slc
logo
Home   |    News
ජනවාරි 4, 2026
අශේන් බණ්ඩාර දෙවැනි ශතකයක් ලබයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ ‍පස්වැනි සතියේ දෙවැනි දිනය වූ අද (3) ශ්‍රී ලංකා පොලීසියේ අශේන් බණ්ඩාර පන්දු 172කදී හතරේ පහර 8ක් සමඟ ලකුණු 103ක්, එන්සීසී පිලේ චාමික කරුණාරත්න පන්දු 186කදී හයේ පහරක් හා හතරේ පහර 4ක් සමඟ ලකුණු 121ක් හා කුරුණෑගල පිලේ සමීර සඳමාල් පන්දු 153කදී හතරේ පහර 14ක් සමඟ ලකුණු 106ක් ලබා ගැනීමට සමත් වූහ.

මේ අතර ශ්‍රී ලංකා පොලීසියේ විශාද් රන්දික ලකුණු 91ක්, පානදුර පිලේ  නිමේෂ් විමුක්ති ලකුණු 52ක්, බ්ලූම්ෆීල්ඩ් පිලේ රොන් චන්ද්‍රගුප්ත ලකුණු 50ක්, අසිත වන්නිනායක ලකුණු 64ක්, සීසීසී පිලේ සොනාල් දිනූෂ ලකුණු 61ක් හා ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයේ වනුජ සහන් ලකුණු 58ක් ලබා ගැනීමට සමත් වූහ.

පන්දු යැවීමේදී බීආර්සී පිලේ මොහොමඩ් සිරාස් ඒස් කැපිටල් පිලට එරෙහිව ලකුණු 32තට කඩුලු 5ක් බිදහෙලා දස්කම් දැක්වීය.

ටැමිල් යූනියන් හා කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය අතර තරගය එන්සීසී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර, එන්සීසී පිල පළමු ඉනිමේ ලකුණු 237ක් පසුපසින් සිටි හෙයින් ඉනිමක පරාජයෙන් බේරීම සඳහා සටනක නිරතවී සිටී.

ලකුණු සාරාංශය

බ්ලූම්ෆීල්ඩ් – පානදුර අතර තරගය මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ දී.

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 79.4කදී සියලු දෙනා දැවී ලකුණු 285

කංචන ද ලිවේරා 21, විශ්ව චතුරංග 33, ෂෙහාන් ජයසූරිය 69, දුශාන් විමුක්ති 40, නිමේෂ් විමුක්ති 52, අසංක මනෝජ් 24 (දුලාජ් සමුදිත  79/2, රවිඳු ප්‍රනාන්දු 63/2, දෙවිඳු තිලකරත්න 27/2, ජෙෆ්රි වැන්ඩර්සේ 74/2)

බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම ඕවර් 50.5කදී සියලු දෙනා දැවී ලකුණු 186

රොන් චන්ද්‍රගුප්ත 50, අසිත වන්නිනායක 64, රවිඳු ප්‍රනාන්දු 23 (අසංක මනෝජ් 41/4, මොහොමඩ් ඩිල්ෂාඩ් 61/4, නිමේෂ් විමුක්ති 39/2)

පානදුර ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම ඕවර් 18කදී කඩුලු 6ක් දැවී ලකුණු 61

ෂෙහාන් ජයසූරිය 23 (ළහිරු මධුසංඛ 7/2, රවිඳු ප්‍රනාන්දු 36/3)

පොලිස් ක්‍රීඩා සමාජය – නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජය අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 92කදී සියලු දෙනා දැවී ලකුණු 347

ධනුජ ඉඳුවර 60, ප්‍රියමාල් පෙරේරා 23, අශේන් බණ්ඩාර 103, විශාද් රන්දික 91, නලීන් ප්‍රියදර්ශන 24, (නිපුන් මාලිංග 34/1)

නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 60කදී කඩුලු 7ත් දැවී ලකුණු 169

තිලකරත්න සම්පත් 28, පැතුම් කුමාර 17, කෙවින් පෙ‍රේරා 37, අක්රම් මුතාලිෆ් නොදැවී 34, අනුක් ප්‍රනාන්දු නොදැවී 23 ( දිලුම් සුධීර 48/4)

සීසීසී සහ හලාවත ‍මේරියන්ස් අතර තරගය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී.

හලාවත ‍මේරියන්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 55.2කදී සියලුම දෙනා දැවී ලකුණු 185

තරිඳු අමරසිංහ 47, හිරාන් ජයසූන්දර 28, කසුන් විදුර 46, තීක්ෂල ද සිල්වා 17

(අසිත ප්‍රනාන්දු 31/4, නිශාන් පීරිස් 35/2, සොනාල් දිනූෂ 33/2)

සීසීසී පළමු ඉනිම ඕවර් 47.3කදී සියලු දෙනා දැවී ලකුණු 167

ලසිත් කෲස්පුල්ලේ 27, සොනාල් දිනූෂ 61, සහන් කෝසල 20,  අන්ජල බණ්ඩාර නොදැවී 15 (තීක්ෂල ද සිල්වා 68/4, මෙලාන් හංසක 18/3)

හලාවත ‍මේරියන්ස් ක්‍රිකට් සමාජය දෙවැනි ඉනිම ඕවර් 46කදී කඩුලු 8ක් දැවී ලකුණු 155

තරිඳු අමරසිංහ 27, හිරාන් ජයසූන්දර 54,  කසුන් විදුර නොදැවී 16 (අසිත ප්‍රනාන්දු 29/2, නිශාන් පීරිස් 41/3, සොනාල් දිනූෂ 37/2)

එන්සීසී – බඳුරලිය ක්‍රීඩා සමාජය අතර තරගය හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

එන්සීසී පළමු ඉනිම ඕවර් 109.4කදී  සියලු දෙනා දැවී ලකුණු 387

ළහිරු උදාර 47, විනුක රූබසිංහ 77, සහන් ආරච්චිගේ 76, චාමික කරුණාරත්න 121, කවිඳු පතිරත්න 29 (බුද්ධික සංජීව 123/2, අදීශ තිලංචන 105, මලින්ද පුෂ්පකුමාර 74/3)

බඳුරලිය ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 43.1කදී කඩුලු 7ක් දැවී ලකුණු 125

දිල්ෂාන් ද සොයිසා 18, රවීන් යසස් 15, රුමේෂ් බුද්ධික 27, රොසෙල් තාටිල් 16 (ඵහිරු කුමාර 20/2,  කවිඳු පතිරත්න 21/2, ශක්ති උදාර 48/2)

ටැමිල් යූනියන් –  කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය අතර තරගය එන්සීසී ක්‍රීඩාංගණයේ දී.

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 109.3කදී සියලු දෙනා දැවී ලකුණු 404

ගයාන් මනීශාන් 160, ලක්ෂාන් එදිරිසිංහ 27, මනෝජ් සරත්චන්ද්‍ර 29, සමීර සඳමාල්106, චමෝද් සඳරු 32, චාමිකර එදිරිසිංහ 21 (ළහිරු සමරකෝන් 73/2කවිඳු දිල්හාර 90/2, විජයකාන්ත් වියස්කාන්ත් 101/4, තේෂාන් විඳුෂාන් 67/2)

ටැමිල් යූනියන් පළමු ඉනිම ඕවර් 46කදී සියලු දෙනා දැවී ලකුණු 167

මිනෝද් භානුක 23, තුලික දිල්ෂාන් 20, සචිත ජයතිලක 33, ළහිරු සමරකෝන් 33 (චමෝද් සඳරු 51/2, චාමිකර එදිරිසිංහ 23/2, කසුන් ඒකනායක 57/4)

ටැමිල් යූනියන් ‍දෙවැනි ඉනිම ඕවර් 17කදී කඩුලු 2ක් දැවී ලකුණු 53

විහස් තෙව්මික නොදැවී 33 (කසුන් ඒකනායක 16/1, චමෝද් සඳරු 12/1)

බීආර්සී – ඒස් කැපිටල් අතර තරගය පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී.

බීආර්සී පළමු ඉනිම ඕවර් 71.1කදී සියලු දෙනා දැවී ලකුණු 233

හේෂාන් ධනුෂ්ක ප්‍රනාන්දු 37, සමින්ද ප්‍රනාන්දු 20, ප්‍රමෝද් මදුවන්ත 23, රමින්ද විජේසූරිය 80, යසිරු රොද්‍රිගෝ 21 (ඉසිත විජේසුන්දර  52/2, රොශාන් ජයතිස්ස 69/3, වනුජ සහන් 39/4)

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 40.2කදී  සියලු දෙනා දැවී ලකුණු 142

කවිඳු ආමන්ත 32, වනුජ සහන් 58, රවීන් ද සිල්වා 15 (මොහොමඩ් සිරාස් 32/5, ශෂික දුල්ෂාන් 15/2,  යසිරු රොද්‍රිගෝ 31/2)

බීආර්සී දෙවැනි ඉනිම ඕවර් 56කදී කඩුලු 7ක් දැවී ලකුණු 186

හේෂාන් ධනුෂ්ක ප්‍රනාන්දු 29, රොෂේන් සිල්වා 49, ප්‍රමෝද් මදුවන්ත 25, රිසිත් උපමාල් නොදැවී 31, රමින්ද විජේසූරිය 24 (රොශාන් ජයතිස්ස 52/4, වනුජ සහන් 50/3)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar