නවසීලන්ත කාන්තා ‘ඒ්’ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ‘ඒ්’ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති දෙවැනි ඒක්දින තරගයේ පාලනය ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නියන් සහ පන්දු රකින්නියන් අතට ගනිමින් සිටියදී අයහපත් කාගුණික තත්ත්වය නවසීලන්ත කාන්තා ‘ඒ‘ පිලට ගැලවීමක් ලබා දුන්නේය. රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයට වර්ෂාව හරස්වීම නිසා ඩක්වර්ත් ලුවිස් නයාය අනුව නවසීලන්ත පිලට පන්දුවාර 20 කදී ලකුණු 123 ක ඉලක්යක් හිමි වුවද එම ඉනිමේ ක්‍රියාත්මක කළ හැකි වූයේ පන්දුවාර 10.1 ක් පමණි.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ පිල පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 197ක් රැස් කළේ මැදපෙළ පිතිකාරිණියන්ගේ සටන්කාමී ඉනිම් මතය. ආරම්භක සහ ඉදිරිපෙළ පිතිකාරිණියන්ට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට නොහැකි වූ අවස්ථාවේදී, දෙව්මි විහංගා වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළාය.
ඒ වෙනුවෙන් කැපී පෙනෙන පිතිහරමයක නියැලුණු දෙව්මි විිහංගා පන්දු 48 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 44 ක් ලබා ගත්තාය. ඇයට අමතරව අංක 3 පිතිකාරිණී විමෝක්ෂා බාලසූරිය ලකුණු 31 ක් ලබා ගනිද්දී සුමුදු නිසංසලා සහ ලිමන්සා තිලකරත්න ලකුණු 24 බැගින් ලබා ගත්හ. පසු පෙළින් පැමිණි රශ්මිකා සෙව්වන්දි පන්දු 9 කට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 16 ක් රැස් කරමින් ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කිරීමට දායකත්වයක් දැක්වූවාය.
ශ්‍රී ලංකා ඉනිම ක්‍රියාත්මක වන අතරතුරදී තරගයට වර්ෂාවෙන් බාධා පැමිණියද එය ශ්‍රී ලංකා ඉනිමේ පන්දුවාර සංඛ්‍යාව අඩු කිරීමට තරම් බලපෑමක් නොවීය. කෙසේ වෙතත් නවසීලන්ත ඉනිම ක්‍රියාත්මක වන විටදී තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා ජයග්‍රහණය සදහා ඔවුනට පන්දුවාර 20 කදී ලකුණු 123 ක ඉලක්කයක් හිමිවිය.
එම හඹා යෑමේදී පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 30 ක් එක් කිරීමට බෙලා ජේම්ස් සහ කේට් අන්ඩර්සන් සමත්වූහ. රශ්මිකා සෙව්වන්දි විසින් බෙලා ජේම්ස් (20) දවා ගනිමින් එම සම්බන්ධතාව බිඳ දැමීමට සමත්වූවාය. කෙසේ වෙතත් මුලු ලලකුණු සංඛ්‍යාව ලකුණු 47 ක්ව තිබියදී පන්දු 2 ක් ඇතුළත දුවද්දී දවා ගැනීම් දෙකක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු රකින්නියෝ සමත්වූහ. ඒ සමගම ලකුණු පුවරුව ලකුණු 47 කට කඩුලු 4 ක් ලෙසින් සනිටුහන් විය.
ඒ සමඟම තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නතර කර දැමුවේ නැවතත් තරගය ආරම්භ කිරීමට ප්‍රමාණවත් කාලයක් ඉතිරිව නොතිබූ බැවිනි. මෙම තරගාවලිය යටතේ පැවැති පළමු තරගයටද වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය ප්‍රතිඵල රහිත විය. ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ තවත් එක් තරගයක් පමණක් ඉතිරිව තිබෙන අතර එම තරගය මේ මස 18 වැනිදා පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 197 යි – (විමෝක්ෂා බාලසූරිය 31, සුමුදු නිසංසලා 24, පියුමි වත්සලා 13, සත්‍යා සංදීපන් 16, ලිමංසා තිලකරත්න 24, දෙව්මි විහංගා 44, විශ්මි ගුණරත්න 13, රශ්මිකා සෙව්වන්දි 16*, හානා රෝව් 36/3, එමා බ්ලැක් 49/2, බෙලා ආම්ස්ට්‍රෝංග් 21/2)
නවසීලන්ත කාන්තා ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 10.1 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 66 යි – (කේට් ඇන්ඩර්සන් 19, බෙලා ජේම්ස් 20, බෙලා අම්ස්ට්‍රෝංග් 13*, රශ්මිකා සෙව්වන්දි 15/1, තාරුකා ෂෙහාන් 11/1)





