දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක සහ ලකුණු 58 ක පරාජයක් අද (20 වැනිදා) අත් වින්දේය. පළමු තරගයේදී අවසන්...
නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය සඳහා අද (20 දා) අළුයම නවසීලන්තය බලා ගිය එක්දින කණ්ඩායමේ...
වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් ඉනිමක පරාජයන් ගැලවීමේ සටන ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ. ලකුණු 416 ක් පළමු ඉනිමේ පසුපසින් සිට...
කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ නංවනු ලැබීය. ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් යැයි සිතය ඉනිම අත්හිටුවා පන්දුවට පහර දීමේ...
නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3 බැගින් වන එක්දින හා විස්සයි-20 තරගාවලි සදහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිස්ව කැඳවීමට තේරීම් වලදී පියවරගෙන තිබේ. මැතිව්ස්ට අමතරව ආබාධයක් හේතුවෙන් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක එක්දින හා...
වෙළිංටන්හිදී අද (17 දා) ආරම්භ වූ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවන විට ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් සිටින නවසීලන්ත කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 152 ක් ලබා දිගු ඉනිමකට අඩිතාලම එක් කිරීමට සමත්ව සිටියේය. ප.ව. 2.10 දක්වා වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය පමා වුණු...

Articles
You are currently receiving All News


