slc
logo
Home   |    News
දෙසැම්බර් 8, 2025
මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ කෝල්ට්ස් – පොලිස් පූර්ණ ජය ලබති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි දිනය වු අද (8) කෝල්ට්ස් – පොලිස් කණ්ඩායම් පූර්ණ ජය වාර්තා කළහ. හලාවත මේරියන්ස් පිල පරදවා ඉනිමක හා ලකුණු 31ක ජයක් අත්කර ගැනීමට කෝල්ට්ස් පිල සමත් වූ අතර, පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 8කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජ පිල සමත් විය.

දඟ පන්දු යවන අකිල ධනංජය ලකුණු 27කට හලාවත පිලේ දෙවැනි ඉනිමේදී කඩුලු 5ක් බිදහෙලීම හේතුවෙන් කෝල්ට්ස් පිලට ජයග්‍රහණය පහසු විය. කොල්ට්ස් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 152ක්, සහන් ද මෙල් ලකුණු 76ක් වාර්තා කළේය.

පොලිස් ක්‍රීඩා සමාජයේ දිලුම් සුධීර ඉනිම දෙකේම කඩුලු 11ක් බිදහෙළූ අතර, පොලිස් පිලට ජයග්‍රහණය පිණිස එල්ල වූ ලකුණු 258 හඹා යෑමේදී ප්‍රියමාල් පෙරේරා ‍නොදැවී ලකුණු 116ක් ලබාගත් අතර, දුලේෂ් උදයංග නොදැවී ලකුණු 88ක් ලබා ගැනීමට සමත් විය.

අද පැවැති තරගවලදී සීසීසී පිලේ නිශාන් පීරිස් ලකුණු 67කට කඩුලු 7ක් බිඳහෙළුෑ අතර, නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජයේ පුලිඳු පෙරේරා නොදැවී ලකුණු 129ක් හා බීආර්සී පිලේ රොෂේන් සිල්වා නොදැවී ලකුණු 100ක් ලබා ගත්හ. මේ සමගම රොෂේන් සිල්වා සිය පළමු පෙළ තරග දිවියේ ලකුණු 10,000 සමාජයට එක්වීමටද සමත්වූවේය. 37 වැනි වියේ පසුවන රොෂේන් පන්දු 220 කට මුහුණ දීි හතරේ පහර 11 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 100 ක් ලබා ගත්තේ පළමු පෙළ තරග දිවියේ 29 වැනි පළමු පෙළ ශතකයටද හිමිකම් කියමිනි. පළමු පෙළ තරග 157 කට ක්‍රීඩා කර ඇති රොෂේන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 12 ක් නියෝජනය කර තිබේ. එක් ශතයක් සහ අර්ධ ශතක 5 කට හිමිකම් කියන රොෂේන්ගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 35.10 ක් ලෙස සටහන් වේ.

ලකුණු සාරාංශය

හලාවත මේරියන්ස් – කොල්ට්ස් අතර පී. සරා ඕවල් පිටියේ පැවැති තරගයෙන් කොල්ට්ස් පිලට ඉනිමක හා ලකුණු 31ක ජයක්

හලාවත මේරියන්ස් පිල පළමු ඉනිම ඕවර් 65.3කදී සියලු දෙනා දැවී ලකුණු 232

තනුක දාබරේ 12, ලසිත් ලක්ෂාන් 54, උදයවංශ පරාක්‍රම 19, ෂම්මු අශාන් 18, සකුන ලියනගේ 20, කල්හාර සේනාරත්න 59, සිතුම් දිසානායක 27, කෞමාල් නානායක්කාර නොදැවී 12 ( හර්ෂන වික්‍රමසිංහ 44/4, අකිල ධනංජය 77/3, සනෝජ් දර්ශික 9/1)

කෝල්ට්ස් පිල පළමු ඉනිම ඕවර් 76කදී සියලු දෙනා දැවී ලකුණු 341

සාලින් ද මෙල් 76, දිනේෂ් චන්දිමාල් 152, දුනිත් වෙල්ලාලගේ 28, ෂෙරාන් ෆොන්‍සේකා 27, කවිෂ්ක අංජුල 11, අකිල ධනංජය 25 (කල්හාර සේනාරත්න 64/3, කෞමාල් නානායක්කාර 62/3, මෙලාන් හසාන්ක 94/3)

හලාවත මේරියන්ස් පිල දෙවැනි ඉනිම ඕවර් 30.2කදී සියලු දෙනා දැවී ලකුණු 78

උදයවංශ පරාක්‍රම 16, ෂම්මු අශාන් 21, සකුන ලියනගේ 13, මෙලන් හසන්ක නොදැවී 12 (උදිත මධුෂාන් 22/2, අකිල ධනංජය 27/5, සනෝජ් දර්ශික 16/2)

පොලිස් ක්‍රීඩා සමාජය – පානදුර ක්‍රීඩා සමාජය අතර මග්ගොන සරේ ක්‍රීඩා පිටියේ පැවැති තරගයෙන් පොලිස් පිලට කඩුලු 8ක ජයක් ‍

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 54.1කදී සියලු දෙනා දැවී ලකුණු 196

ඔෂධ ප්‍රනාන්දු 45, කාංචන ඩී ලිවේරා 14, සසිඳු මල්ෂාන් 65, දුෂාන් හේමන්ත 46, නිමේෂ් විමුක්ති 12 ( හිමේෂ් රාමනායක 35/2, නලීන් ප්‍රියදර්ශන 34/2, දිලුම් සුධීර 77/5)

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 62.5කදී සියලු දෙනා දැවී ලකුණු 155

දුලෂ් උදයංග 21, අශේන් බණ්ඩාර 24, විශාද් රන්දික 26, හිමේෂ් රාමනායක 11, දිලුම් සුධීර නොදැවී 18, නිපුන් ප්‍රේමරත්න 24 (දුෂාන් විමුක්ති 33/4, නිමේෂ් විමුක්ති 26/2, අසංක මනෝජ් 42/3)

පානදුර ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම ඕවර් 64.2කදී සියලු දෙනා දැවී ලකුණු 216

ඔෂධ ප්‍රනාන්දු 47, කාංචන ඩී ලිවේරා 55, ඉරෝෂ් සමරසූරිය 48, විශ්ව චතුරංග 34, සලිත් ප්‍රනාන්දු 23 (නලීන් ප්‍රියදර්ශන 46/3, දිලුම් සුධීර දිලුම් සුධීර 91/6)

පොලිස් ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම ඕවර් 70.4 කදී කඩුලු 2ක් දැවී ලකුණු 258

ධනුජ ඉඳුවර 48, දුලෂ් උදයංග නොදැවී 88, ප්‍රියමාල් පෙරේරා නොදැවී 116 (මොහොමඩ් දිල්ෂාඩ් 31/1, නිමේෂ් විමුක්ති 66/1)

සීසීසී – නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජය අතර එස්එස්සී පිටියේ පැවැති තරගයෙන් සීසීසී පිලට පළමු ඉනිමේ ජය

සීසීසී පිල පළමු ඉනිම ඕවර් 97කදී කඩුලු 9ක් දැවී (ඉනිම අත්හිටුවා) ලකුණු 452

නිශාන් මධුෂ්ක 21, ලසිත් කෘෘස්පුල්ලේ 21, ධනංජය ද සිල්වා 117, සහන් කෝසල 75, පවන් රත්නායක 98, සොනාල් දිනූෂ 37, චමිඳු විජේසිංහ 12, නිශාන් පීරිස් නොදැවී 32, විශ්ව ප්‍රනාන්දු 15, අසිත ප්‍රනාන්දු නොදැවී 12 ( තිලකරත්න සම්පත් 109/2, මධූක ලියනපතිරණ 115/6)

නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 83කදී සියලු දෙනා දැවී ලකුණු 238

අවිශ්ක පෙරේරා 23, පුලින්ඳු පෙරේරා 13, ලොහාන් ද සොයිසා 51, පැතුම් කුමාර 10, ‍කෙවින් පෙරේරා 41, අක්රම් මුතාලිෆ් 11, අනුක් ප්‍රනාන්දු 15, මධූක ලියනපතිරණ නොදැවී 29, සචිඳු කොළඹගේ 28 ( අසිත ප්‍රනාන්දු 39/1, නිශාන් පීරිස් 67/7, පවන් රත්නායක 11/1)

නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජය දෙවැනි ඉනිම ඕවර් 45කදී කඩුලු 3ක් දැවී ලකුණු 200

පුලින්ඳු පෙරේරා නොදැවී 129, පැතුම් කුමාර නොදැවී 30,තිලකරත්න සම්පත් 34 ( විශ්ව ප්‍රනාන්දු 14/1, චමිඳු විජේසිංහ 40/1, පවන් රත්නායක 11/1)

මුවර්ස් ක්‍රීඩා සමාජය – බීආර්සී අතර කොල්ට්ස් ක්‍රීඩා පිටියේ පැවැති තරගයෙන් මුවර්ස් පිලට පළමු ඉනිමේ ජය

මුවර්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 100කදී කඩුලු 8ක් දැවී (ඉනිම අත්හිටුවා) ලකුණු 336

සදීර සමරවික්‍රම 21, ජනිෂ්ක පෙරේරා 27, සොහාන් ඩී ලිවේරා 38, සිතාර ගිම්හාන 18, පසිඳු සූරියබණ්ඩාර 100, රමේෂ් මෙන්ඩිස් 47, මිලාන් රත්නායක 35, සන්තුෂ් ගුණතිලක නොදැවී 23 ( මොහොමඩ් සිරාස් 42/2, සන්දේශ් රාමනායක 49/1, මොවින් අබිනාෂ් 64/1, ශෂික දුල්ෂාන් 108/4) 

බීආර්සී පළමු ඉනිම ඕවර් 93කදී කඩුලු 3ක් දැවී ලකුණු 211 යි

හෂාන් දුමින්ද 17, හෂාන් දුමින්ද 34, රොෂේන් සිල්වා නොදැවී 100, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 52 (සන්තුෂ් ගුණතිලක 29/1, ශිරාන් ප්‍රනාන්දු 41/2)

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය – කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ පැවැති තරගයෙන් එස් කැපිටල් පිලට පළමු ඉනිමේ ජය

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 122.3කදී කඩුලු 9ක් දැවී (ඉනිම අත්හිටුවා) ලකුණු 406

පවන්ත වීරසිංහ 65, නිමේෂ් ගුණසිංහ 85, කවිඳු කුලසේකර 40, හිමාෂ ලියනගේ 106, වනුජ සහන් 32, රොෂාන් ජයතිස්ස 40, ඉසිත විජේසුන්දර 16,  (දිනුෂ්ක මාලන් 66/5, චාමික එදිරිසිංහ 108/2, අරවින්ද ප්‍රේමදාස 58/1, සමීර සඳමාල් 18/1)

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 90.5කදී සියලු දෙනා දැවී ලකුණු 298

ගයාන් මනීෂාන් 39, මාධව වර්ණපුර 14, ලක්ෂාන් එදිරිසිංහ 24, සමීර සඳමාල් 19, මනෝජ් සරත්චන්ද්‍ර 47, දිනුෂ්ක මාලන් 16, රන්දීර රණසිංහ 54, ළහිරු ජයරත්න නොදැවී 57  (ඉසිත විජේසිංහ 72/3, දනාල් හේමනන්දච 53/1, රොෂාන් ජයතිස්ස 45/3, වනුජ සහන් 88/2, චමෝද් බැට්ටගේ 29/1)

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය දෙවැනි ඉනිම ඕවර් 19.5කදී කඩුලු 7ක් දැවී ලකුණු 91

පවන් පතිරාජ නොදැවී 32, නිමේෂ ගුණසිංහ 10, ඉසිත විජේසුන්දර නොදැවී 37 (දිනුෂ්ක මාලන් 12/1, චාමික එදිරිසිංහ 41/4, අරවින්ද ප්‍රේමදාස 30/2)

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – බඳුරලිය ක්‍රීඩා සමාජය අතර සීසීසී පිටියේ පැවැති තරගයෙන් ටැමිල් යූනියන් පිලට පළමු ඉනිමේ ජය ‍

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 108.2කදී සියලු දෙනා දැවී ලකුණු 347

නවෝද් පරණවිතාන 46, සිනෙත් ජයවර්ධන 22, මිනෝද් භානුක 23, භානුක රාජපක්ෂ 17, සචිත ජයතිලක 51, සාරුජන් සන්මුගනාදන් 123, තරිදු රත්නායක 35, කළණ පෙරේරා 21,  (බුද්ධික සංජීව 73/4, මිලින්ද පුෂ්පකුමාර 96/3, කේසර නුවන්ත 47/1, සඳුන් වීරක්කොඩි 20/1, සුමින්ද ලක්ෂාන් 41/1)

බඳුරලිය ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 74.5කදී සියලු දෙනා දැවී ලකුණු 205

දිල්ෂාන් ද සොයිසා 28, රොෂාන් වි‍ජේනායක 39, රවීන් යසස් 17, රු‍මේෂ් බුද්ධික 24, සුමින්ද ලක්ෂාන් 14, කේසර නුවන්ත 46, අලංකාර අසංක සිල්වා නොදැවී 25,  (කවිඳු දිල්හාර 43/3, වි‍ජේකාන්ත් වියස්කාන්ත් 45/4, තරිඳු රත්නායක 60/1, විහස් තෙව්මික 16/1)

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම ඕවර් 29.2කදී කඩුලු 9ක් දැවී (ඉනිම අත්හිටුවා) ලකුණු 97

මිනෝද් භානුක 16, සචිත ජයතිලක 33, වි‍ජේකාන්ත් වියස්කාන්ත් 13, තරිඳු රත්නායයක 10 (බුද්ධික සංජීව 0/1, අලංකාර අසංක සිල්වා 23/3, මිලින්ද පුෂ්පකුමාර 38/4, කේසර නුවන්ත 17/1)

බඳුරලිය ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම ඕවර් 12කදී කඩුල් 2ක් දැවී ලකුණු 56

සඳුන් වීරක්කොඩි 25, රොෂාන් විජේනායක නොදැවී 22 (තරිඳු රත්නායක 24/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar