slc
logo
Home   |    News
ජනවාරි 16, 2026
මලිඳු සහ රන්දුණු ශතක රැස් කරති

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද ආරම්භ වු තරග හයේ දී කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජයේ නායක සහ ආරම්භක පිතිකරු මලිඳු මධුරංග ලකුණු 196ක් ද යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජයේ රන්දුනු එදිරිවීර නොදැවී ලකුණු 129ක් ද රැස් කරමින් ශතක වාර්තා කළහ.

 මීට අමතරව ගාල්ල ක්‍රිකට් සමාජයේ ආරම්භක පිතිකරු රමේෂ් නිමන්ත ලියෝ ක්‍රිකට් සමාජය සමග තරගයේ දී ලකුණු 99ක් ලබා සිටිය දී දැවී ගියේ ශතකය ආසන්නව සිටිය දී අවාසනාවන්ත අයුරිනි.

 බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ පැවැති කැන්ඩි කස්ටම්ස් – කොළඹ මැලේ අතර තරගයේ දී කැන්ඩි කස්ටම්ස් නායක සහ ආරම්භක පිතිකරු මලිඳු මධුරංග සිය ද්විත්ව ශතකයට ලකුණු හතරක් අඩුවෙන් සිටිය දී කොළඹ මැලේ කණ්ඩායමේ කවිඳ ඊස්වර ගේ පන්දුවකට වෝෂිත අමරසිංහ උඩපන්දුවක් රැක ගැනීමෙන් දැවී ගියේ ලකුණු 196කට ය. වේගවත් පිතිහරඹයක නියැළී සිටි මලිඳු මධුරංග පන්දු 172කට පමණක් මුහුණ දී හතරේ පහර විස්සක් සහ හයේ පහර හතක් ද සමග එම ලකුණු ප්‍රමාණය රැස් කළේය.

 කැන්ඩි කස්ටම්ස් අංක හතර පිතිකරු අවිඳු තීක්ෂණ සමග මලිඳු මධුරංග තෙවන කඩුල්ලට ලකුණු 179ක් රැස් කළේ පන්දු 167කට පමණක් මුහුණ දෙමිනි. අවිඳු තීක්ෂණ මෙදින ලකුණු 71ක් ලැබීය.

 මේ අතර පානදුර මහජන පිටියේ පැවැති යුනයිටඩ් සදර්න් – සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය අතර තරගයේ දී යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජයේ අංක පහ පිතිකරු රන්දුනු ඉඳුවර අද තරගය නිම වන විට නොදැවී ලකුණු 129ක් ලබා සිටියේ පන්දු 252කට මුහුණ දී හතරේ පහර 14ක් සහ හයේ පහරක් ද සමගය.

 යුනයිටඩ් සදර්න් අංක අට පිතිකරු දෙනුවන් රාජකරුණා ද මෙදින ඉක්මන් ලකුණු 83ක් රැස් කළේ පන්දු 80ක දී හතරේ පහර අටක් සහ හයේ පහර හතරක් සමගය. රන්දුනු සහ දෙනුවන් තම කණ්ඩායමේ හත්වන කඩුල්ලට තරගයේ හොඳම සබඳතාව වාර්තා කළේ ලකුණු 101ක් රැස් කරමිනි.

 වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ පැවැති ගාල්ල ක්‍රිකට් සමාජය සහ ලියේ ක්‍රිකට් සමාජය අතර තරගයේ දී ගාල්ල ක්‍රිකට් සමාජයේ ආරම්භක පිතිකරු රමේෂ් නිමන්ත පන්දු 202කට මුහුණ දී හතරේ පහර දහයක් සමග ලකුණු 99ක් ලබා සිටිය දී මුළු ලකුණු 256 දී අටවන කඩුල්ල ලෙස දැවී ගියේ මංගල ප්‍රදීප්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙනි. රමේෂ් නිමන්ත සහ සුභානු රාජපක්ෂ ගාල්ල ක්‍රිකට් සමාජයේ දෙවන කඩුල්ලට වැඩිම සබඳතාව තබා ගත්තේ ලකුණු 87ක් රැස් කරමිනි.

 කොස්ගම ශාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේ  පැවැති නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගයේ දී රාගම ක්‍රිකට් සමාජයේ තරුෂ කොඩිකාර ලකුණු හතළිහකට කඩුලු පහක් සහ උපුල් ඉන්ද්‍රසිරි ලකුණු අටකට කඩුලු හතරක් දවාලීමෙන් නාවික හමුදා ක්‍රීඩා සමාජයේ පිතිකරුවන් සියල්ලම පළමු ඉනිමේ දී දැවී ගියේ ලකුණු 77කට ය. අද දිනයේ කඩුලු පහ ඉක්මවා දවාලු එකම පන්දු යවන්නා තරුෂ කොඩිකාර වේ.

 රාගම ක්‍රිකට් සමාජය දිනය නිම වන විට ප්‍රබල පිළිතුරක් සැපයුවේ කඩුලු තුනකට ලකුණු 129ක් රැස් කරමිනි. එහිදී රන්මිත් ජයසේන ලකුණු 54ක් ද සහීල් ඩයස් නොදැවී ලකුණු 51ක් ද රැස් කර අර්ධ ශතක වාර්තා කළහ.

 මීගමුව ක්‍රිකට් සමාජය සහ මොරටුව ක්‍රීඩා සමාජය අතර තරගයේ දී මොරටුව ක්‍රීඩා සමාජය දිනය නිම වන විට පළමු ඉනිමේ දී ඉදිරියෙන් සිටිමින් ප්‍රබල තත්ත්වයක පසු ‍වෙමිනි.

 නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ පැවැත්වෙන යුද හමුදා ක්‍රීඩා සමාජය සහ එස්.එස්.සී. ක්‍රීඩා සමාජය අතර තරගයේ දී එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ නිපුන් ධනංජය ලකුණු 31කට කඩුලු තුනක් ද කසුන් රාජිත ලකුණු 58කට කඩුලු තුනක් ද දවාලිමෙන් යුද හමුදා ඉනිම ලකුණු 233කට සීමා විණි.

ලකුණු සාරංශය

  • යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය – සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය – පානදුර මහජන පිටියේ දී

 යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට පන්දුවාර 90ක දී කඩුලු 9ක් දැවී ලකුණු 328 – කවිඳු එදිරිවීර නොදැවී 129, දෙනුවන් රාජකරුණා 83, පෙසඳු සංජන් 33, සසංක නිර්මාල් 28, දිල්ෂාන් කාංචන 26, ආදිත්‍ය සිරිවර්ධන 18, හෂාන් සංදීප 81/3, මනෙල්ක ද සිල්වා 36/2, මලිත හපුආරච්චි 32/1

  • කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය – කොළඹ මැලේ ක්‍රිකට් සමාජය – බී.ආර්.සී. පිටියේ දී

 කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 84ක දී කඩුලු 9ක් දැවී ලකුණු 414 –  මලිඳු මධුරංග 196, අවිඳු තීක්ෂණ 71, දිලාන් ජයලත් නොදැවී 63, අෂාන් රන්දික 27, යශෝධ මෙන්ඩිස් 19, ප්‍රමේෂ් මධුභාෂණ 15, සුදාර දක්ෂිණ 94/4, කවිඳ ඊශ්වර 78/3, චානක දේවින්ද 94/2

කොළඹ මැලේ ක්‍රිකට් සමාජය පළමු ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට පන්දුවාර 4ක දී කිසිවෙකු නොදැවී ලකුණු 15වෝෂිත අමරසිංහ නොදැවී 14

  • ගාල්ල ක්‍රිකට් සමාජය –  ලියෝ ක්‍රිකට් සමාජය – වැලිසර නාවික හමුදා පිටියේ දී

ගාල්ල ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 79.5ක දී සියල්ල දැවී ලකුණු 314රමේෂ් නිමන්ත 99, සුභානු රාජපක්ෂ 51, ලිසුල ලක්ෂාන් 38, අමිත් එරන්ද 33, රජීව වීරසිංහ 32, හංසමාන ද සිල්වා 29, මංගල ප්‍රදීප් 111/4, මල්ෂාන් ගුණසිංහ 127/4

 ලියෝ ක්‍රිකට් සමාජය පළමු ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට පන්දුවාර 8ක දී කිසිවෙකු නොදැවී ලකුණු 11

  • යුද හමුදා ක්‍රීඩා සමාජය –  එස්.එස්.සී. ක්‍රීඩා සමාජය – නාරාහේන්පිට කිරිමණ්ඩල මාවත පිටියේ දී

 යුද හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 71.5ක දී සියල්ල දැවී ලකුණු 233 – ක්‍රිෂේන් අපෝන්සු 75, ෂෙහද සොයිසා 39, පැතුම් දිල්ෂාන් 35, අසේල ගුණරත්න 34, සීක්කුගේ ප්‍රසන්න 10, නිපුන් ධනංජය 31/3, කසුන් රාජිත 58/3, නුවනිඳු ප්‍රනාන්දු 14/2, ප්‍රභාත් ජයසූරිය 56/2

 එස්.එස්.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට පන්දුවාර 15.5ක දී කඩුල්ලක් දැවී ලකුණු 67අවිශ්ක ප්‍රනාන්දු නොදැවී 36, ෂෙවෝන් ඩැනියල් 16, නිපුන් ධනංජය නොදැවී 13, සීක්කුගේ ප්‍රසන්න 21/1

  • මීගමුව ක්‍රිකට් සමාජය – මොරටුව ක්‍රීඩා සමාජය – මොරටුව ද සොයිසා පිටියේ දී

මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 44.2ක දී සියල්ල දැවී ලකුණු 120කවීන් ප්‍රනාන්දු 42,  අමිත සංදීප 37,  ශෙහාන් ප්‍රමෝද් 16, ගයාන් සිරිසෝම 40/4, මෙතුෂාන් තිළිණ 19/3

 මොරටුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට පන්දුවාර 43ක දී කඩුලු 2ක් දැවී ලකුණු 127තිළිණ දිල්ෂාන් 34,පුබුදු බණ්ඩාර නොදැවී 30, රශ්මික මෙවන් ඉවත් වුවා 27, අභිෂේක් ලියනආරච්චි 23, ශෙහාන් ප්‍රමෝද් 21/1

  • නාවික හමුදා ක්‍රීඩා සමාජය – රාගම ක්‍රිකට් සමාජය – කොස්ගම ශාලාව යුද හමුදා  පිටියේ දී

  නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 28.3ක දී සියල්ල දැවී ලකුණු 77තෙවිඳු දික්වැල්ල 30, රජිත රත්නායක 10, තුෂාල් ආදිත්‍ය 10, තරුෂ කොඩිකාර 40/5, උපුල් ඉන්ද්‍රසිරි 8/4

  රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට පන්දුවාර 43ක දී කඩුලු 3ක් දැවී ලකුණු 129රන්මිත් ජයසේන 54,සහීල් ඩයස් නොදැවී 51, දිලංක අවුවාඩ් 25/2

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar