්දු යවන්නන් හයදෙනෙකුම ප්‍රථම දිනයේ දී කඩුලු හතර බැගින් දවාලමින් දක්ෂතා දැක්වීය.

 පිතිකරුවන් අතර දීර්ඝ සබඳතාවයන් කිහිපයක් ද මෙදින දක්නට ලැබිණි. නාවික හමුදාව සහ කොළඹ මැලේ අතර තරගයේ දී නාවික හමුදාවේ තෙවිඳු දික්වැල්ල  සහ වරුණ මයන්ත (ලකුණු 92) ප්‍රථම කඩුල්ලට ලකුණු 117ක් පන්දුවාර 34.1ක දී රැස් කළේ වේගවත් පිතිහරඹයක නියැළෙමිණි. ශතකය ඉක්ම වු අනෙක් සබඳතාවය වුයේ යුද හමුදා සහ කැන්ඩි කස්ටම්ස් අතර තරගයේ දී යුද හමුදාවේ ක්‍රිෂේන් අපොන්සු සහ පැතුම් දිල්ෂාන් (ලකුණු 61) දෙවන කඩුල්ලට රැස් කළ ලකුණු 113 ය.

 කොස්ගම ශාලාව යුද හමුදා පිටියේ පැවැති රාගම ක්‍රීඩා සමාජය සහ යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජයේ තරූෂ් දමිඳු ලකුණු 45කට කඩුලු හතරක් ද දනෝෂ් ද සිල්වා ලකුණු 38කට කඩුලු තුනක් ද දවාලීමෙන් රාගම ක්‍රීඩා සමාජය රැස් කළේ ලකුණු 187කි. රාගම ක්‍රීඩා සමාජයේ කවිඳු රණසිංහ පන්දු 118ක දී හතරේ පහර දහයක් සමග ලකුණු 65ක් ලබා වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

 මොරටුව ක්‍රීඩා සමාජය සහ ලියෝ ක්‍රීඩා සමාජය අතර තරගයේ දී මොරටුව ක්‍රීඩා සමාජය ලකුණු 131කට දැවී ගියේ ය. එම ලකුණු 131න් ලකුණු 72ක්ම රශ්මික මෙවන් ලබා ගත්තේ පන්දු 74කට මුහුණ දී හතරේ පහර හතක් සහ හයේ පහර තුනක් ද සමගය.

ලකුණු සාරාංශය

  • රාගම ක්‍රීඩා සමාජය – යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය – (කොස්ගම ශාලාව යුද හමුදා පිටිය)

 රාගම ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 68ක දී සියල්ල දැවී 187 – (කවිඳු රණසිංහ 65, රන්මිත් ජයසේන 38, හසිත් පෙරේරා 34, මලීෂ සිල්වා 15, තරූෂ් දමිඳු 45/4, දනෝෂ් ද සිල්වා 38/3,  කවිඳ එදිරිවීර 64/2)

 යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය ප්‍රථම දින තරගය නිම වන විට පන්දුවාර 7ක දී කඩුල්ලක් දැවී 23 – (ආදිත්‍ය සිරිවර්ධන නොදැවී 10, නිපුණ ගමගේ නොදැවී 10)

  • මොරටුව ක්‍රීඩා සමාජය – ලියෝ ක්‍රිකට් සමාජය – (වැලිසර නාවික හමුදා පිටිය)

 මොරටුව ක්‍රීඩා සමාජය පන්දුවාර 34.1ක දී සියල්ල දැවී 131 – (රශ්මික මෙවන් 72, පුබුදු බණ්ඩාර 16, පූර්ණ ප්‍රභාත් 14, මංගල ප්‍රදීප් 40/4,  මල්ෂාන් ගුණසිංහ 18/3, සොනාෂ් ප්‍රනාන්දු 34/3)

 ලියෝ ක්‍රිකට් සමාජය පළමු දින තරගය නිම වන විට පන්දුවාර 50ක දී කඩුල්ලක් දැවී ලකුණු 156 – (හිරුන් සිගේරා නොදැවී 86, අෂේන් මෙන්ඩිස් නොදැවී 61)

  • නාවික හමුදා ක්‍රීඩා සමාජය – කොළඹ මැලේ ක්‍රීඩා සමාජය -(බී.ආර්.සී. ක්‍රීඩා පිටියේ දී)

 නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 70.1ක දී සියල්ල දැවී 301 – (තෙවිඳු දික්වැල්ල 113, වරුණ මයන්ත 92, ඉෂාන් අබේසේකර 34, පූර්ණ චාරුක 21, උවිඳු පෙරේරා 17, යේසිත් රූපසිංහ 54/4, සූදාර දක්ෂිණ 31/3)

 කොළඹ මැලේ ක්‍රීඩා සමාජය පළමු ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට පන්දුවාර 15.1ක දී කඩුලු 4ක් දැවී 72 – (වෝෂිත අමරසිංහ නොදැවී 35, යේසිත් රණසිංහ 15, දිලංක අවුවාඩ් 18/2)

  • මීගමුව ක්‍රීඩා සමාජය – සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය – (කටුනායක ගුවන් හමුදා පිටියේ දී)

 මීගමුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට පන්දුවාර 76ක දී කඩුලු 5ක් දැවී ලකුණු 209 – (ඇන්ජලෝ ජයසිංහ නොදැවී 62, දුනිත් සඳරුවන් නොදැවී 44, උමේෂ් ලක්ෂාන් 37, පසිඳු තිරිමැදුර නොදැවී 37, කවීන් ප්‍රනාන්දු 16, මනෙල්ක ද සිල්වා 27/2, හෂාන් සංදීප 60/2)

  • ගාලු ක්‍රිකට් සමාජය – එස්.එස්.සී. ක්‍රීඩා සමාජය – (බ්ලුම්ෆීල්ඩ් ක්‍රිකට් පිටියේ දී)

 ගාලු ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 28.5ක දී සියල්ල දැවී ලකුණු 118 – (සුපුන් කවිඳ 54, රන්ජිත් ප්‍රියාන් 27, අමිත් එරන්ද 10, ප්‍රමෝද් මධුෂාන් 32/5, ප්‍රභාත් ජයසූරිය 48/4)

 එස්.එස්.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම ප්‍රථම දින නිම වන විට පන්දුවාර 50ක දී කඩුලු 7ක් දැවී ලකුණු 308 – (නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 110, අවිශ්ක ප්‍රනාන්දු 68, මලින්ද සිරිවර්ධන 39, ක්‍රිෂාන් සංජුල 32, ෂෙවොන් ඩැනියල් 29, රජිව් වීරසිංහ 114/4, හංසමන ද සිල්වා 20/2)

  • යුද හමුදා ක්‍රීඩා සමාජය – කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය – (දොඹගොඩ යුද හමුදා පිටියේ දී)

යුද හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පළමු දින තරගය නිම වන විට පන්දුවාර 80ක දී කඩුලු 7ක් දැවී ලකුණු 321 – (ක්‍රිෂේන් අපොන්සු 122, පැතුම් දිල්ෂාන් 61, සෙහද සොයිසා නොදැවී 33, මනුෂ්ක සමිත් 23, තිසර පෙරේරා 18, උමේග චතුරංග 86/4, යශෝධ මෙන්ඩිස් 37/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee