slc
logo
Home   |    News
අප්‍රේල් 27, 2026
කොළඹ පිල අවසන් මහ සටනට කිට්ටු කරයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙවත් නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේදී කොළඹ කණ්ඩායම අද (27 දා) ‍තෙවැනි දිනය නිමාවෙද්දී කඩුලු 7ක් අතැතිව ලකුණු 222ක් ඉදිරියෙන් සිටියේය. හෙට (28) තරගයේ අවසන් දිනය බැවින් කොළඹ පිල තරගයේ ජයග්‍රහණය පිණිස ගාල්ලට ලබාදෙන අභියෝගය පිළිබඳ සියලු ‍දෙනා විමසිල්ලෙන් පසුවෙති.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩංගණයේදී පැවැත්වෙන තරගයේ කොළඹ පිල පළමු ඉනිමට ලකුණු 337ක් ලබා සිටි අතර, ගාල්ල පිල පළමු ඉනිමට ලකුණු 273ක් ලැබීය. පළමු ඉනිමේ ලකුණු තත්ත්වය අනුව ගාල්ලට වඩා ලකුණු 64ක් ඉදිරියෙන් සිට දෙවැනි ඉනිම ඇරැඹූ කොළඹ පිල අද වර්ෂාව හේතුවෙන් තෙවැනි දිනට තරගය නතර කරද්දී කඩුලු 3ක් දැවී ලකුණු 158ක් ලබා සිටියේය.

‍කොළඹ මුල් කඩුලු දෙක ලකුණු 55කදී දැවී ගිය අතර, ධනංජය ලක්ෂාන් හා රනේෂ් සිල්වා එක්ව පන්දු 160කදී ලකුණු 97ක සබඳතාවක් තෙවැනි කඩුල්ලට එක්කොට ලකුණු පුවරුව ඉහළ නැංවූහ. ධනංජය ද සිල්වා ලකුණු 59කට දැවී ගිය අතර, රනේෂ් සිල්වා නොදැවී ලකුණු 52ක් ලබා සිටී.

ගාල්ල පළමු ඉනිමේදී මුදිත් ලක්ෂාන් ලකුණු 50ක් හා සදීර සමරවික්‍රම ලකුණු 69ක් ලබා ගැනීමට සමත් විය..

කොළඹ පළමු ඉනිමේදී නායක ජනිත් ලියනගේ පන්දු 155කදී හ‍යේ පහරක් හා හතරේ පහර 7ක් සමඟ ශතකයට ලකුණු 2ක් අඩුව තිබියදී ලකුණු 98කට දැවී ගිය අතර, ඔහු කවීජ ගමගේ සමඟ එක්ව 6 වැනි කඩුල්ලට පන්දු 173කදී ලකුණු 89ක් එක් කළහ.

මෙතෙක් තරග වැදි තරග 2 න් එක් පූර්ණ තරග ජයක් සමගින් ප්‍රසාද ලකුණු 26.665 ක් ලබා සිටින දඹුල්ල කණ්ඩායම මේ වන විටත් අවසන් මහ තරග වරමට සුදුසුකම් ලබා සිටින නමුත්, ඔවුන්ගේ ප්‍රතිවාදීන් කවුරුන්ද යන්න පිළිබඳව ගාලු කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම් අතර පවතින්නේ දැඩි තරගයකි. පළමු ඉනිමේ ජයක් ලබා සිටින ගාලු කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසු වුවද අද දිනයේදී පැවැත්වෙන කොළඹ සහ ගාල්ල අතර තරගයෙන් මේ වන විටත් කොළඹ කණ්ඩායම පළමු ඉනිමේ ජයක් ලබා සිටියි. ඔවුන්ට වැදගත් වන්නේ හෙට දිනයේදී ලබා සිටින ජයග්‍රහණය රැක ගැනීම පමණි. එසේ වුවහොත් ගාලු කණ්ඩායම තෙවැනි තැනට ඇද දමමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට කොළඹ කණ්ඩායමට අවස්ථාව උදාවනු ඇත.

කොළඹ පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 337 (ඕවර් 97.2)රවිඳු රසාන්ත 32, අසිත වන්නිනායක 12, ජනිත් ලියනගේ 98, කවීජ ගමගේ 40, ප්‍රභාත් ජයසූරිය 24, ප්‍රමෝද් මධුෂාන් 28, කසුන් රාජිත 31 (උදිත් මධුෂාන් 30/2, අසංක මනෝජ් 63/2, කේසර නුවන්ත 99/2, මුදිත ලක්ෂාන් 63/3)

ගාල්ල පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 273 (ඕවර් 82.5)ඔෂධ ප්‍රනාන්දු 39, ෂෙහාන් ප්‍රනාන්දු 45, සදීර සමරවික්‍රම 69, කෙවින් පෙරේරා 34, මුදිත ලක්ෂාන් 50 (ප්‍රමෝද් මධුෂාන් 36/4, කවීජ ගමගේ 50/2, චමෝද් බැට්ටගේ 35/3)

කොළඹ පිල දෙවැනි කඩුලු 3ක් දැවී ලකුණු 158 (ඕවර් 42) – අසිත වන්නිනායක 24, ධනංජය ලක්ෂාන් 59, රනේෂ් සිල්වා නොදැවී 52 (උදිත් මධුෂාන් 15/2, කේසර නුවන්ත 58/1)

දඹුල්ල පළමු ඉනිමේ ලකුණු 227ක් ඉදිරියෙන්

පිතිකරුවන්ට පාරාදීසයක්වී ඇති හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ දඹුල්ල ක්‍රීඩකයෝ පළමු ඉනිමට වාර්තා කළ ලකුණු 451ට පිළිතුරු ලෙස අද තෙවැනි දිනය නිමාවෙද්දී මහනුවර පිල පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 224ක් ලබා සිටී.

මේ දක්වා මහනුවර පිලෙන් අර්ධ ශතක 3ක් වාර්තාවී ඇති අතර, විනුක රූබසිංහ එම පිලේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා ලෙස ලකුණු 70ක් ලබා ගත්තේය. ආරම්භක පිතිකරු පවන්ත රත්නායක පන්දු 57කදී හතරේ 9ක් සමඟ ලකුණු 60ක් ලබා සිටියදී දැවී ගිය අතර, අංක 5 පිතිකරු සහන් ආරච්චිගේ ලකුණු 58කට දැවී ගියේය.

දඹුලු මුල් ඉනිමේ මුල් කඩුලු 3ක් ලකුණු 36කට දැවීගොස් තිබියදී පිටි‍යේ එක්වූ විශාද් රන්දික හා ධනංජය ද සිල්වා එක්ව සිව්වැනි කඩුල්ලට පන්දු 191කදී ලකුණු 119ක් ලබාගත් අතර, ධනංජය ලකුණු 53කට දැවී ගියේය. අනතුරුව අංජල බණ්ඩාර හා විශාද් රන්දික එක්ව පස්වැනි කඩුල්ලට පන්දු 171කදී ලකුණු 97ක් එක්කළ අතර, විශාද් රන්දික පන්දු 177කදී හතරේ පහර 10ක් සමඟ ලකුණු 104ක් ලබා සිටියදී දැවී ගියේය.

ඉනිමේ සාර්ථක සබඳතාව හයවැනි කඩුල්ලට එක්කළ අංජල බණ්ඩාර හා කවිදු පතිරත්න එක්ව පන්දු 317කදී ලකුණු 161ක් එක්කළ අතර, අංජල බණ්ඩාර පන්දු 225කදී හතරේ පහර 8ක් සමඟ ලකුණු 128කට දැවී ගියේය. කවිදු පතිරත්න ලකුණු 71ක් ලබා සිටියේය.

පන්දු යැවීමේදී රවිඳු ප්‍රනාන්දු හා ජෙෆ්රි වැන්ඩර්සේ අතර කඩුලු 3ක් බැගින් බෙදීගිය අතර,  දිනුර කළුපහන කඩුලු 2ක් ලැබීය. අද තරගයේ සිව්වැනි හා අවසන් දිනයයි.

දඹුල්ල පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 451 (ඕවර් 133.5)ලසිත් කෘෘස්පුල්ලේ 22, ධනංජය ද සිල්වා 53, විශාද් රන්දික 104, අංජල බණ්ඩාර 128, කවිඳු පතිරත්න 78, ශක්ති උදාර ‍නොදැවී 15 (දිනුර කළුපහන 86/2, රවිඳු ප්‍රනාන්දු 76/3, ජෙෆ්රි වැන්ඩර්සේ 53/3)

මහනුවර පිල පළමු ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 224  (ඕවර් 77)පවන්ත වීරසිංහ 60, විනුක රූබසිංහ 70, සහන් ආරච්චිගේ 58, අශේන් බණ්ඩාර නොදැවී 11, වනුජ සහන් ‍නොදැවී 13 (කවිඳු පතිරත්න 45/2, නිසල අබේරත්න 70/2, අකිල ධනංජය 51/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar