slc
logo
Home   |    News
මාර්තු 20, 2026
නවසීලන්ත ‘ඒ‘ කණ්ඩායම අප්‍රේල් මස ශ්‍රී ලංකාවට

sinhala editor

තරග 5 කින් සමන්විත තරග සංචාරයක් සඳහා නවසීලන්ත ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම ලබන අප්‍රේල් මස දෙවැනිදා (02) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙයට නිල නොවන එක්දින තරග 3 ක් සහ නිල නොවන සිව්දින ටෙස්ට් තරග 2 ක් ඇතුළත්ව තිබේ.

එක්දින තරගාවලියෙන් ආරම්භ වන මෙම තරගාවලියේ පළමු තරගය අප්‍රේල් මස 05 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. ඉතිරි තරග 2 සහ සිව්දින තරග දෙක හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීත් පැවැත්වෙනු ඇත. මෙම සියලුම තරග දිවා තරග ලෙසින් පැවැත්වෙනු ඇත.

දිනයතරගයක්‍රීඩාංගනය
අප්‍රේල් 05පළමු එක්දින තරගයගාල්ල අන්තර්ජාතික
අප්‍රේල් 08දෙවැනි එක්දින තරගයහම්බන්තොට මහින්ද රාජපක්ෂ
අප්‍රේල් 11තෙවැනි එක්දින තරගයහම්බන්තොට මහින්ද රාජපක්ෂ
අප්‍රේල් 16 – 19පළමු සිව්දින තරගයහම්බන්තොට මහින්ද රාජපක්ෂ
අප්‍රේල් 23 – 26දෙවැනි සිව්දිින තරගයහම්බන්තොට මහින්ද රාජපක්ෂ

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar