slc
logo
Home   |    News
ජනවාරි 25, 2026
කණ්ඩායම් පහක් පූර්ණ ජය වාර්තා කරති – එක් තරගයක් ලකුණු සමයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැති තරග හය අතුරින් කණ්ඩායම් පහක්ම ජයග්‍රහණ අත්කර ගත් අතර ඉතිරි තරගය නිම වුයේ ලකුණු සමවීමෙනි. ජයග්‍රහණ අත්කර ගත් කණ්ඩායම් පහ වනුයේ රාගම ක්‍රිකට් සමාජය, නාවික හමුදා ක්‍රීඩා සමාජය, ලියෝ ක්‍රිකට් සමාජය, ගාල්ල ක්‍රිකට් සමාජය සහ එස්.එස්.සී. ක්‍රීඩා සමාජයයි.

 යුද හමුදා ක්‍රීඩා සමාජය සහ මීගමුව ක්‍රිකට් සමාජය අතර තරගය නිම වුයේ කණ්ඩායම් දෙකෙහිම ලකුණු තත්ත්වයන් සමවීමෙනි. ටියර් බී මෙවර තරගාවලියේ කණ්ඩායම් දෙකක ලකුණු සම වූ ප්‍රථම වතාව මෙය වේ.

 රාගම ක්‍රිකට් සමාජය සහ මොරටුව ක්‍රීඩා සමාජය අතර තරගයෙන් රාගම ක්‍රිකට් සමාජය ලකුණු 231කින් ද නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය අතර තරගයෙන් නාවික හමුදා ක්‍රීඩා සමාජය කඩුලු හතකින් ද කොළඹ මැලේ ක්‍රිකට් සමාජය සහ ලියෝ ක්‍රිකට් සමාජය අතර තරගයෙන් ලියෝ ක්‍රිකට් සමාජය කඩුලු දෙකකින් ද ගාල්ල ක්‍රිකට් සමාජය සහ සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය අතර තරගයෙන් ගාල්ල ක්‍රිකට් සමාජය කඩුලු පහකින් ද එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එස්.එස්.සී. ක්‍රීඩා සමාජය කඩුලු තුනකින් ද ජයග්‍රහණ අත්කර ගත්හ.

 පන්දු යවන්නන් කිහිප දෙනෙකුම අද දිනයේ දී විශිෂ්ට දක්ෂතා දැක්වීම දිනයේ විශේෂත්වයකි. නාවික හමුදා කණ්ඩායමේ දිලංක අවුවාඩ් කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජයේ දෙවන ඉනිමේ දී ලකුණු 39කට කඩුලු අටක් ද එස්.එස්.සී. කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජයේ දෙවන ඉනිමේ දී ලකුණු 62කට කඩුලු හතක් ද යුද හමුදා ක්‍රීඩා සමාජයේ ගයාන් චන්ද්‍රබොෂ් මීගමුව ක්‍රීඩා සමාජයේ දෙවන ඉනිමේ දී ලකුණු 67කට කඩුලු හයක් ද ගාල්ල ක්‍රිකට් සමාජයේ චතුර රන්දුනු සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජයේ දෙවන ඉනිමේ දී ලකුණු 94කට කඩුලු පහක් ද දවාලමින් මෙම දක්ෂතා දැක්වීය.

 මීට අමතරව යුද හමුදා ක්‍රීඩා සමාජයේ සෙහද සොයිසා මීගමුව ක්‍රිකට් සමාජය සමග දෙවන ඉනිමේ දී කඩුලු හතරක් ද මොරටුව ක්‍රීඩා සමාජයේ උපුල් ඉන්ද්‍රසිරි රාගම ක්‍රිකට් සමාජය සමග දෙවන ඉනිමේ දී ලකුණු 80කට කඩුලු හතරක් ද රාගම ක්‍රිකට් සමාජයේ කොසාන් ජයවික්‍රම මොරටුව ක්‍රීඩා සමාජය සමග දෙවන ඉනිමේ දී ලකුණු 31කට කඩුලු හතරක් ද දවාලුහ.

 එස්.එස්.සී. ක්‍රීඩා සමාජය මේ වන විට මේ තරගාවලියේ පහසුවෙන්ම ඉදිරියෙන් පසු වේ. ඔවුන් මෙතෙක් සහභාගි වී ඇති තරග අටෙන් තරග හතක්ම ජය ගෙන තිබේ. මේ සති අන්තයේ පැවැති එස්.එස්.සී. සහ යුනයිටඩ් සදර්න් අතර තරගයෙන් ද එස්.එස්.සී. කණ්ඩායම ජය ලැබුවේ කඩුලු තුනකිනි.

 එස්.එස්.සී. කණ්ඩායමේ ප්‍රධානම පන්දු යවන්නා වන ශ්‍රී ලංකා දඟපන්දු යැවීමේ ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය මේ වන විට මෙම තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටී.

ලකුණු සාරංශය

  • රාගම ක්‍රිකට් සමාජයට ලකුණු 231ක ජයක්

 රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 78.1ක දී සියල්ල දැවී ලකුණු 279 – කෙමීර විජේනායක 107, මලීෂ සිල්වා 48, සහිල් ඩයස් 39, මනීෂ රූපසිංහ 30, චානක විජේසිංහ 18, රන්මිත් ජයසේන 15, චානක රුවන්සිරි 80/6

මොරටුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 35.4ක දී සියල්ල දැවී ලකුණු 101පුබුදු බණ්ඩාර 31, පූර්ණ ප්‍රභාත් 19, ගෙවින් බොතේජු 13, උපුල් ඉන්ද්‍රසිරි 39/4, තරුෂ කොඩිකාර 14/2, කොසාන් ජයවික්‍රම 19/2

රාගම ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 61.4ක දී කඩුලු 6ක් දැවී ලකුණු 264 – චානක විජේසිංහ 109, රවිඳු සෙම්බුකුට්ටි 86, සහිල් ඩයස් 43, චානක රුවන්සිරි 72/2, රෂ්මික මෙවන් 16/1

මොරටුව ක්‍රීඩා සමාජය දෙ‌වන ඉනිම පන්දුවාර 51.2ක දී සියල්ල දැවී ලකුණු 211පුබුදු බණ්ඩාර 63, අභිෂේක් ලියනආරච්චි 56, ගෙවින් බොතේජු 25, තිළිණ දිල්ෂාන් 16, කොසාන් ජයවික්‍රම 31/4, උපුල් ඉන්ද්‍රසිරි 80/4

  • තරගයේ ලකුණු සම වෙයි

 මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 75.2ක දී සියල්ල දැවී ලකුණු 288දිමුත් සඳරුවන් 102, ශෙෂාන් ප්‍රනාන්දු 32, කවීන් ප්‍රනාන්දු 28, කෙෂාන් වන්නිආරච්චි 28, ඇන්ජලෝ ජයසිංහ 23, දුලාජ් රණතුංග 20, සෙහද සොයිසා 55/4, අසේල ගුණරත්න 37/2, ගයාන් චන්ද්‍රබොෂ් 72/2

යුද හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 70ක දී සියල්ල දැවී ලකුණු 195 තරිඳු දිලංක 46, රත්නරාජා තෙනුරතන් 43, ගයාන් චන්ද්‍රබෝෂ් 24, අශාන් සුදර්ශන 21,ඉෂාර මෙන්ඩිස් 20, ශෙහාන් ප්‍රමෝද් 49/5, ශෙෂාන් ප්‍රනාන්දු 31/2, අමිත සංදීප පෙරේරා 31/2

මීගමුව ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 38.3ක දී සියල්ල දැවී ලකුණු 147උමේෂ් ලක්ෂාන් 53, කවීන් ප්‍රනාන්දු 22, දුලාජ් රණතුංග 20, ඇන්ජලෝ ජයසිංහ 19, ගයාන් චන්ද්‍රබෝෂ් 67/6, සෙහද සොයිසා 49/4

යුද හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 51.4ක දී සියල්ල දැවී ලකුණු 240 අසේල ගුණරත්න 92, ක්‍රිෂේන් අපෝන්සු 87, පැතුම් දිල්ෂාන් 26, ශෙහාන් ප්‍රමෝද් 80/4, අමිත සංදීප පෙරේරා 72/3, ධනුෂ්ක සඳරුවන් 51/2

  • නාවික හමුදා ක්‍රීඩා සමාජය කඩුලු 7කින් ජය ගනී

 කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 82.2ක දී සියල්ල දැවී ලකුණු 353 ලක්ෂාන් ගමගේ 155, යශෝධ මෙන්ඩිස් 43, කවීෂ ඉඳුවර 41, මලිඳු මධුරංග 33, රිෂාන් හේරත් 25, ප්‍රමේෂ් මධුභාෂණ 23, ඉෂාන් අබේසේකර 77/5, ජනිත් ප්‍රනාන්දු 89/4

නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 82.5ක දී සියල්ල දැවී ලකුණු 279පූර්ණ චාරුක නොදැවී 99, රජිත රත්නායක 47, ලක්ෂාන් රොද්‍රිගෝ 32, ඉෂාන් අබේසේකර 29, වරුණ මයන්ත 18, යශෝධ මෙන්ඩිස් 44/5, මිතුන් ජයවික්‍රම 67/2

කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 34ක දී සියල්ල දැවී ලකුණු 109 ලක්ෂාන් ගමගේ 29, අවිඳු තීක්ෂණ 17, මලිඳු මධුරංග 14, දිලංක අවුවාඩ් 39/8, ඉෂාන් අබේසේකර 9/2

නාවික හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 36.2ක දී කඩුලු 3ක්  දැවී ලකුණු 184 –  සුමල්ක ප්‍රනාන්දු නොදැවී 90, රජිත රත්නායක නොදැවී 55,වරුණ මයන්ත 21, කවීෂ ඉඳුවර 38/2, මිතුන් ජයවික්‍රම 55/1

  • ලියෝ ක්‍රිකට් සමාජයට කඩුලු 2ක ජයක්

කොළඹ මැලේ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 73.4ක දී සියල්ල දැවී ලකුණු 217පුලස්ති අතපත්තු 50, ටෙරන් බාස්කරන් 42, සචින් ගොඩමාන්න 37, බුද්ධික හසරංග 29, මල්ෂාන් ගුණසිංහ 71/6, විශ්ව රාජපක්ෂ 22/3

ලියෝ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 69.4ක දී සියල්ල දැවී ලකුණු 300 – රොමේෂ් සුරංග නොදැවී 104,සලිඳු පතිරණ 54, පූර්ණ කල්හාර 46, ෂෙනාෂ් ප්‍රනාන්දු 38, ගෙත්මින් කොළඹගේ 23, නිමන් උමේෂ් 82/4 චානක දේවින්ද 86/3

කොළඹ මැලේ ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 61.3ක දී සියල්ල දැවී ලකුණු 237සචින් ගොඩමාන්න 57, ටෙරන් බාස්කරන් 41, යසිත් රූපසිංහ 40, චානක දේවින්ද 35, හරිඳු ජයසේකර 22, විශ්ව රාජපක්ෂ 44/3, පූර්ණ කල්හාර 22/2, සෙනෙෂ් ප්‍රනාන්දු 28/2, මල්ෂාන් ගුණසිංහ 68/2

ලියෝ ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 34.2ක දී කඩුලු 8ක් දැවී ලකුණු 160 සලිඳු පතිරණ 44, හිරුන් සිගේරා 30, රොමේෂ් සුරංග නොදැවී 27, පූර්ණ කල්හාර 22, විශ්ව රාජපක්ෂ 16, සුදාර දක්ෂිණ 29/3, චානක දේවින්ද 48/2

  • ගාල්ල ක්‍රිකට් සමාජය කඩුලු 5කින් ජය ගනී

සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 63ක දී සියල්ල දැවී ලකුණු 196උමයංග සුවාරිස් 52, මාලිංග මලිගස්පේ 43, මනෙල්ක ද සිල්වා 28, ළහිරු ප්‍රනාන්දු 22, මිරංග වික්‍රමසිංහ 14, අසේල සම්පත් 58/5, සුභානු රාජපක්ෂ 65/2

ගාල්ල ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 66.5ක දී සියල්ල දැවී ලකුණු 223 රමේෂ් නිමන්ත 72, අමිත් එරන්ද 43, සුභානු රාජපක්ෂ 33, චතුර රන්දුනු 23, කෙවින් කොත්තිගොඩ 19, මිරංග වික්‍රමගේ 52/4, හෂාන් සංදීප 71/3, මලිත හපුආරච්චි 7/2

සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 57.2 දී සියල්ල දැවී ලකුණු 195 මනෙල්ක ද සිල්වා 66, රුසිරු විලෝචන 35, චනුල් අතුකෝරල 30, මිරංග වික්‍රමගේ 18, ළහිරු ප්‍රනාන්දු 17, චතුර රන්දුනු 94/5, අසේල සම්පත් 45/2

ගාල්ල ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 54.5ක දී කඩුලු 5ක් දැවී ලකුණු 172 සුපුන් කවිඳු 65,රමේෂ් නිමන්ත 50, චතුර රන්දුනු නොදැවී 21, කෙවින් කොත්තිගොඩ නොදැවී 15, හෂාන් සංදීප 41/3, මිරංග වික්‍රමගේ 72/2

  • එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට කඩුලු 3ක ජයක්

යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 108.2ක දී සියල්ල දැවී ලකුණු 212 කවිඳු එදිරිවීර 74, සසංක නිර්මාල් 51, දෙනුවන් රාජකරුණා 45, නිපුන් ධනංජය 22/3, නුවනිඳු ප්‍රනාන්දු 19/1

එස්.එස්.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 63.4ක දී සියල්ල දැවී ලකුණු 183 නදීෂ ආකාෂ් 48, දිනුර කළුපහන 37, නිපුන් ධනංජය 30, ප්‍රභාත් ජයසූරිය 18, හිමාල් රවිහංස 80/5, දනෝෂ් ද සිල්වා 51/3

යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 68.2ක දී සියල්ල දැවී ලකුණු 122 පෙසඳු සංජාන් 49, සසංක නිර්මාල් 21, කවිඳු එදිරිවීර 21, ආදිත්‍ය සිරිවර්ධන 13,ප්‍රභාත් ජයසූරිය 62/7, නිපුන් ධනංජය 25/2

එස්.එස්.සී. ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 27.1ක දී කඩුලු 7ක් දැවී ලකුණු 155 නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 47,දිනුර කළුපහන 28, අවිශ්ක ප්‍රනාන්දු 17, හිමාල් රවිහංස 50/2, දනෝෂ් ද සිල්වා 64/2

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar