slc
logo
Home   |    News
ජූලි 3, 2026
පැතුම් නිශ්ශංක සැත්කමක් සඳහා එංගලන්තයට

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ අද (03) ආරම්භ වන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීමේදී ක්‍රීඩකයන් සිව්දෙනකුට වෛද්‍ය හේතු මත අවස්ථාව අහිමි වී තිබේ.

ඒ අනුව වේගපන්දු යවන ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, දඟ පන්දු යවන රමේෂ් මෙන්ඩිස් සහ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකරනු ඇත.

පළමු ටෙස්ට් තරගයේදී දකුණු පාදයේ මාංශ පේශීවල ආබාධයක් හේතුවෙන් ලහිරු කුමාර මේ වන විට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර පුහුණුවීම්වලදී විශ්ව ප්‍රනාන්දුගේ දකුණු පස පහළ කොන්ද සහ උකුල ප්‍රෙද්ශයේ ආබාධයකට ගොදුරුව තිබේ. ඔහුගේ තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරී තිබුණද තවමත් සම්පූර්ණ සුවය ලබා නොමැති බැවින් දෙවැනි ටෙස්ට් තරගයට ඔහු තෝරාගෙන නොමැත.

රමේෂ් මෙන්ඩිස් ද සංචාරය අතරතුර වැළඳුණු බැක්ටීරියා ආසාදනයකින් සුවය ලබමින් සිටින අතර එම හේතුවෙන් ඔහුද තරගයට එක් නොවනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ විශාලතම පසුබෑම වන්නේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකගේ ආබාධයයි. පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව ඔහුගේ මැණික් කටුවේ දිගින් දිගටම වේදනාව පැවති අතර වෛද්‍ය නිර්දේශය අනුව ශල්‍යකර්මයකට භාජනය වීමට තීරණය කර තිබේ. ඒ අනුව නිශ්ශංක පසුගිය ජූනි 30 වැනිදා එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් ඇති අතර එහිදී ඔහුට සැත්කම සිදුකිරීමට නියමිතය.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee