slc
logo
Home   |    News
මැයි 25, 2026
 තෙවැනි තරගයේ ජය නවසීලන්තයට – තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට

sinhala editor

ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහි අද (25 දා) පැවැති තෙවැනි හා අවසන් විස්සයි-20 තරගයේදී නවසීලන්ත කාන්තා ‘ඒ‘ කණ්ඩායම කඩුලු 5ක ජයක් වාර්තා කළද, තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ අද (25) පැවැති මෙම තරගය තුළ ශ්‍රී ලංකාවට දැඩි පිතිකරණ අසීරුතාවකට මුහුණ දීමට සිදු විය.

කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා ‘ඒ කණ්ඩායමට පන්දුවාර 16.5 කදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 78 ක් පමණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 15 සීමාව ඉක්මවා ලීමට සමත්වූයේ ආරම්භක පිතිකරු සංජනා කාවින්දි (15), සථයා සංදීපනී (16) සහ සුමුදු නිසංසලා (15) පමණි.

ශ්‍රී ලංකා ඉනිම බිඳවැටීමට ප්‍රධාන හේතුව වූයේ ජෙස් වොට්කින්ගේ විශිෂ්ට පන්දු යැවීමයි. ඇය ලකුණු 4කට කඩුලු 4ක් දවා ගනිමින් ශ්‍රී ලංකා පිතිපෙළ සම්පූර්ණයෙන්ම අඩපණ කළාය. කේලී නයිට් ද ලකුණු 5කට කඩුලු 2ක් බිඳ දමමින් හොඳ සහායක් ලබා දුන්නාය.

අද තරගයට විශ්මි ගුණරත්න ක්‍රීඩා නොකළ අතර ඇයගේ ස්ථානය වෙනුවෙන් විටින් ද අල්විස් නම් කර තිබුණි. එහෙත් ඇයට එකම හෝ ලකුණක් රැස්කර ගැනීමට නොහැකි විය. ඇයට අමතරව මැද පෙළ පිතිකාරිණී දෙව්මි විහංගා ලකුණු ලබාගැනීමට පෙර දැවී ගිය අනෙක් එකම ක්‍රීඩිකාව බවට පත්වූවාය.

ලකුණු 79ක පහසු ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ දැඩි අභියෝගයක් එල්ල කළහ. ආරම්භයේදීම කඩුලු බිඳ දමමින් තරගය නැවත සටනකට හරවා ගැනීමට ඔවුන් සමත් වූහ.

කෙසේ වෙතත් තරගයේදී අවධානයට ලක්වූ සිදුවීම වූයේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ නායිකා චමුදි ප්‍රබෝධා ආබාධයකට ලක්වීමයි. දෙව්මි විහංගා සමඟ පන්දුව රැකීමට යෑමේදී සිදුවූ ගැටීමකින් ඇය හිසෙහි කම්පන තත්ත්වයකට ලක් වූ අතර ‘කම්පන ආදේශක‘ (Concussion Substitute) නීතිය යටතේ පිටියෙන් ඉවත් කෙරිණි. ඒ වනවිට චමුදි පන්දුවාර 2ක් යවා ලකුණු 7කට එක් කඩුල්ලක් දවාගෙන සිටියාය.

ඇය වෙනුවට පිටියට පිවිසි ප්‍රමුදි නිසංසලා ඉතිරි පන්දුවාර 2 ක්‍රියාත්මක කරමින් ලකුණු 5කට කඩුලු 2ක් දවා ගනිමින් කැපී පෙනුණාය. සචිනි නිසංසලා ද ලකුණු 14කට කඩුලු 2ක් දවා ගනිමින් නවසීලන්ත ඉනිමට පීඩනයක් එල්ල කළාය.

එහෙත් අඩු ඉලක්කය හේතුවෙන් නවසීලන්ත පිතිකාරිණියෝ පන්දුවාර 18.5කදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 79 ලබා තරගය ජය ගත්හ. අංක 3 පිතිකාරිණිය ලෙස පිටියට පිවිසි පෘ කොට්න් පන්දු 38කදී නොදැවී ලකුණු 30ක් රැස් කරමින් ජයග්‍රහණයේ ප්‍රධාන ශිල්පිනිය වූවාය. කේට් ඇන්ඩර්සන් ලකුණු 17ක් එක් කළාය.

ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 16.5 කදී සියලු දෙනා දැවී ලකුණු 78 යි – (සංජනා කාවින්දි 15, සතයා සංදීපනී 16, සුමුදු නිසංසලා 15, පියමි වත්සලා 12, ජෙස් වොට්කින් 04/4, කේලී නයිට් 05/2)

නවසීලන්ත කාන්තා ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 18.5 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 79 යි – පෘ කොටන් 30, කේට් ඇන්ඩර්සන් 17, ප්‍ර මුදි මෙත්සරා 05/2, සචිනි නිසංසලා 14/2, චමුදි ප්‍ර බෝධා 07/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee