slc
logo

දික්වැල්ලගේ වේගවත් ප්‍රහාරයෙන් එන්. සී. සී. අවසන් මහ සටනට

නිරෝෂන් දික්වැල්ල විසින් පන්දු 26 කදී රැස් කරන ලද ලකුණු 70 ක ඉනිම ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධානතම එක්දින තරගාවලිය යටතේ අවසන් මහ තරග වරම උදාකර ගැනීම වෙනුවෙන් මුවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරිමට එන්. සී. සී. කණ්ඩායම අද (09 වැනිදා)...

එන් සී. සී. – මුවර්ස් සහ කෝල්ට්ස් – ඒස් කැපිටල් අවසන් පුර්ව වටයේ හැප්පෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටයේ අවසන් දිනය එළැඹෙත්මත් සමග අවසන් කණ්ඩායම් 4 හෙවත් අවසන් අර්ධ අවසන් තරගවටයට සුදුසුම් ලබා ගැනීමට එන්. සී. සී. කෝල්ට්ස්, ඒස් කැපිටල් සහ මුවර්ස් ක්‍රීඩා සමාජ...

ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත්ට ජය

ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති තරග දෙක අතුරින් එස්.එස්.සී. සහ ඒස් කැපිටල් තරගය තියුණු මුහුණුවරක් ගත් අතර ඒස් කැපිටල් කණ්ඩායම අවසාන ඕවරයේදී ලකුණු 13ක ජයක් ලැබීය. ඒස් කැපිටල් කඩුලු 8කට ලකුණු 164ක් ලබාගත් අතර...

ඕෂදගෙන් නායකත්වයේ ඉනිමක්

ගාලු ක්‍රීඩා සමාජ නායක ඕෂද ප්‍රනාන්දු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත්වීම නිසා අද (04) නිගම්බු ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී පන්දු 55කදී ලකුණු 72ක් ලබා ගැනීමෙන් පිත්තෙන් කැපී පෙනිණ. හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග රැස් කරන ලද එම ඉනිම ප්‍රධාන කොට ගාලු කණ්ඩායමට...

පළමු ශතකය උපුල් තරංගගෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. හලාවත මේරියන්ස් පිලට එරෙහි තරගයේදී පන්දු 67 කට මුහුණ දුන් වමත් පිතිකරුවා රැස්...

ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් - බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම දැක් වූ දක්ෂතා මත ඔවුනට කඩුලු හතරකින් බදුරලිය පරාජයට පත් කිරීමට අවස්ථාව උදාවිණි.  මෙදින...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee