slc
logo
Home   |    News
ජනවාරි 4, 2026
පානදුර – සීසීසී – එන්සීසී – ඒස් කැපිටල් පූර්ණ ජය ලබති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ ‍පස්වැනි සතියේ තෙවැනි දිනය වූ අද (4) නිමාවූ තරගවලදී බ්ලූම්ෆීල්ඩ් පිල ලකුණු 58කින් පරාජය කිරීමට පානදුර ක්‍රීඩා සමාජය සමත් වූ අතර, හලාවත මේරියන්ස් කඩුලු 9කින් පරාජය කිරීමට සීසීසී ක්‍රීඩකයෝ සමත් වූහ. මේ අතර බඳුරලිය පිල ඉනිමතින් හා ලකුණු 74කින් පරාජය කිරීමට එන්සීසී පිල සමත්වූ අතර, බීආර්සී කඩුලු 6කින් පරාජය කිරීමට ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය සමත් විය.

සීසීසී පිල ජයග්‍රාහී මානතට ගෙන ගිය ලසිත් කෲස්පුල්ලේ පන්දු 81කදී හයේ පහර 9ක් හා හත‍රේ පහර 12ක් සමඟ ලකුණු 128 හා නිශාන් මධුෂ්ක නොදැවී ලකුණු 54ක් ලබාගත් අතර, ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයේ පවන්ත වීරසිංහ පන්දු 128කදී හයේ පහර 2ක් හා හතරේ පහර 15ක් සමඟ ලකුණු 121ක් හා කවිඳු කුලසේකර නොදැවී ලකුණු 59ක් ලබා ජයග්‍රහණය පහසු කළහ.

පානදුර ක්‍රීඩා සමාජයේ දුෂාන් විමුක්ති නොදැවී ලකුණු 56ක්, බ්ලූම්ෆීල්ඩ් ‍ පිලේ රවිඳු ප්‍රනාන්දු නොදැවී ලකුණු 69ක් හා පන්දු යැවීමේදී ඔහු ලකුණු 39කට කඩුලු 5ක් බිද හෙලීය. ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයේ රොශාන් ජයතිස්ස ලකුණු 54කට කඩුලු 5ක් බිදහෙලමින් පන්දුවෙන් දස්කම් දැක්විය.

ලකුණු සාරාංශය

බ්ලූම්ෆීල්ඩ් – පානදුර අතර තරගය මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් පානදුරට ලකුණු 58ක ජයක්

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 79.4කදී සියලු දෙනා දැවී ලකුණු 285

කංචන ද ලිවේරා 21, විශ්ව චතුරංග 33, ෂෙහාන් ජයසූරිය 69, දුශාන් විමුක්ති 40, නිමේෂ් විමුක්ති 52, අසංක මනෝජ් 24 (දුලාජ් සමුදිත  79/2, රවිඳු ප්‍රනාන්දු 63/2, දෙවිඳු තිලකරත්න 27/2, ජෙෆ්රි වැන්ඩර්සේ 74/2)

බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම ඕවර් 50.5කදී සියලු දෙනා දැවී ලකුණු 186

රොන් චන්ද්‍රගුප්ත 50, අසිත වන්නිනායක 64, රවිඳු ප්‍රනාන්දු 23 (අසංක මනෝජ් 41/4, මොහොමඩ් ඩිල්ෂාඩ් 61/4, නිමේෂ් විමුක්ති 39/2)

පානදුර ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම ඕවර් 38කදී සියලු දෙනා දැවී ලකුණු 126

ෂෙහාන් ජයසූරිය 23, දුෂාන් විමුක්ති නොදැවී 56 (ළහිරු මධුසංඛ 7/2, රවිඳු ප්‍රනාන්දු 39/5)

බ්ලූම්ෆීල්ඩ් ‍දෙවැනි ඉනිම ඕවර් 48.4කදී සියලු දෙනා දැවී ලකුණු 167

අසිත වන්නිනායක 29, නිපුන් කරුණානායක 15, රවිඳු ප්‍රනාන්දු නොදැවී 69, තරින්ඳු හර්ෂන 21 (මොහොමඩ් ඩිල්ෂාඩ් 51/3, නිමේෂ් විමුක්ති 45/2)

සීසීසී සහ හලාවත ‍මේරියන්ස් අතර තරගය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් සීසීසී පිලට කඩුලු 9ත ජයක්

හලාවත ‍මේරියන්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 55.2කදී සියලුම දෙනා දැවී ලකුණු 185

තරිඳු අමරසිංහ 47, හිරාන් ජයසූන්දර 28, කසුන් විදුර 46, තීක්ෂල ද සිල්වා 17

(අසිත ප්‍රනාන්දු 31/4, නිශාන් පීරිස් 35/2, සොනාල් දිනූෂ 33/2)

සීසීසී පළමු ඉනිම ඕවර් 47.3කදී සියලු දෙනා දැවී ලකුණු 167

ලසිත් කෲස්පුල්ලේ 27, සොනාල් දිනූෂ 61, සහන් කෝසල 20,  අන්ජල බණ්ඩාර නොදැවී 15 (තීක්ෂල ද සිල්වා 68/4, මෙලාන් හංසක 18/3)

හලාවත ‍මේරියන්ස් ක්‍රිකට් සමාජය දෙවැනි ඉනිම ඕවර් 60කදී සියලු දෙනා දැවී ලකුණු 177

තරිඳු අමරසිංහ 27, හිරාන් ජයසූන්දර 54, කසුන් විදුර නොදැවී 26 (අසිත ප්‍රනාන්දු 40/4, නිශාන් පීරිස් 46/3, සොනාල් දිනූෂ 38/2)

සීසීසී දෙවැනි ඉනිම ඕවර් 25.1කදී කඩුලු 1ක්  දැවී ලකුණු 196

ලසිත් කෲස්පුල්ලේ 128, නිශාන් මධුෂ්ක නොදැවී 54

එන්සීසී – බඳුරලිය ක්‍රීඩා සමාජය අතර හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් එන්සීසීට ඉනිමක හා ලකුණු 74ක ජයක්

එන්සීසී පළමු ඉනිම ඕවර් 109.4කදී  සියලු දෙනා දැවී ලකුණු 387

ළහිරු උදාර 47, විනුක රූබසිංහ 77, සහන් ආරච්චිගේ 76, චාමික කරුණාරත්න 121, කවිඳු පතිරත්න 29 (බුද්ධික සංජීව 123/2, අදීශ තිලංචන 105, මලින්ද පුෂ්පකුමාර 74/3)

බඳුරලිය ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 51.1කදී සියලු දෙනා දැවී ලකුණු 147

දිල්ෂාන් ද සොයිසා 18, රවීන් යසස් 15, රුමේෂ් බුද්ධික 27, රොසෙල් තාටිල් 16, අලංකාර අසංක සිල්වා 20 (ළහිරු කුමාර 31/3,  කවිඳු පතිරත්න 21/2, ශක්ති උදාර 58/4)

බඳුරලිය ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම ඕවර් 53.3කදී සියලු දෙනා දැවී ලකුණු 166

දිල්ෂාන් ද සොයිසා 15, රවීන් යසස් 46, රොසෙල් තාටිල් 18, විනුර චිල්සර 21, අදීශ තිලන්චන 31  (කවිඳු පතිරත්න 35/3, ශක්ති උදාර 61/4, අහේන් ඩැනියෙල් 32/3)

බීආර්සී – ඒස් කැපිටල් අතර පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ඒස් කැපිටල්ට කඩුලු 6ක ජයක්

බීආර්සී පළමු ඉනිම ඕවර් 71.1කදී සියලු දෙනා දැවී ලකුණු 233

හේෂාන් ධනුෂ්ක ප්‍රනාන්දු 37, සමින්ද ප්‍රනාන්දු 20, ප්‍රමෝද් මදුවන්ත 23, රමින්ද විජේසූරිය 80, යසිරු රොද්‍රිගෝ 21 (ඉසිත විජේසුන්දර  52/2, රොශාන් ජයතිස්ස 69/3, වනුජ සහන් 39/4)

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 40.2කදී  සියලු දෙනා දැවී ලකුණු 142

කවිඳු ආමන්ත 32, වනුජ සහන් 58, රවීන් ද සිල්වා 15 (මොහොමඩ් සිරාස් 32/5, ශෂික දුල්ෂාන් 15/2,  යසිරු රොද්‍රිගෝ 31/2)

බීආර්සී දෙවැනි ඉනිම ඕවර් 60.5කදී සියලු දෙනා දැවී ලකුණු 194

හේෂාන් ධනුෂ්ක ප්‍රනාන්දු 29, රොෂේන් සිල්වා 49, ප්‍රමෝද් මදුවන්ත 25, රිසිත් උපමාල් නොදැවී 37, රමින්ද විජේසූරිය 24 (ඉසිත විජේසුන්දර 54/2, රොශාන් ජයතිස්ස 54/5, වනුජ සහන් 50/3)

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය දෙවැනි ඉනිම ඕවර් 65.1කදී කඩුලු 4ක් දැවී ලකුණු 286

පවන්ත වීරසිංහ 121, කවිඳු ආමන්ත 35, කවිඳු කුලසේකර නොදැවී 59, රනේෂ් සිල්වා 49 (මොහොමඩ් සිරාස් 72/2)

ටැමිල් යූනියන් –  කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය අතර තරගය එන්සීසී ක්‍රීඩාංගණයේ දී.ජය පරාජ නෑ

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 109.3කදී සියලු දෙනා දැවී ලකුණු 404

ගයාන් මනීශාන් 160, ලක්ෂාන් එදිරිසිංහ 27, මනෝජ් සරත්චන්ද්‍ර 29, සමීර සඳමාල්106, චමෝද් සඳරු 32, චාමිකර එදිරිසිංහ 21 (ළහිරු සමරකෝන් 73/2කවිඳු දිල්හාර 90/2, විජයකාන්ත් වියස්කාන්ත් 101/4, තේෂාන් විඳුෂාන් 67/2)

ටැමිල් යූනියන් පළමු ඉනිම ඕවර් 46කදී සියලු දෙනා දැවී ලකුණු 167

මිනෝද් භානුක 23, තුලික දිල්ෂාන් 20, සචිත ජයතිලක 33, ළහිරු සමරකෝන් 33 (චමෝද් සඳරු 51/2, චාමිකර එදිරිසිංහ 23/2, කසුන් ඒකනායක 57/4)

ටැමිල් යූනියන් ‍දෙවැනි ඉනිම ඕවර් 91.5කදී කඩුලු 6ක් දැවී (ඉනිම අත්හිටෙව්වා) ලකුණු 358

විහස් තෙව්මික 37, ෂාරුජාන් ෂන්මුගනාදන් 122, මිනෝද් භානුක 173,  (චාමිකර එදිරිසිංහ 46/2, චමෝද් සඳරු 90/2)

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය දෙවැනි ඉනිම ඕවර් 11කදී කඩුලු 5ක් දැවී ලකුණු 72

ලක්ෂාන් එදිරිසිංහ 42 (විජයකාන්ත් වියස්කාන්ත් 39/2, තේෂාන් විඳුෂාන් 20/2)

පොලිස් ක්‍රීඩා සමාජය – නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජය අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගය ජය පරාජයෙන් තොරයි

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 92කදී සියලු දෙනා දැවී ලකුණු 347

ධනුජ ඉඳුවර 60, ප්‍රියමාල් පෙරේරා 23, අශේන් බණ්ඩාර 103, විශාද් රන්දික 91, නලීන් ප්‍රියදර්ශන 24, (නිපුන් මාලිංග 34/1)

නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 75කදී  සියලු දෙනා දැවී ලකුණු 228

තිලකරත්න සම්පත් 28, පැතුම් කුමාර 17, කෙවින් පෙ‍රේරා 37, අක්රම් මුතාලිෆ් 34, අනුක් ප්‍රනාන්දු 28, සුවත් මෙන්ඩිස් නොදැවි 16, නිපුන් මාලිංග 36 ( දිලුම් සුධීර 66/5, නිපුන් ප්‍රේමරත්න 53/3)

පොලිස් ක්‍රීඩා සමාජය ‍දෙවැනි ඉනිම ඕවර් 42කදී කඩුලු 4ක් දැවී (ඉනිම අත්හිටෙව්වා) ලකුණු 184

ධනුජ ඉඳුවර 33, අවිශ්ක තරිඳු 33, දුලාෂ් උදයංග නොදැවී 50, අශේන් බණ්ඩාර 25, විශාද් රන්දික නොදචී 33 (තිලකරත්න සම්පත් 59/2)

නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම ඕවර් 38කදී කඩුලු 6ක් දැවී ලකුණු 113

මධුක ලියනපතිරන 28, අවිශ්ක පෙරේරා 27, කෙවින් පෙ‍රේරා 17 (දිලුම් සුධීර 58/4, නලින් ප්‍රියදර්ශන 28/2)

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee