තරග 5 කින් සමන්විත තරග සංචාරයක් සඳහා නවසීලන්ත ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම ලබන අප්‍රේල් මස දෙවැනිදා (02) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙයට නිල නොවන එක්දින තරග 3 ක් සහ නිල නොවන සිව්දින ටෙස්ට් තරග 2 ක් ඇතුළත්ව තිබේ.
එක්දින තරගාවලියෙන් ආරම්භ වන මෙම තරගාවලියේ පළමු තරගය අප්‍රේල් මස 05 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. ඉතිරි තරග 2 සහ සිව්දින තරග දෙක හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීත් පැවැත්වෙනු ඇත. මෙම සියලුම තරග දිවා තරග ලෙසින් පැවැත්වෙනු ඇත.
| දිනය | තරගය | ක්‍රීඩාංගනය |
| අප්‍රේල් 05 | පළමු එක්දින තරගය | ගාල්ල අන්තර්ජාතික |
| අප්‍රේල් 08 | දෙවැනි එක්දින තරගය | හම්බන්තොට මහින්ද රාජපක්ෂ |
| අප්‍රේල් 11 | තෙවැනි එක්දින තරගය | හම්බන්තොට මහින්ද රාජපක්ෂ |
| අප්‍රේල් 16 – 19 | පළමු සිව්දින තරගය | හම්බන්තොට මහින්ද රාජපක්ෂ |
| අප්‍රේල් 23 – 26 | දෙවැනි සිව්දිින තරගය | හම්බන්තොට මහින්ද රාජපක්ෂ |





