slc
logo
Home   |    News
දෙසැම්බර් 7, 2025
රුසිරු විලෝචනගෙන් ද්විත්ව ශකයක්

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ‘ටියර් බී කොටසේ‘ අන්තර් සමාජ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවන දිනය වු අද (06) වැඩිපුරම දක්ෂතා දක්නට ලැබුණේ පිතිකරුවන්ගෙනි. එම පිතිකරුවන් අතුරින් ප්‍රථම දිනයේ නොදැවී ශතකයක් රැස් කළ සෙබස්ටිනයිට්ස් කණ්ඩායමේ රුසිරු විලෝචන අද එය ද්විත්ව ශතකයක් බවට පත් කළේ ඉනිම නතර කරන විට නොදැවී ලකුණු 200ක් ලබා ගනිමිනි. මේ අනුව මෙවර “ටියර් බී කොටසේ “ තුන් දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම ශතකය සහ ප්‍රථම ද්විත්ව ශතකය වාර්තා කිරීමේ ගෞරවය රුසිරු විලෝචනට හිමි වේ. ලියෝ ක්‍රිකට් සමාජය සමග පැවැති එම තරගයේ දී රුසිරු ද්විත්ව ශතකය වාර්තා කළේ පන්දු 281කට මුහුණ දී හතරේ පහර 26ක් සමගය.

 පන්දු යවන්නන් දෙදෙනෙකු කඩුලු පහ බැගින් දවාලීම ද අද කැපී පෙනුණු සිදුවීමකි. යුනයිටඩ් සදර්න් – කළම්බු මැලේ තරගයේ දී මැලේ කණ්ඩායමේ තිමිර මල්ෂාන් ලකුණු 75කට කඩුලු පහක් දවාලමින් ද ශ්‍රී ලංකා යුද හමුදාව සහ නාවික හමුදාව අතර තරගයේ දී නාවික හමුදාවේ පූර්ණ චාරුක ලකුණු 47කට කඩුලු පහක් දවාලමින් ද මේ දක්ෂතා දැක්වීය.

 පිතිකරුවන් කිහිප දෙනෙකුම ශතක සහ අර්ධ ශතක ඉක්ම වනු මෙදින දක්නට ලැබිණි. යුද හමුදාව සහ නාවික හමුදාව අතර තරගයේ දී යුද හමුදාවේ ඉෂ්වර මෙන්ඩිස් ලකුණු 128ක් සහ ක්‍රිෂේන් අපොන්සු ලකුණු 83ක් රැස් කර යුද හමුදා දෙවන කඩුල්ලට ලකුණු 159ක සබඳතාවයක් තබා ගැනීමෙන් යුද හමුදාවට ප්‍රථම ඉනිම වෙනුවෙන් වේගවත් ලකුණු 344ක් (පන්දුවාර 68.3) රැස් කිරීමට අවස්ථාව උදා විණි.

 ගාලු ක්‍රීඩා සමාජය සහ මොරටුව ක්‍රීඩා සමාජය අතර තරගයේ දී ගාලු ක්‍රීඩා සමාජය පළමු ඉනිමේ දී රැස් කළ ලකුණු 271කට මොරටුව ක්‍රීඩා සමාජය කඩුලු හතරක් දැවී ලකුණු 288කින් පිළිතුරු සැපයුවේ පිතිකරුවන් තිදෙනෙකුම රැස් කළ අර්ධ ශතක මගිනි. එම පිතිකරුවන් වුයේ රශ්මික මෙවන් (79) අභිෂේක් ලියනආරච්චි (76) සහ ගැවින් බොතේජුය (නොදැවී 71).

 දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – කැන්ඩි කස්ටම් තරගයේ දී කැන්ඩි කස්ටම් කණ්ඩායම පළමු ඉනිමේ රැස් කළ ලකුණු 155ට පිළිතුරු ලෙස එස්.එස්.සී. දෙවන දින නිම වන විට කඩුලු තුනක් දැවී ලකුණු 253ක් රැස් කර ප්‍රබල ස්ථානයක පසු විය. එහිදී දෙවන කඩුල්ලට ක්‍රිෂාන් සංජුල ලකුණු 108ක් ද (පන්දු 108යි හතරේ අටයි) නිපුන් ධනංජය ලකුණු 91ක් ද (පන්දු 129යි හතරේ තුනයි හයේ දෙකයි) ලකුණු 195ක සබඳතාවයක් තබා ගැනීම විශේෂ වූ සිදුවීමකි.

 වාර්ෂාවෙන් අද දිනයේ දී ද තරගාවලියට බාධා ඇති විය.

ලකුණු සාරාංශය

  • මීගමුව ක්‍රීඩා සමාජය – රාගම ක්‍රීඩා සමාජය

 මීගමුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට පන්දුවාර 36ක දී කඩුලු 4ක් දැවී ලකුණු 118 – (කවීන් ප්‍රනාන්දු 41, කෙෂාන් වන්නිආරච්චි 27, පසිඳු තිරිමැදුර 22, උමේෂ් ලක්ෂාන් නොදැවී 16, විකුම් සංජය 27/2)

  • යුද හමුදා ක්‍රීඩා සමාජය – නාවික හමුදා ක්‍රීඩා සමාජය

 යුද හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට පන්දුවාර 68.3ක දී සියල්ල දැවී 344 – (ඉෂාර මෙන්ඩිස් 128, ක්‍රිෂේන් අපොන්සු 83, පැතුම් දිල්ෂාන් 30, තිසර පෙරේරා 29, පූර්ණ චාරුක 47/5, දිලංක අවුවාඩ් 83/3)

 නාවික හමුදාව පළමු ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට පන්දුවාර 17ක දී කඩුලු 2කට ලකුණු 70 – (තෙවිඳු දික්වැල්ල 37, වරුණ මයන්ත 11, මයුර මල්ෂාන් නොදැවී 11, සෙහද සොයිසා 18/2)

  • යුනයිටඩ් සදර්න්  දස්කම් දක්වයි

 යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 94.2ක දී සියල්ල දැවී ලකුණු 299 – (පෙසඳු සංජාන් 87, නිපුන ගමගේ 44, මහේෂ් ද සිල්වා 30, ආදිත්‍ය සිරිවර්ධන 26, තරිඳු එදිරිවීර 25, තරුෂ දමිඳු නොදැවී 24, අදීෂ නානායක්කාර 22, තිමිර මල්ෂාන් 75/5, වෝෂිත අමරසිංහ 70/3)

 කළම්බු මැලේ ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 24ක දී කඩුලු 3කට ලකුණු 79 – (දේශාන් ඩයස් 24, කෙවින් සැමුවල් 22, කවිඳු එදිරිවීර 10/2)

  • සෙබස්ටියනයිට්ස්ගෙන්  විශේෂ දක්ෂතා

 සෙබස්ටියනයිට්ස් පළමු ඉනිම පන්දුවාර 92.4ක දී කඩුලු 6කට ලකුණු 345 – (රුසිරු විලෝචන නොදැවී 200, සඳුන් ප්‍රනාන්දු 66, තරුෂ ප්‍රනාන්දු 34, කවිඳු නිර්මාල් 17, ප්‍රවීන් ද සිල්වා 86/3, කළණ මධුශංක 57/1)

  • එස්.එස්.සී. ප්‍රබල පිළිතුරක් දෙයි

කැන්ඩි කස්ටම් පළමු ඉනිම පන්දුවාර 66.5ක දී සියල්ල දැවී ලකුණු 155 – (සුධීර වීරරත්න 27, යශෝධ මෙන්ඩිස් 27, මිතුන් ජයවික්‍රම 20, ළහිරු අත්තනායක 16, උමේග චතුරංග 16, මළිඳු මධුරංග 16, අවිඳු තීක්ෂණ 12, කසුන් රාජිත 19/3, ප්‍රභාත් ජයසූරිය 50/3)

 එස්.එස්.සී. පළමු ඉනිම පන්දුවාර 57ක දී කඩුලු 3කට ලකුණු 253 – (ක්‍රිෂාන් සංජුල 108, නිපුන් ධනංජය 91, චරිත් අසලංක නොදැවී 21, යශෝධ මෙන්ඩිස් 32/1)

  • මොරටුව ක්‍රීඩා සමාජයෙන් සාර්ථක ප්‍රහාරයක්

 ගාලු ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 81.1ක දී සියල්ල දැවී ලකුණු 271 – (අමිත් එරන්ද 37, ලිසුල ලක්ෂාන් 34, රනේෂ් නිමන්ත 33, සුපුන් කවිඳ 33, සුභානු රාජපක්ෂ 33, ඉමේෂ උදයංග 38/3, මෙතුෂාන් තිළිණ 42/3, නවීන් කවිකාර 67/2)

 මොරටුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 62ක දී කඩුලු 4ක් දැවී 288 – (රශ්මික මෙවන් 79, අභිෂේක් ලියනආරච්චි 76, ගැවින් බොතේජු නොදැවී 71, චානක රුවන්සිරි 35, රාජිත් ප්‍රියාන් 31/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar