ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද(11) තරග හයකින් ආරම්භ වූ අතර, එහිදී චිලව් මේරියන්ස්, යුද හමුදා, නාවික හමුදා, ලියෝ සහ රාගම යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූහ.
දවසේ කැපී පෙනෙන පිතිහරඹය වාර්තා කළේ චිලව් මේරියන්ස් කණ්ඩායමේ නායක කසුන් විදුර සහ අරෝෂ සිතුමිණය. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 77කදී ලකුණු 122ක සබඳතාවක් ගොඩනැගූ අතර, අරෝෂ පන්දු 44කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමඟ ලකුණු 79ක්ද, කසුන් පන්දු 44කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 59ක්ද රැස් කළහ. ඒ අනුව චිලව් මේරියන්ස් කණ්ඩායම පන්දුවාර 20කදී කඩුලු 5කට ලකුණු 214ක් රැස් කළ අතර, කුරුණෑගල ක්‍රීඩා සමාජයට පන්දුවාර 20කදී කඩුලු 9කට ලබාගත හැකි වූයේ ලකුණු 183ක් පමණි. චිලව් මේරියන්ස් කණ්ඩායම ලකුණු 31කින් ජය ගත්තේය.
පළමු දිනයේදී අර්ධ ශතක රැස් කළ පිතිකරුවන් අතර නාවික හමුදා කණ්ඩායමේ අදීශ නානායක්කාර නොදැවී ලකුණු 53ක්, යුද හමුදා කණ්ඩායමේ අශාන් සුදර්ශන ලකුණු 50ක් සහ මනුශ්ක සමිත් ලකුණු 51ක්, මහනුවර රේගු ක්‍රීඩා සමාජයේ යශෝධ මෙන්ඩිස් ලකුණු 55ක්, මීගමුව ක්‍රිකට් සමාජයේ රොමේෂ් සුරංග නොදැවී ලකුණු 64ක් සහ රාගම ක්‍රිකට් සමාජයේ මනීෂ රූපසිංහ ලකුණු 52ක් ලබාගත්හ.
කිරිමණ්ඩල මාවතේ එස්.එල්.එල්.ඩී.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ගාල්ල ක්‍රිකට් සමාජය සහ නාවික හමුදා කණ්ඩායම අතර තරගයේදී ගාල්ල කණ්ඩායම ලකුණු 76කට දැවී ගිය අතර, නාවික හමුදා කණ්ඩායම පන්දුවාර 6.2කදී කිසිවකුත් නොදැවී ලකුණු 77ක් ලබා කඩුලු 10ක පහසු ජයක් වාර්තා කළේය. අදීශ නානායක්කාර නොදැවී ලකුණු 53ක් රැස් කළේය.
කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවැති යුද හමුදා සහ මහනුවර රේගු අතර තරගයේදී යුද හමුදා කණ්ඩායම ලකුණු 201ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ලෙස මහනුවර රේගු කණ්ඩායම ලකුණු 132කට දැවී ගියේය. ඒ අනුව යුද හමුදා කණ්ඩායමට ලකුණු 69ක ජයක් හිමි විය. අශාන් සුදර්ශන ලකුණු 50ක් සහ මනුශ්ක සමිත් ලකුණු 51ක් ලබාගත් අතර, යශෝධ මෙන්ඩිස් ලකුණු 55ක් රැස් කළේය.
වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ පැවැති මීගමුව සහ ලියෝ අතර තරගයේදී මීගමුව කණ්ඩායම ලකුණු 137ක් ලබාගත් අතර, ලියෝ කණ්ඩායම පන්දුවාර 19කදී කඩුලු 7ක් දැවී ලකුණු 138ක් ලබා කඩුලු 3කින් ජය ගත්තේය. එහිදී රොමේෂ් සුරංග නොදැවී ලකුණු 64ක් ලබා ගත්තේය.
කටුනායකදී පැවැති සෙබස්තියනයිට්ස් සහ රාගම අතර තරගයේදී සෙබස්තියනයිට්ස් කණ්ඩායම ලකුණු 147කට දැවී ගිය අතර, රාගම කණ්ඩායම පන්දුවාර 18.4කදී කඩුලු 6ක් දැවී ලකුණු 148ක් ලබා කඩුලු 4ක ජයක් වාර්තා කළේය. මනීෂ රූපසිංහ ලකුණු 52ක් රැස් කළේය.
මේ අතර කිරිමණ්ඩල මාවතේ පැවැති මොරටුව ක්‍රීඩා සමාජය සහ යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, මොරටුව කණ්ඩායම කඩුලු 8කට ලකුණු 164ක් ලබා සිටියදී යුනයිටඩ් සදර්න් කණ්ඩායම පන්දුවාර 2.4කදී කඩුලු 2කට ලකුණු 21ක් ලබා සිටියේය. තරගයට විසඳුමක් නොලැබිණි.
යුද හමුදාවට ලකුණු 69 ක ජයක්
යුද හමුදාව පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 201 යි – (අශාන් සුදර්ශන 50, ජානක සම්පත් 25, මනුශ්ක සමිත් 51, අසේල ගුණරත්න 10, තිසර පෙරේරා 17, රවිඳු විජේවර්ධන 24*, යශෝධ මෙන්ඩිස් 32/2, නිර්මල රත්නායක 17/2)
කැන්ඩි කස්ටම්ස් පන්දුවාර 17.1 කදී ලකුණු 132 යි – (තෙවිඳු දික්වැල්ල 17, හෙලිත් එදිරිසිංහ 12, යශෝධ මෙන්ඩිස් 55, කවීෂ ඉඳුවර 14, ලසිඳු අරෝෂ 10, ශෙහද සොයිසා 28/4, ජනක සම්පත් 16/3)
ලියෝ ක්‍රීඩා සමාජයට කඩුලු 3 ක ජයක්
නිගම්බු පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 137 යි – (මොහොමඩ් මර්ෂාඩ් 25, දිනිත ලෝචන 15, සචිරු කුලසූරිය 10, දිමුත් සඳරුවන් 19, ෂෙහාන් ප්‍ර මෝද් 31* සුපුන් ඩිල්සාන් 30/2, ප්‍රසාද් අසංක 25/2, රුමේෂ් සුරංග 18/2)
ලියෝ කණ්ඩායම පන්දුවාර 19 කදී කඩුලු 7 ට ලකුණු 138 යි – (රොමේෂ් සුරංග 64*, පූර්ණ කල්හාර 29, සලිඳු පතිරණ 18 අශාන් ප්‍රනාන්දු 12, වරුන ඉමේෂාන් 35/2)
නාවික හමුදාවට කඩුලු 10 ක ජයක්
ගාල්ල පන්දුවාර 17.5 කදී ලකුණු 76 යි – (තෙවිඳු රශ්මික 10, අමිත එරන්ද 16, ලිසිලු ලක්ෂාන් 12, චානක දේවින්ද 11, සඳුන් මදුශංක 18*, ඉෂාන් අබේසේකර 14/3, ඩිලන්ක අවුරත් 13/2, තිමිර මල්ෂාන් 17/3)
ශ්‍රී ලංකා නාවික හමුදාව පන්දුවාර 6.2 කදී කිසිවකු නොදැවී ලකුණු 77 යි – (අදීෂ නානායක්කාර 53*, ආදිත්‍ය සිරිවර්ධන 19*)
මොරටුව සහ යුනයිටඩ් සදර්න් විසඳුමක් නෑ
මොරටුව පන්දුවාර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 164 යි – (ලෙස්ටර් ජයවීර 28, යුෂේන් සිල්වා 27, චාමර ප්‍රනාන්දු 34, දිනෙත් සිතුමිණ 37*, නදුන් දර්ශන 11, කසුන් සේනාදීර 30/3, සෙනුක දනගමුව 27/2)
යුනයිටඩ් සදර්න් පන්දුවාර 2.4 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 21 යි – (පූර්ණ ප්‍රබාත් 08/2)
රාගමට කඩුලු 4 ක ජයක්
සෙබස්ටියනයිට්ස් පන්දුවාර 20 කදී සියලු දෙනා දැවී ලකුණු 147 යි – (චමිඳු පෙරේරා 43, සංජුල බණ්ඩාර 18, මාලිංග සූරප්පුලිගේ 25, ගිහාන් ද සොයිසා 12*, කවීෂ ලියනාරච්චි 39/3, තරූෂ කොඩිකාර 23/2, කාවින්ද ඊෂ්වර 17/2)
රාගම පන්දුවාර 18.4 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 148 යි – (මනීෂ රූපසිංහ 52, දෙනුර දිමන්සිත් 28, රන්මිත් ජයසේනර 12, මලීෂ සිල්වා 19
*, කාවින්ද ඊෂ්වර 25, සංජුල බණ්ඩාර 23/2)
චිලව් මේරියන්ස්ට ලකුණු 31 ක ජයක්
චිලව් මේරියන්ස් පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුණු 214 යි – (කසුන් විදුර 59, අරෝෂ සිතුමිණ 79, කෙවින් සැමුවෙල් 18, ගිම්හාන් රසාංජන 15, කලන ලියනගේ 14*, සසංක නිර්මාල් 14*, සංජු නිඳුවර 45/2)
කුරුණෑගල ක්‍රීඩා සමාජය පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 183 යි – (කේෂාන් වන්නිආරච්චි 45, ඩිල්ෂාන් කොලුරේ 38, දුලාජ් රණතුංග 10, කවීන් බණ්ඩාර 32, සංජුල නිඳුවර 10, නසංජය හෙට්ටිආරච්චි 17, තිමිර ඉරුෂික 20/3, කෙවින් සැමුවෙල් 42/3, කලන ලියනගේ 30/2)




