slc
logo
Home   |    News
අප්‍රේල් 16, 2026
ශ්‍රී ලංකා ‘ඒ‘ පිලෙන් ප්‍රභල ආරම්භයක්

sinhala editor

නවසීළන්ත ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (16 දා) ආරම්භ වූ පළමු නිල නොවන සිව්දින ක්‍රිකට් තරගයේ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් පළමු දිනට තරගය නිමා කරන විට පළමුව පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම කඩු 7 ක් දැවී ලකුණු 327 ක් ලබා තරගයට සාර්ථක ප්‍ර වේශයක් ලබා ගැනීමට සමත්ව සිටියේය.

ශ්‍රී ලංකා‘ඒ‘ ඉනිමේ නංගුරම බවට පත්ව සිටින සොනාල් දිනූෂ පන්දු 116 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 90 ක් ලබා ශතකය සමීපයට පැමිණ සිටියි. අනෙක් අන්තයේ රැදී සිටි ඉසිත විජේසුන්දර ලකුණු 07 ක් ද ලබා සිටියි.

කාසියේ වාසිය තමන් සතු කරගත් පසිඳු සූරියබණ්ඩාර පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි නිශාන් මදුෂ්ක සහ ළහිරු උදාර පළමු කඩුල්ල වෙනුවෙන් රැස් කරල හැකි වූයේ ලකුණු 46 ක් පමණි. ශීට්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා නිශාන් මදුෂ්ක ලකුණු 20 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්විය. ඔහුගේ අනෙක්් ආරම්භක පිතිකරුවා වූ ළහිරු උදාර පන්දු 90 කට මුහුණ දෙමින් ලකුණු 61 ක් රැස් කරගෙන සිටියේ තම ඉනිම හතරේ ප හර 4 කින් සරසා ගනිමිනි.  

මැද පෙළේදී නුවනිඳු ප්‍රනාන්දු (21) සහ පවන් රත්නායක (27) ලකුණු එක් කළ අතර, නායක පසිඳු සූරියබණ්ඩාර ලකුණු 32ක් ලබා දායක විය. නායකයා පිටියෙන් ඉවත්වන විටත් ශ්‍රී ලංකා ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 5 කට ලකුණු 192 ක් ලෙසිනි. ශ්‍රී ලංකා ඉනිමේ හැරවුම් ලක්ෂය බවට පත්වූයේ සොනාල් දිනූෂ සහ රමේෂ් මෙන්ඩිස් අතර 6 වැනි කඩුල්ලට එක් කළ ලකුණු 102 ක විශිෂ්ඨ සම්බන්ධතාවයයි. රමේෂ් මෙන්ඩිස් ලකුණු 48 ක් ලබා සිටියදී දැවී ගිය නමුත් ඒ වන විටත් පළමු පෙළ තරග දිවියේ ලකුණු 6000 කඩ ඉම ඉක්මවාලීමට ඔහු සමත්ව සිටියේය.

තරගයට හිරු රශ්මියේ බලපැම එතරම්ම නොතිබූ නමුත්, උණුසුම් කාලගුණය හේතුවෙන් පන්දු රැකි නවසීලන්ත ක්‍රීඩකයින් දැඩි ලෙස හෙම්බත්ව සිටියහ. එ අතරින් වැඩිම කඩුලු දවා ගනු ලැබුවේ ටිම් ප්‍රිංගල වන අතර ඔහු ලකුණු 88 කට කඩුලු 2 ක් දවා ගත්තේය. ජෙරාඩ් මැකේ, මැත්ව් බොයිල්, ෆ්‍රෙසර් ශීට්, රයන් හැරිස් සහ පීටර් යංගස්බන්ඩ් එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

අද තරගයේදී දිලුම් සුධීර සහ දුලාජ් සමුදිත ශ්‍රී ලංකා ‘ඒ‘ තරග වරම් හිමිකර ගැනීමට සමත්වූහ.

හෙට තරගයේ දෙවැනි දිනයයි.

ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 81 ක් අවසනදී කඩුලු 7ක් දැවී ලකුණු 324  යි – (නිශාන් මදුශ්ක 20, ලහිරු උදාර 61, නුවනිඳු ප්‍රනාන්දු 21, පවන් රත්නායක 27, පසිඳු සූරියබණ්ඩාර 32, සොනාල් දිනූෂ 90*, රමේෂ් මෙන්ඩිස් 48, ටිම් ප්‍රිංගල් 88/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar