slc
logo
Home   |    News
ජනවාරි 18, 2026
කණ්ඩායම් දෙකක් ජයග්‍රහණ අභියස

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ හත්වන සති අන්තය වු මේ සති අන්තයේ දෙවන දිනය වු අද තරග නිම වන විට කණ්ඩායම් දෙකක් පහසු ජයග්‍රහණ අත්කර ගන්නා තත්ත්වයක පසු විණි.

  බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය සහ කොළඹ මැලේ ක්‍රිකට් සමාජය අතර තරගයේ දී කැන්ඩි කස්ටම්ස් පළමු ඉනිමේ කඩුලු නවයක් දැවී රැස් කළ ලකුණු 414ට පිළිතුරු ලෙස කොළඹ මැලේ ක්‍රිකට් කණ්ඩායම ලබා සිටියේ පළමු ඉනිමේ ලකුණු 161ක් සහ දෙවන ඉනිමේ කඩුලු හතරකට ලකුණු 109ක් පමණි. කොළඹ මැලේ පිලට ඉනිමක පරාජයෙන් ගැලවීමට තවත් ලකුණු 144ක් අවශ්‍යව සිටී.

 මේ අතර නාරාහේන්පිට කිරිමණ්ඩල මාවත පිටියේ පැවැත්වෙන එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර තරගයේ දී එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට පළමු වතාවට ප්‍රථම ඉනිමේ දී ලකුණු 48කින් පිටුපසින් සිටීමට සිදු විය. යුද හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිමේ රැස් කළ ලකුණු 233ට පිළිතුරු ලෙස එස්.එස්.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිමේ රැස් කළේ ලකුණු 185 කි. එස්.එස්.සී. ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු නැවත ලකුණු අතරට පිවිසෙමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 78කි. එස්.එස්.සී. ලකුණු 185කට ප්‍රථම ඉනිමේ සීමාවීමට ප්‍රධාන හේතුව වුයේ ගයාන් චන්ද්‍රබොස් ලකුණු 37කට ප්‍රබලම කඩුලු හතරක් දවාලීමය. යුද හමුදාව දෙවන ඉනිමේ දී කඩුලු 8කට ලකුණු 122ක් රැස් කර දෙවන ඉනිමේ දී කඩුලු දෙකක් ඉතිරිව ලකුණු 170කින් ඉදිරියෙන් පසු වේ. මේ තරගයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම විවෘතව තිබීම විශේෂත්වයකි.

 පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැත්වෙන යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය සහ සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය අතර තරගයේ පළමු ඉනිමේ දී සෙබස්ටියනයිට්ස් ප්‍රථම ඉනිමේ දී කවිඳු නිර්මාල් පන්දු 151කට මුහුණ දී හතරේ පහර 11ක් සමග ලකුණු 98ක් රැස් කළ අතර පිතිකරුවකු අද දිනයේ රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව එයයි. මීට අමතරව ගාල්ල ක්‍රිකට් සමාජයට එරෙහිව ලියෝ ක්‍රිකට් සමාජයේ සලිඳු පතිරණ පන්දු 115ක දී හතරේ පහර නවයක් හයේ පහර පහක් සමග වේගවත් ලකුණු 92ක් ලැබීය.

 කොස්ගම ශාලාව යුද හමුදා පිටියේ පැවැත්වෙන නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගයේ දී රාගම පළමු ඉනිමේ දී දිලංක අවුවාඩ් ලකුණු 58කට කඩුලු හයක් දවා දිනයේ හොඳම පන්දු යැවීම සිදු කළේය.

 මේ අතර ගාල්ල ක්‍රිකට් සමාජය සහ ලියෝ ක්‍රිකට් සමාජය අතර තරග ජය පැරැදුමින් තොරව නිම වන ලකුණු දැනටමත් පළ කර තිබේ. ලකුණු අතර සිටින පිතිකරුවකු වන නාවික හමුදා ක්‍රීඩා සමාජයේ තෙවිඳු දික්වැල්ල රාගම ක්‍රිකට් සමාජය අතර තරගයේ දෙවන ඉනිමේ දී නොදැවී ලකුණු 74ක් රැස් කර මේ වන විට තම කණ්ඩායම සිටි තත්ත්වයෙන් ඉහළට ඔසවා තැබීමට මූලික වී පන්දුවට පහර දෙමින් සිටී.

ලකුණු සාරංශය

  • යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය පළමු ඉනිමේ දී ඉදිරියෙන්

 යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 99ක දී සියල්ල  දැවී ලකුණු 341 – කවිඳු එදිරිවීර 141, දෙනුවන් රාජකරුණා 83, පෙසඳු සංජන් 33, සසංක නිර්මාල් 28, දිල්ෂාන් කාංචන 26, ආදිත්‍ය සිරිවර්ධන 18, හෂාන් සංදීප 90/3, මනෙල්ක ද සිල්වා 36/2, චරිත් රාජපක්ෂ 43/2

සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 70ක දී සියල්ල  දැවී ලකුණු 260නවිඳු නිර්මාල් 98, තරුෂ ප්‍රනාන්දු 46, මාලිංග මලිගස්පේ 44, කවීන් පීරිස් 22, මිරංග වික්‍රමගේ 20, තරූෂ දමිඳු 63/4, හිමාල් රවිහංස 79/3

යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 7ක දී කඩුල්ලක්  දැවී ලකුණු 8

  • කැන්ඩි කස්ටම්ස් ජයග්‍රහණය අභියස

 කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 84ක දී කඩුලු 9ක් දැවී ලකුණු 414 –  මලිඳු මධුරංග 196, අවිඳු තීක්ෂණ 71, දිලාන් ජයලත් නොදැවී 63, අෂාන් රන්දික 27, යශෝධ මෙන්ඩිස් 19, ප්‍රමේෂ් මධුභාෂණ 15, සුදාර දක්ෂිණ 94/4, කවිඳ ඊශ්වර 78/3, චානක දේවින්ද 94/2

කොළඹ මැලේ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 48.1ක දී සියල්ල දැවී ලකුණු 161පුලස්ති අතපත්තු 42,වෝෂිත අමරසිංහ 38, සචින් ගොඩමාන්න 18, කෙවින් සැමුවල් 16, මිතුන් ජයවික්‍රම 48/4, කවීෂ ඉඳුවර 20/3

කොළඹ මැලේ ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 48ක දී කඩුලු 4ක් දැවී ලකුණු 109චානක දේවින්ද නොදැවී 32, සචින් ගොඩමාන්න 31, පුලස්ති අතපත්තු නොදැවී 28, ඩිලාන් ජයලත් 11/1

  • ලියෝ ක්‍රිකට් සමාජය මලිඳු පතිරණ ලකුණු 98යි

ගාල්ල ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 79.5ක දී සියල්ල දැවී ලකුණු 314රමේෂ් නිමන්ත 99, සුභානු රාජපක්ෂ 51, ලිසුල ලක්ෂාන් 38, අමිත එරන්ද 33, රජීව වීරසිංහ 32, හංසමාන ද සිල්වා 29, මංගල ප්‍රදීප් 111/4, මල්ෂාන් ගුණසිංහ 127/4

 ලියෝ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 92ක දී කඩුලු 9ක් දැවී ලකුණු 305 –  සලිඳු පතිරණ 92, ෂෙනාෂ් ප්‍රනාන්දු 38, රොමේෂ් සුරංග 38, විශ්ව රාජපක්ෂ නොදැවී 33, හිරුන් සිගේරා 19, අයෝන් ප්‍රනාන්දු 18, මල්ෂාන් ගුණසිංහ නොදැවී 15, සුභානු රාජපක්ෂ 67/3, කෙවින් කොත්තිගොඩ 46/2, රජීව වීරසිංහ 72/2

  • යුද හමුදා ක්‍රීඩා සමාජය එස්.එස්.සී.ට ප්‍රබල සටනක් දෙයි

 යුද හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 71.5ක දී සියල්ල දැවී ලකුණු 233 – ක්‍රිෂේන් අපෝන්සු 75, ෂෙහද සොයිසා 39, පැතුම් දිල්ෂාන් 35, අසේල ගුණරත්න 34, සීක්කුගේ ප්‍රසන්න 10, නිපුන් ධනංජය 31/3, කසුන් රාජිත 58/3, නුවනිඳු ප්‍රනාන්දු 14/2, ප්‍රභාත් ජයසූරිය 56/2

 එස්.එස්.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 65ක දී සියල්ල දැවී ලකුණු 185අවිශ්ක ප්‍රනාන්දු 78, ක්‍රිෂේන් සංජුල 32, මිලින්ද සිරිවර්ධන 18, ෂෙවෝන් ඩැනියල් 16, නිපුන් ධනංජය 16, ගයාන් චන්ද්‍රබෝස් 37/4, සෙහද සොයිසා 40/3, රත්නරාජා තෙනුරතන් 10/2

යුද හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 42.1ක දී කඩුලු 8ක් දැවී ලකුණු 122ක්‍රිෂේන් අපෝන්සු 41, අසේල ගුණරත්න 28, කසුන් රාජිත 23/4, ප්‍රභාත් ජයසූරිය 61/3

  • මොරටුව ක්‍රීඩා සමාජය ප්‍රබල තත්ත්වයක

මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 44.2ක දී සියල්ල දැවී ලකුණු 120කවීන් ප්‍රනාන්දු 42,  අමිත සංදීප 37,  ශෙහාන් ප්‍රමෝද් 16, ගයාන් සිරිසෝම 40/4, මෙතුෂාන් තිළිණ 19/3

 මොරටුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 96.5ක දී සියල්ල දැවී ලකුණු 291 –  ගැවින් බොතේජු 50,තිළිණ දිල්ෂාන් 34,පුබුදු බණ්ඩාර 34, රශ්මික මෙවන් 34, සහන් කෞෂල්‍ය 26, අභිෂේක් ලියනආරච්චි 23, මෙතුෂාන් තිළිණ 21,  විදුර ලක්ෂාන් නොදැවී 20, චානක රුවන්සිරි 20, ධනුෂ්ක සඳරුවන් 78/4,  අමිත සංදීප 64/3, ශෙහාන් ප්‍රමෝද් 47/2

මීගමුව ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 36ක දී කඩුලු 2ක් දැවී ලකුණු 103කවීන් ප්‍රනාන්දු 38, පසිඳු තිරිමාදුර 22, උමේෂ් ලක්ෂාන් නොදැවී 19, කේෂාන් වන්නිආරච්චි 19, චානක රුවන්සිරි 25/1, ගයාන් සිරිසෝම 32/1

  • නාවික හමුදා ක්‍රීඩා සමාජය නැවත තරගයට අවතීර්ණ වන ලකුණු

  නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 28.3ක දී සියල්ල දැවී ලකුණු 77තෙවිඳු දික්වැල්ල 30, රජිත රත්නායක 10, තුෂාල් ආදිත්‍ය 10, තරුෂ කොඩිකාර 40/5, උපුල් ඉන්ද්‍රසිරි 8/4

  රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 88ක දී සියල්ල දැවී ලකුණු 271 –  කෙමිර විජේනායක 79,රන්මිත් ජයසේන 54,සහීල් ඩයස් 51, චානක විජේසිංහ 35, උපුල් ඉන්ද්‍රසිරි 16, දිලංක අවුවාඩ් 58/6, පූර්ණ චාරුක 53/2

  නාවික හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 39ක දී කඩුලු 4ක් දැවී ලකුණු 146තෙවිඳු දික්වැල්ල නොදැවී 74, ඉෂාන් අබේසේකර නොදැවී 15, උපුල් ඉන්ද්‍රසිරි 35/2

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee