slc
logo
Home   |    News
ජනවාරි 12, 2026
 ගාල්ල – සෙබස්ටියනයිට්ස් – මීගමුව ක්‍රිකට් සමාජ ජයගනිති

sinhala editor

  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ටියර් බී කොටසේ තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැති තරග අතුරින් ගාල්ල ක්‍රිකට් සමාජය සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය සහ මීගමුව ක්‍රීඩා සමාජය ජයග්‍රහණ අත්කර ගත්හ.

 මේ කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්තේ ගාල්ල ක්‍රිකට් සමාජය ලකුණු 52කින් යුද හමුදා ක්‍රීඩා සමාජයත් සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය කඩුලු හයකින් නාවික හමුදා ක්‍රීඩා සමාජයත් මීගමුව ක්‍රීඩා සමාජය ලකුණු 118කින් ලියෝ ක්‍රිකට් සමාජයත් පරාජයට පත් කරමිනි.

 ගාල්ල ක්‍රිකට් සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර තරගයෙන් ජය ගැනීමට දෙවන ඉනිමේ දී යුද හමුදා පිලට ලකුණු 197ක ඉලක්කයක් හිමි විණි.  එහෙත් ඔවුන් සියල්ල දැවී රැස් කළේ ලකුණු 145ක් පමණකි. එම ඉනිමේ දී දක්ෂ පන්දු යැවීමක නිරත වු ගාල්ල ක්‍රිකට් සමාජයේ රජීව වීරසිංහ ලකුණු 35කට කඩුලු හතරක් දවා තම කණ්ඩායම ජයග්‍රහණයට පූර්ණ දායකත්වයක් දැක්වීය.

 සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගයෙන් ජය ගැනීමට සෙබස්ටියනයිට්ස් කණ්ඩායමට දෙවැනි ඉනිමේ දී ලකුණු 117ක ඉලක්කයක් ලැබුණු අතර ඔවුන් කඩුලු හතරකට ලකුණු 122ක් රැස් කරමින් ජයග්‍රහණය කරා පිය නැගීය. මෙහිදී පස්වන කඩුල්ලට උමයංග සුවාරිස් නොදැවී ලකුණු 47ක් ද මනෙල්ක ද සිල්වා නොදැවී ලකුණු 42ක් ද රැස් කර නොදැවී ලකුණු 91ක සබඳතාවයක් පැවැත්වීය.

 මීගමුව ක්‍රීඩා සමාජය සහ ලියෝ ක්‍රිකට් සමාජය අතර තරගයෙන් ජය ගැනීමට ලියෝ ක්‍රිකට් සමාජයට දෙවන ඉනිමේ දී ලකුණු 358ක දැවැන්ත අභියෝගයක් හිමි වුවත් ඔවුන් සියලු දෙනා දෙවන ඉනිමේ දී දැවී ගියේ ලකුණු 239කටය. මීගමුව කණ්ඩායමේ දෙවන ඉනිමේ දී පසිඳු තිරිමැදුර සහ කෙෂාන් වන්නිආරච්චි අර්ධ ශතක රැස් කළ අතර ලියෝ ක්‍රීඩා සමාජයේ මල්ෂාන් ගුණසිංහ ලකුණු 70කට කඩුලු පහක් දවාලුවේය. ලියෝ පිල දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙද්දී මීගමුව ක්‍රීඩා සමාජයේ ධනුෂ්ක සඳරුවන් ලකුණු 84කට කඩුලු පහක් දවාලුවේය.

 පිතිකරුවන් කිසිවෙකු අද දිනයේ දී ශතක කරා පිය නැගුවේ නැත. එහෙත් පන්දු යවන්නන් රැසක්ම කඩුලු පහ බැගින් දවාලීමට සමත් වීම විශේෂත්වයකි.

 කැන්ඩි කස්ටම් දෙවන ඉනිමේ දී රාගම ක්‍රිකට් සමාජයේ කසුන් ජයවික්‍රම ලකුණු 60කට කඩුලු පහක් ද යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය සහ මොරටුව ක්‍රීඩා සමාජය අතර තරගයේ යුනයිටඩ් සදර්න් පළමු ඉනිමේ දී මොරටුව ක්‍රීඩා සමාජයේ චානක රුවන්සිරි ලකුණු 23කට කඩුලු පහක් දවාලීමෙන් යුනයිටඩ් සදර්න් කණ්ඩායමේ පළමු ඉනිම කඩුලු නවයකට ලකුණු 168කට සීමා විණි.

 එස්.එස්.සී. ක්‍රීඩා සාමාජය සහ කොළඹ මැලේ ක්‍රිකට් සමාජය අතර තරගයෙන් එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට සිය පිට පිටම හය වන ජයග්‍රහණය අත්කර ගැනීමට තිබු අවස්ථාව අහිමිව ගියේ යන්තමිනි. එස්.එස්.සී. පිල පළමු ඉනිමේ දී කඩුලු නවයකට රැස් කළ ලකුණු 357ට පිළිතුරු ලෙස කොළඹ මැලේ ක්‍රිකට් සමාජය රැස් කළේ පළමු ඉනිමේ දී ලකුණු 120ක් සහ දෙවන ඉනිමේ දී කඩුලු අටකට ලකුණු 216ක් ය. කොළඹ මැලේ පිල මේ තරගයේ දී පරාජයෙන් ගලවා ගැනීමට ඔවුනගේ අංක තුන පිතිකරු චානක දේවින්ද දෙවන ඉනිමේ දී  පන්දු 266කට මුහුණ දී හතරේ පහර නවයක් සමග ලකුණු 80ක් ලැබීය. අවසානයේ එස්.එස්.සී. ක්‍රීඩා සමාජය ජයග්‍රහණයට ඇඳිරි කාලගුණයත් කාලයත් හරස් විණි.

ලකුණු සාරංශය

ගාල්ල ක්‍රිකට් සමාජය ලකුණු 52කින් යුද හමුදා ක්‍රීඩා සමාජය පරාජය කරයි

 ගාල්ල ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 47.1ක දී සියල්ල දැවී ලකුණු 194 – රමේෂ් නිමන්ත 62, අමිත් එරන්ද 56, සුපුන් කවිඳ 25, රජිත් ප්‍රියාන් 16, ලිසුල ලක්ෂාන් 11, සෙහඳ සොයිසා 63/5, රත්නරාජා තෙනුරතන් 30/2

යුද හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 50ක දී සියල්ල දැවී ලකුණු 193 –  සෙහද සොයිසා 54, තරිඳු දිලංක 43, රත්නරාජා තෙනුරතන් නොදැවී 36, අෂාන් සුදර්ශන 31, සීක්කුගේ ප්‍රසන්න 12, රජිත් ප්‍රියාන් 41/3, සුභානු රාජපක්ෂ 15/2, චතුර රන්දුනු 39/2, රජීව වීරසිංහ 75/2

ගාල්ල ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 46.4 දී සියල්ල දැවී ලකුණු 196රමේෂ් නිමන්ත 51, කෙවින් කොත්තිගොඩ 38, සුපුන් කවිඳ 32, රජීව වීරසිංහ 20, සුභානු රාජපක්ෂ 20, අමිත් එරන්ද 16, සෙහද සොයිසා 63/5, රවීන් පෙරේරා 12/4

යුද හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 38ක දී සියල්ල දැවී ලකුණු 145 –  සෙහද සොයිසා 30,ඉෂාර මෙන්ඩිස් 27, සීක්කුගේ ප්‍රසන්න 21, මල්ක මධුශංක 21, අෂාන් සුදර්ශන 13, රජීව වීරසිංහ 35/4, සුභානු රාජපක්ෂ 49/3, චතුර රන්දුනු 22/2

  • සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය කඩුලු 6කින් නාවික හමුදා ක්‍රීඩා සමාජය පරාජය කරයි

 නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 62.1ක දී සියල්ල දැවී ලකුණු 255 – ලක්ෂාන් රුද්‍රිගෝ 65, සුමල්ක ප්‍රනාන්දු 65, වරුණ මයන්ත 64, තෙවිඳු දික්වැල්ල 42, හෂාන් සංදීප 57/4, මිරංග වික්‍රමගේ 78/4

සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 86.3ක දී සියල්ල දැවී ලකුණු 344රුසිරු විලෝචන නොදැවී 152, මලින්ද මලිගස්පේ 57, උමයංග සුවාරිස් 53, තරුෂ ප්‍රනාන්දු 18, මනෙල්ක ද සිල්වා 15, නවිඳු නිර්මාල් 15, මලිත හපුආරච්චි නොදැවී 12, දිලංක අවුවාඩ් 30/4, ගිහාන් ද සොයිසා 125/4

නාවික හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 72ක දී සියල්ල දැවී ලකුණු 205 තෙවිඳු දික්වැල්ල 65, ඉෂාන් අබේසේකර 52, ආසිරි ද සිල්වා 16, මලිත හපුආරච්චි 33/3, හර්ෂණ සංදීප 39/3

සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 23.5ක දී කඩුලු 4ක් දැවී ලකුණු 122 – උමයංග සුවාරිස් 47, මනෙල්ක ද සිල්වා නොදැවී 42, දිලංක අවුඩාඩ් 26/2, ගිහාන් ද සොයිසා 43/2

  • මීගමුව ක්‍රිකට් සමාජය ලකුණු 118කින් ජය ගනී

මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 83.1ක දී සියල්ල දැවී ලකුණු 277උමේෂ් ලක්ෂාන් 63, කෙෂාන් වන්නිආරච්චි 55, දිමුත් සඳරුවන් 54, පසිඳු තිරිමැදුර 23, හංසජ හිරුණ 32, ඇන්ජලෝ ජයසිංහ 16, ශෙෂාන් ප්‍රනාන්දු 14, මංගල ප්‍රදීප් 93/5, මල්ෂාන් ගුණසිංහ 83/3, ෂෙනාෂ් ප්‍රනාන්දු 59/2

ලියෝ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 46ක දී සියල්ල දැවී ලකුණු 136අෂේන් මෙන්ඩිස් 39, මංගල ප්‍රදීප් 22, උමේෂ් ලක්ෂාන් 16, නෙත්ම කරුණාරත්න 10, අමිත සංදීප පෙරේරා 30/4, හංසජ හිරුණ 42/3

මීගමුව ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 52ක දී කඩුලු 8ක් දැවී ලකුණු 216පසිඳු තිරිමැදුර 77, කෙෂාන් වන්නිආරච්චි 54, හංසජ හිරුණ නොදැවී 25, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 20, මල්ෂාන් ගුණසිංහ 70/5, මංගල ප්‍රදීප් 92/3

ලියෝ ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 67.4ක දී සියල්ල දැවී ලකුණු 239 – අකීල් ඉන්හම් නොදැවී 62, අෂේන් මෙන්ඩිස් 48, අයොන් ප්‍රනාන්දු 33, මංගල ප්‍රදීප් 29, විශ්ව රාජපක්ෂ 17, ෂෙනාෂ් ප්‍රනාන්දු 16, ධනුෂ්ක සඳරුවන් 84/5, අමිත පෙරේරා 56/2, හංසජ හිරුණ 18/2

  • එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ කොළඹ මැලේ ක්‍රිකට් සමාජය අතර තරගයෙන් එස්.එස්.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිමේ ජය හිමි වේ

 එස්.එස්.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 100.5ක දී කඩුලු 9ක් දැවී ලකුණු 357නිපුන් ධනංජය 122, අවිශ්ක ප්‍රනාන්දු 74, ක්‍රිෂාන් සංජුල 39, නදීෂ ආකාෂ් 36, දිනුර කළුපහන 28, ප්‍රභාත් ජයසූරිය නොදැවී 21, සුදාර දක්ෂිණ 75/5

කොළඹ මැලේ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 60.1ක දී සියල්ල දැවී ලකුණු 120 – සචින් ගොඩමාන්න 52, වෝෂිත අමරසිංහ 26, දුනිත් ද සිල්වා 3, නිපුන් ධනංජය 9/216, කවිඳ ඉස්වර 10, ප්‍රභාත් ජයසූරිය 31/4, ප්‍රමෝද් මධුෂාන් 20/3

කොළඹ මැලේ ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 108ක දී කඩුලු  8ක් දැවී ලකුණු 216 – චානක දේවින්ද 80, පුලස්ති අතපත්තු 39,වෝෂිත අමරසිංහ  38, යේසිත් රූපසිංහ 20, කවීෂ දුලංජන නොදැවී 14, නිපුන් ධනංජය 52/3 ,කසුන් රාජිත 39/2, ප්‍රභාත් ජයසූරිය 59/2

  • කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය – රාගම ක්‍රීඩා සමාජය තරගයෙන් කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජයට පළමු ඉනිමේ ජයග්‍රණය හිමි වේ

 කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 82.3ක දී සියල්ල දැවී ලකුණු 300 – අෂාන් රන්දික 120, දිලාන් ජයලත් 71, අවිඳු තීක්ෂණ 39, ළහිරු අත්තනායක 28, මලිඳු මධුරංග 16, ලක්ෂාන් ගමගේ නොදැවී 14, උපුල් ඉන්ද්‍රසිරි 110/6, කසුන් කරුණාතිලක 59/3

රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 72.5ක දී සියල්ල දැවී ලකුණු 233සහිල් ඩයස් 122, චානක විජේසිංහ 39, රවිඳු සෙම්බුකුට්ටි 19, කසුන් කරුණාතිලක 16, රන්මිත් ජයසේන 14, මිතුන් ජයවික්‍රම 46/5, යශෝධ මෙන්ඩිස් 55/2

කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 55.3ක දී කඩුලු 8ක් දැවී ලකුණු 205 ප්‍රමේෂ් මධුභාෂණ  62, ඩිලාන් ජයලත් 36, අවිදු තීක්ෂණ 27, ලක්ෂාන් ගමගේ 26, යශෝධ මෙන්ඩිස් නොදැවී 23, මිතුන් ජයවික්‍රම 19,  කොසාන් ජයවික්‍රම 60/5, උපුල් ඉන්ද්‍රසිරි 77/2

රාගම ක්‍රිකට් සමාජය දෙවන ඉනිම තරගය නිම වන විට පන්දුවාර 24ක දී කඩුලු 3ක් දැවී ලකුණු 65රන්මිත් ජයසේන නොදැවී 25, සහිල් ඩයස් නොදැවී 21, කවීෂ ඉඳුවර 17/2

  • යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය – මොරටුව ක්‍රීඩා සමාජය – සාලියපුර අනුරාධපුර දිස්ත්‍රික්ක ක්‍රිකට් පිටියේ දී

 යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 51.3ක දී කඩුලු 9ක් දැවී 168 – දිල්ෂාන් කාංචන නොදැවී 50, අදීෂ නානායක්කාර 26, සසංක නිර්මාල් 25, කවිඳු එදිරිවීර 18, ඉනුක රාජකරුණා 15, චානක රත්නසිරි 23/5, මෙතුෂාන් තිළිණ 45/3

 මොරටුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 2.5ක දී කඩුල්ලක් දැවී ලකුණු 13 – හිමල් රවිහංස 2/1

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar