slc
logo
Home   |    News
ජනවාරි 4, 2026
යුද හමුදාවට ඉනිමක පහසු ජයග්‍රහණයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ‘ටියර් බී කොටසේ‘ තෙදින ක්‍රිකට් තරගාවලියේ පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී යුද හමුදා ක්‍රීඩා සමාජය විසින් ඉනිමකින් සහ ලකුණු 199කින් රාගම ක්‍රීඩා සමාජය පරදා ජයග්‍රහණයක් අත්කර ගත්තේය.

 යුද හමුදා ක්‍රීඩා සමාජය මෙම පහසු ජයග්‍රහණය අත්කර ගත්තේ තවත් සම්පූර්ණ දිනයක්ම ඉතිරිව තිබිය දී ය. යුද හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිමේ දී රැස් කළ ලකුණු 387ට පිළිතුරු ලෙස රාගම ක්‍රිකට් සමාජයට රැස් කර ගත හැකි වුයේ පළමු ඉනිමේ දී ලකුණු 117ක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 71ක් පමණකි.

 යුද හමුදා ක්‍රීඩා සමාජයේ නායක සීක්කුගේ ප්‍රසන්න තම කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන අවස්ථාවේ ලකුණු 84ක් රැස් කර පසුව පන්දු යැවීමේ දී ප්‍රථම ඉනිමේ දී ලකුණු පනහකට කඩුලු පහක් ද දෙවන ඉනිමේ දී ලකුණු 14කට කඩුලු හතරක් ද දවාලමින් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා තුන් ඉරියව්වේම දක්ෂතා පෙන්වීය.

  මේ අතර බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය අතර තරගයෙන් පිට පිටම පස්වන ජය ලැබීමට නම් එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට දෙවන ඉනිමේ දී හෙට කඩුලු දහයම ඉතිරිව රැස් කළ යුතුව ඇත්තේ තවත් ලකුණු 86ක් පමණකි. තරගයේ දෙවන දිනය වු අද තරගය නිම වන විට එස්.එස්.සී. ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම සඳහා කිසිවෙකු නොදැවී ලකුණු හයක් ලබා සිටියේය. සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිමේ දී ලකුණු 99කටත් දෙවන ඉනිමේ දී ලකුණු 226කටත් දැවී ගිය අතර එස්.එස්.සී. පිල පළමු ඉනිමේ දී ලකුණු 240ක් රැස් කළේය.

 සෙබස්ටියනයිට්ස් දෙවන ඉනිමේ දී එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ ප්‍රභාත් ජයසූරිය සහ නිපුණ ධනංජය කඩුලු හතර බැගින් දවාලුහ.

 මුවර්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ගාල්ල ක්‍රිකට් සමාජය සහ කොළඹ මැලේ ක්‍රිකට් සමාජය අතර තරගයේ දී ගාල්ල ක්‍රිකට් සමාජය පළමු ඉනිමේ දී නායක අමිත් එරන්ද පන්දු 144කට මුහුණ දී හතරේ පහර 12ක් සහ හයේ පහර හයක් සමග ලකුණු 128ක් ද එම කණ්ඩායමේම රශ්මික මෙවන් පන්දු 127ක දී හතරේ පහර 11ක් සමග නොදැවී ලකුණු 100ක් ද රැස් කරමින් දක්ෂතා දැක්වීය.

 තවත් පිතිකරුවන් දෙදෙනෙකුම මෙදින ශතක වාර්තා කිරීම විශේෂත්වයකි. මොරටුව ක්‍රීඩා සමාජයේ අභිෂේක් ලියනආරච්චි පන්දු 205කට මුහුණ දී හතරේ පහර 12ක් සහ හයේ පහර තුනක් සමග ලකුණු 136ක් ද යුද හමුදා ක්‍රීඩා සමාජයේ රත්නරාජා තෙනුරාජන් පන්දු 101කට මුහුණ දී හතරේ පහර නවයක් හයේ පහර හතරක් සමග නොදැවී ලකුණු 102ක් ද රැස් කළහ.

 නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ඉෂාන් අබේසේකර ලකුණු 64කට කඩුලු පහක් ද යුද හමුදාවේ සෙහද සොයිසා රාගම ක්‍රිකට් සමාජය සමග ලකුණු 16කට කඩුලු පහක් ද ගාල්ල ක්‍රිකට් සමාජයේ සුභානු රාජපක්ෂ කොළඹ මැලේ ක්‍රිකට් සමාජය සමග ලකුණු 77කට කඩුලු පහක් ද කොළඹ මැලේ ක්‍රිකට් සමාජයේ සුදාර දක්ෂිණ ලකුණු 120කට කඩුලු පහක් ද සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජයේ මිරංග වික්‍රමගේ එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සමග ලකුණු 71කට කඩුලු හයක් ද මොරටුව ක්‍රීඩා සමාජයේ ගයාන් සිරිසෝම කැන්ඩි කස්ටම් ක්‍රීඩා සමාජය සමග ලකුණු 83කට කඩුලු හයක් ද දවාලීමට සමත්වීම ද අද දිනයේ විශේෂත්වයන්ය.

ලකුණු සාරංශය

  • යුද හමුදා ක්‍රීඩා සමාජය ඉනිමකින් සහ ලකුණු 199කින්  රාගම ක්‍රිකට් සමාජය පරාජය කරයි

යුද හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 85.3ක දී සියල්ල දැවී ලකුණු 387 – රත්නරාජ තෙනුරාජන් නොදැවී 102, සීක්කුගේ ප්‍රසන්න 84, සෙහද සොයිසා 82, මල්ක මධුශංක 19, ඉෂාර මෙන්ඩිස් 19, අෂාන් සුදර්ශන 18, ක්‍රිෂේන් අපෝන්සු 18, තීක්ෂණ වික්‍රමසිංහ 17, හරීන් රත්නමුදලි 69/3, කසුන් කරුණාතිලක 84/3, උපුල් ඉන්ද්‍රසිරි 123/2

රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 49.3ක දී සියල්ල දැවී ලකුණු 117 – හසිත් පෙරේරා 29, කසුන් කරුණාතිලක 28, සමීන් කඳනආරච්චි 12, රවිඳු සෙම්බුකුට්ටි 11, සීක්කුගේ ප්‍රසන්න 50/5,  තීක්ෂණ වික්‍රමසිංහ 22/4

රාගම ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 29ක දී සියල්ල දැවී ලකුණු 71 – සහිල් ඩයස් 16, සමීන් කඳනආරච්චි 14, කෙමිර විජේනායක 09, සෙහද සොයිසා 16/5, සීක්කුගේ ප්‍රසන්න 14/4

  • එස්.එස්.සී. ජයග්‍රහණය අභියස

සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 45.1ක දී සියල්ල දැවී ලකුණු 99 – නුවනිඳු නිර්මාල් 37, මිරංග වික්‍රමගේ 11, රුසිරු විලෝචන 11, ප්‍රමෝද් මධුශාන් 30/4, කසුන් රාජිත 21/2, ප්‍රභාත් ජයසූරිය 27/2

එස්.එස්.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 64.4ක දී සියල්ල දැවී ලකුණු 240 – කෙනුල් ද සොයිසා 70, නුවනිඳු ප්‍රනාන්දු 62, අවිශ්ක ප්‍රනාන්දු 57, ප්‍රභාත් ජයසූරිය 26, මිරංග වික්‍රමගේ 71/6, බිෂාන් හෙට්ටිආරච්චි 31/2, චරිත් රාජපක්ෂ 23/1

සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය දෙවනි ඉනිම පන්දුවාර 60ක දී සියල්ල දැවී ලකුණු 226 – රුසිරු විලෝචන 63, මනෙල්ක ද සිල්වා 55, මාලිංග මලිගස්පේ 39, සඳුන් ප්‍රනාන්දු 28, උමයංග සුවාරිස් 20, නිපුන් ධනංජය 44/4,  ප්‍රභාත් ජයසූරිය 71/4

එස්.එස්.සී. ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 02ක දී කිසිවෙකු නොදැවී ලකුණු 06 –

  • නාවික හමුදා ක්‍රීඩා සමාජය  පළමු ඉනිමේ දී ඉදිරියෙන්

නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 66ක දී සියල්ල දැවී ලකුණු 260 – ආසිරි ද සිල්වා 65, තෙවිඳු දික්වැල්ල 50, රවීන් තරිඳු 37, පූර්ණ චාරුක 25, ගිහාන් ද සොයිසා නොදැවී 22, වරුණ මයන්ත 16, උවිඳු පෙරේරා 14, මංගල ප්‍රදීප් 83/8, මල්ෂාන් ගුණසිංහ 91/2

ලියෝ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 53.4ක දී සියල්ල දැවී ලකුණු 179 – අකීල් ඉන්හම් 46, රොමේෂ් සුරංග 42, ෂෙනාෂ් ප්‍රනාන්දු 21, හිරුන් සිගේරා 19, අෂේන් මෙන්ඩිස් 16, ඉෂාන් අබේසේකර 64/5, දිලංක අවුවාඩ් 23/2, ගිහාන් ද සොයිසා 37/2

නාවික හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 60ක කඩුලු 6ක් දැවී ලකුණු 136 – රවීන් තරිඳු නොදැවී 41, පූර්ණ චාරුක නොදැවී 37, තෙවිඳු දික්වැල්ල 22, වරුණ මයන්ත 21, මල්ෂාන් ගුණසිංහ 43/3, ෂෙනාෂ් ප්‍රනාන්දු 19/2

  • ගාල්ල ක්‍රිකට් සමාජයේ පිතිකරුවන්ගෙන් දක්ෂතා

කොළඹ මැලේ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 85.5ක දී සියල්ල දැවී ලකුණු 279 – තිමිර මල්ෂාන්  98, බුද්ධික හසරංග 89, වෝෂිත අමරසිංහ 22, යේසිත් රූපසිංහ 19, විදුනෙත් විල්සන් 15, චානක දේවින්ද 15, සුභානු රාජපක්ෂ 77/5, හංසමන ද සිල්වා 48/2, රජීව වීරසිංහ 69/2

ගාල්ල ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 80ක දී කඩුලු 8ක් දැවී ලකුණු 361 – අමිත් එරන්ද 128, චතුර පීරිස් 52, ලිසුල ලක්ෂාන් 49, රමේෂ් නිමන්ත 42, හංසමන ද සිල්වා නොදැවී 27, සුපුන් කවිඳ 25, සුදාර දක්ෂිණ 120/5, තිමිර මල්ෂාන් 45/1

  • මොරටුව ක්‍රීඩා සමාජය ප්‍රථම ඉනිමේ ඉදිරියෙන්

කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 78ක දී සියල්ල දැවී ලකුණු 210 – ලක්ෂාන් ගමගේ 52, ළහිරු අත්තනායක 51,  ප්‍රමේෂ් මධුභාෂණ 30, අෂාන් රන්දික 21, යශෝධ මෙන්ඩිස් 18, ගයාන් සිරිසෝම 83/6, චානක රුවන්සිරි 62/2, විදුර ලක්ෂාන් 14/1

මොරටුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 81.3ක දී කඩුලු 8ක් දැවී ලකුණු 319 – අභිෂේක් ලියනආරච්චි 136, රශ්මික මෙවන් නොදැවී 100, පුබුදු බණ්ඩාර 48, අවිඳු තීක්ෂණ 57/4, තිරුඥානම් මොනිෂාන් 65/3

කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 05ක දී කිසිවෙකු නොදැවී ලකුණු 24

  • යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය – මීගමුව ක්‍රීඩා සමාජය – කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී

යුනයිටඩ් සදර්න්  ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 61.3ක දී සියල්ල දැවී ලකුණු 156 – කවිඳු එදිරිවීර 44, පෙසඳු සංජාන් 34, නිපුණ ගමගේ 15, සසංක නිර්මාල් 15, පැතුම් බොතේජු 12, අමිත සංදීප 21/4, ධනුෂ්ක සඳරුවන් 43/3, ශෙෂාන් ප්‍රනාන්දු 37/2

මීගමුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට පන්දුවාර 28ක දී කඩුලු 02ක් දැවී ලකුණු 65 – කවීන් ප්‍රනාන්දු නොදැවී 32, උමේෂ් ලක්ෂාන් නොදැවී 15, දනෝෂ් ද සිල්වා 9/1, කවිඳු එදිරිවීර 20/1

­­

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee