slc
logo
Home   |    News
අප්‍රේල් 24, 2026
අවසන් සටනට ශ්‍රී ලංකා කාන්තා පිල සූදානම්

sinhala editor

බංග්ලාදේශයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය හෙට (25 වැනිදා) රාජ්ශාහිහිදී පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ පළමු තරගය බංග්ලාදේශ කණ්ඩායම ජයගත් අතර, දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් ලබා තරගාවලිය 1-1 ලෙස සමබර තත්ත්වයකට ගෙන ඒමට සමත් විය. ඒ අනුව තරගාවලියේ ශූරියන් තීරණය වන අවසන් තරගය, දැඩි තරගකාරීත්වයකින් යුත් අවසන් මහ තරගයක ස්වරූපයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම තීරණාත්මක තරගය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවෝ අද දිනයේදීද සිය පුහුණුවීම්වල නිරත වූහ. පන්දුවට පහරදීම, පන්දු යැවීම සහ ප්දු රැකීම යන තුන් ඉරියව්වේම දක්ෂතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට කණ්ඩායම විශේෂ අවධානයක් යොමු කරනු ලැබීය.

තරගාවලිය 1-1 ලෙස සමව පවතින බැවින්, හෙට තරගයේ ජයග්‍රහණය ලබාගන්නා කණ්ඩායමට තරගාවලියේ ශූරතාවය හිමිවනු ඇත. ඒ අනුව හෙට දිනයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමතම උපරිම දක්ෂතාවය පෙන්වීම අතිශය වැදගත් වේ.

Active filters

Recent Posts

  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee