slc
logo
Home   |    News
පෙබරවාරි 16, 2026
පිතිකරුවන් තිදෙනෙකු සහ පන්දු යවන්නන් තිදෙනෙකු ප්‍රථම දිනයේ දී විශේෂ දක්ෂතා දක්වති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (13 දා) ආරම්භ වු මේ සති අන්තයේ තරග කිහිපයේ දී පිතිකරුවන් තිදෙනෙකු ශතක රැස් කළ අතර පන්දු යවන්නන් තිදෙනෙකු ද කඩුලු පහ සහ එය ඉක්මවා දවාලීමට සමත් විය.

 මීට අමතරව පන්දු යවන්නන් හතර දෙනෙකුම කඩුලු හතර බැගින් දවාලීය. එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ රනුද සෝමරත්න මොරටුව ක්‍රීඩා සමාජය සමග පන්දු 217ක දී හතරේ පහර 12ක් හයේ පහර තුනක් සමග ලකුණු137ක් ද යුද හමුදා ක්‍රීඩා සමාජයේ හර්ෂජිත් රුෂාන් සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය සමග පන්දු 258ක දී හතරේ පහර 17ක් සමග ලකුණු 135ක් රැස් කරමින් ද රාගම ක්‍රිකට් සමාජයේ මනීෂ රූපසිංහ පන්දු 105ක දී හතරේ පහර 18ක් හයේ පහර දෙකක් සමග ලකුණු 113ක් රැස් කරමින් ද මෙදින ශතක වාර්තා පොතට එක් විණි.

 මෙදින පන්දු යවන්නන් අතුරින් හොඳම පන්දු යැවීම දක්නට ලැබුණේ මීගමුව ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගයේ දී නාවික හමුදා ක්‍රීඩා සමාජයේ දිලංක අවුවාඩ් ලකුණු 113කට කඩුලු 8ක් දවාලීමය.

 තවත් පන්දු යවන්නන් දෙදෙනෙකු ද මෙදින පන්දු යැවීමේ දී උපරිම දක්ෂතා දැක්විය. ලියෝ ක්‍රිකට් සමාජයේ ගිත්මින් කොළඹගේ කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය සමග ලකුණු 57කට කඩුලු හයක් දවාලමින් සහ සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජයේ හෂාන් සංදීප ලකුණු 89කට කඩුලු පහක් දවාලමින් මේ දක්ෂතා දැක්විය.

  මීට අමතරව ගාල්ල ක්‍රිකට් සමාජය සහ යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය අතර තරගයේ දී යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජයේ කවිඳු එදිරිවීර ලකුණු 73කට කඩුලු හතරක් ද එම කණ්ඩායමේ ම තරූෂ් දමිඳු ලකුණු 84කට කඩුලු 4ක් ද මොරටුව ක්‍රීඩා සමාජයේ චානක රුවන්සිරි එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සමග ලකුණු 97කට කඩුලු හතරක් ද කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජයේ මිතුන් ජයවික්‍රම ලියෝ ක්‍රිකට් සමාජය සමග ලකුණු 36කට කඩුලු හතරක් ද දවාලමින් පන්දු යැවීමේ දී කැපී පෙනුණි.

 මීගමුව ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගයේ දී මීගමුව ක්‍රීඩා සමාජය පළමු ඉනිමේ දී රැස් කළ ලකුණු 262න් ලකුණු 184ක් ම රැස් කළේ ලකුණු 94ක් රැස් කළ කෙෂාන් වන්නිආරච්චි සහ ලකුණු 90ක් රැස් කළ ඇන්ජලෝ ජයසිංහය.

 එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ මොරටුව ක්‍රීඩා සමාජය අතර තරගයේ දී එස්.එස්.සී. කණ්ඩායමේ රනුද සෝමරත්න ලකුණු 117ක් ද නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 84ක් පුද්ගලිකව රැස් කරමින් එස්.එස්.සී. සිව්වන කඩුල්ලට ලකුණු 160ක සබඳතාවයක් ද පැවැත්විය.

  ලකුණු සාරංශය

  • එස්.එස්.සී. ක්‍රීඩා සමාජය – මොරටුව ක්‍රීඩා සමාජය  – මොරටුව ද සොයිසා පිටියේ දී

එස්.එස්.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට පන්දුවාර 88ක දී කඩුලු 9ක් දැවී ලකුණු 354රනුද සෝමරත්න 137, නුවනිඳු ප්‍රනාන්දු 84, ෂෙවෝන් ඩැනියල් 45, නිපුන් ධනංජය 29, නදීෂ ආකාෂ් 16, චානක රුවන්සිරි 97/4, දුමිඳු සෙව්මිණ 70/2, ගයාන් සිරිසෝම 93/2

  • කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය – ලියෝ ක්‍රිකට් සමාජය – කටුනායක ගුවන් හමුදා පිටියේ දී

කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 36.4ක දී සියල්ල දැවී ලකුණු 172මලිඳු මධුරංග 60, නඳුන් අසේල සිල්වා නොදැවී 39, අශාන් රන්දික 17, ගිත්මින් කොළඹගේ 57/6, ෂෙනාෂ් ප්‍රනාන්දු 31/3

ලියෝ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 48.1ක දී සියල්ල දැවී ලකුණු 243 හිරුන් සිගේරා 74, ෂෙනාෂ් ප්‍රනාන්දු 30, නෙත්ම කරුණාරත්න 30, පූර්ණ කල්හාර 27, රොමේෂ් සුරංග 18, මල්ෂාන් ගුණසිංහ 16, මිතුන් ජයවික්‍රම 86/4, නිර්මල රත්නායක 39/2, ක්‍රිෂේන් වික්‍රමසිංහ 47/2

  • යුද හමුදා ක්‍රීඩා සමාජය – සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය – පනාගොඩ යුද හමුදා පිටියේ දී

යුද හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 84.4ක දී සියල්ල දැවී ලකුණු 336 හර්ෂජිත් රුෂාන් 135, සීක්කුගේ ප්‍රසන්න 31, රවිඳු විජේවර්ධන නොදැවී 27, තරිඳු දිලංක 25, අසේල ගුණරත්න 24, ජනිත් ද සිල්වා 24, රත්නරාජා තෙනුරතන් 22, හෂාන් සංදීප 89/5, නිපුන් මෙන්ඩිස් 86/3

සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 3ක දී කිසිවෙකු නොදැවී ලකුණු 08

ගාල්ල ක්‍රිකට් සමාජය – යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය – මග්ගොන සරේ පිටියේ දී

ගාල්ල ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 67.1ක දී සියල්ල දැවී ලකුණු 242අමිත් එරන්ද 51, ලිසුල ලක්ෂාන් 44, කෙවින් කොත්තිගොඩ 41, රමේෂ් නිමන්ත 36, සුභානු රාජපක්ෂ 26, කවිඳු එදිරිවීර 73/4, තරූෂ් දමිඳු 84/4, දනෝෂ් ද සිල්වා 67/2

යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 13ක දී කිසිවෙකු නොදැවී ලකුණු 52 අදීෂ නානායක්කාර නොදැවී 31, ආදිත්‍ය සිරිවර්ධන නොදැවී 20

  • රාගම ක්‍රිකට් සමාජය – කොළඹ මැලේ ක්‍රිකට් සමාජය – බී.ආර්.සී. පිටියේ දී

රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 62ක දී සියල්ල දැවී ලකුණු 291මනීෂ රූපසිංහ 113, කෙමිර විජේනායක නොදැවී 52, රවිඳු සෙම්බුකුට්ටි 40, උපුල් ඉන්ද්‍රසිරි 35, සහිල් ඩයස් 28, නිමන් උමේෂ් 27/2, යේසිත් රූපසිංහ 33/2, වෝෂිත අමරසිංහ 58/2, උෂාන් මනෝහර 59/2

කොළඹ මැලේ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 20ක දී කඩුලු 5ක් දැවී ලකුණු 59 පුලස්ති අතපත්තු නොදැවී 26, ටෙරන් බාස්කරන් 14, දසිත් ගුණතිලක 18/2, කොසාන් ජයවික්‍රම 18/2

  • මීගමුව ක්‍රිකට් සමාජය – නාවික හමුදා ක්‍රීඩා සමාජය – වැලිසර නාවික හමුදා පිටියේ දී

මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 77.1ක දී සියල්ල දැවී ලකුණු 262 කෙෂාන් වන්නිආරච්චි 94, ඇන්ජලෝ ජයසිංහ 90, දිමුත් සඳරුවන් 17, දිලංක අවුවාඩ් 113/8

නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 10ක දී කඩුලු 3ක් දැවී ලකුණු 33 ශෙහාන් ප්‍රමෝද් 12/2

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee