slc
logo
Home   |    News
අගෝස්තු 18, 2026
ශෙහාරිගෙන් කඩුලු හතක් – විශ්මිගෙන් ශතකයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අගෝස්තු 16 සහ 17 යන දෙදින පැවැති තරගවලදී පන්දු යවන්නියක ලෙස බදුරලිය ක්‍රිකට් සමාජයේ ශෙහාරි ඉඳුවරී කඩුලු හතක් දවා ගනිමින් කැපී පෙනෙන දස්කමක් දැක්වූ අතර, සී.සී.සී. කණ්ඩායමේ විශ්මි ගුණරත්න ශතකයක් වාර්තා කිරීමට සමත් වූවාය.

18 හැවිරිදි ශෙහාරි ඉඳුවරී, ඒස් කැපිටල් කණ්ඩායමට එරෙහි තරගයේදී පන්දුවාර 6.5ක් යවා ලකුණු 10කට කඩුලු හතක් දවා ගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූවාය. ඇයගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් ඒස් කැපිටල් කණ්ඩායම ලකුණු 33කට සීමා විය.

එම තරගයේදී බදුරලිය කණ්ඩායම වෙනුවෙන් කවීෂා දිල්හාරි නොදැවී ලකුණු 102ක් රැස් කළ අතර සංජනා කාවින්දි ලකුණු 50ක් ලබා ගත්තාය. ඒ අනුව බදුරලිය කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 202ක විශිෂ්ට ජයක් හිමි විය.

මේ අතර සී.සී.සී. කණ්ඩායම වෙනුවෙන් විශ්මි ගුණරත්න, නාවික හමුදා කණ්ඩායමට එරෙහි තරගයේදී පන්දු 142කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 132ක් රැස් කරමින් තරගයේ කැපී පෙනෙන පිතිකරණයක නිරත වූවාය. ඇයගේ ශතකය මත සී.සී.සී. කණ්ඩායම ලකුණු 221ක් රැස් කළ අතර, ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 8ක ජයක් ලබා ගැනීමට සමත් විය.

නාවික හමුදා ඉනිමේදී හසිනි පෙරේරා ලකුණු 57ක් සහ හර්ෂිතා සමරවික්‍රම ලකුණු 87ක් රැස් කරමින් අර්ධ ශතක ඉනිම් වාර්තා කළද, ඔවුන්ගේ උත්සාහය ජයග්‍රහණයක් සඳහා ප්‍රමාණවත් නොවීය.

ඊට අමතරව කෝල්ට්ස් කණ්ඩායමේ විශ්මි සොයිසා ලකුණු 50ක් රැස් කළ අතර, නාවනික හමුදා කණ්ඩායමේ හසිනි පෙරේරා ලකුණු 57ක් සහ හර්ෂිතා සමරවික්‍රම ලකුණු 87ක් ලබා ගනිමින් අර්ධ ශතක ඉනිම් වාර්තා කළහ.

එස්එස්සී කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

චිලව් මේරියන්ස් ක්‍රීඩා සමාජය – සියලු දෙනා දැවී 58 (පන්දුවාර 34.5)
අචිනි කුලසූරිය 10/3, මල්ෂා මදුශානි 09/2

එස්.එස්.සී.– කඩුලු 2ක් දැවී 59 (පන්දුවාර 9.2)
මල්ශාන් මදුශානි නොදැවී 28

ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව යුද හමුදා ක්‍රීඩා සමාජයට කඩුලු 2ක ජයක්.

කොල්ට්ස් ක්‍රිකට් සමාජය – කඩුලු 6ක් දැවී 141 (පන්දුවාර 50)
විශ්මි සොයිසා 50, ශයනි සේනාරත්න 25, පමෝදා ශයිනි 20, අශානි සමින්දි 20/2, සඳනි ද සිල්වා 19/2

යුද හමුදා ක්‍රීඩා සමාජය – කඩුලු 8ක් දැවී 117 (පන්දුවාර 29.1)
ඉමල්කා මෙන්ඩිස් 25, රිශ්මි සංජනා 23/2, විශ්මි සොයිසා 19/3, තරුශි රාජකුරුණා 13/2

ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව බදුරලිය ක්‍රිකට් සමාජයට ලකුණු 202ක ජයක්.

බදුරලිය ක්‍රිකට් සමාජය – කඩුලු 5ක් දැවී 212 (පන්දුවාර 41)
කවීෂා දිල්හාරි නොදැවී 102, සංජනා කාවින්දි 50, යෙසලි ජිතාරා 45/2

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය – සියලු දෙනා දැවී 33 (පන්දුවාර 13.5)
ශෙහාරි ඉඳුවරී 10/7, කාව්‍යා කාවින්දි 14/2

ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කොළඹ ක්‍රිකට් සමාජයට ලකුණු 8ක ජයක්.

කොළඹ ක්‍රිකට් සමාජය – කඩුලු 7ක් දැවී 221 (පන්දුවාර 48)
විශ්මි ගුණරත්න 132, සුභද්‍රා සවනි 29, ඉනෝකා රණවීර 34/3, හෂිනි ලියනගේ 46/2

නාවික හමුදා ක්‍රීඩා සමාජය – කඩුලු 7ක් දැවී 212 (පන්දුවාර 41)
හර්ෂිතා සමරවික්‍රම 87, හසිනි පෙරේරා 57, මදුරි සමුද්දිකා 44/2

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee