slc
logo
Home   |    News
ඔක්තෝබර් 14, 2019
‘ඒ’ එක්දින තරගාවලියේ ජය බංග්ලාදේශයට

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ‘ඒ’ හා බංග්ලාදේශ ‘ඒ’ අතර බෙත්තාරාම ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තෙවන හා අවසාන එක්දින තරගයේදී අයහපත් කාලගුණය මත ඕවර සංඛ්‍යාව අඩු කිරීමේන් පසුව ඩක්-වර්ත්-ලුවිස් ක්‍රමයට බංග්ලාදේශය ලකුණු 98කින් සහ තරග 2-1ක් ලෙසට තරගාවලියේ ජයද අත්කර ගත්තේය.

මුලින් පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 50දී කඩුලු නවයක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 322කි. වර්ෂාව පතිතව අයහපත් කාලගුණයේ බලපෑමෙන් ඩක්-වර්ත් ක්‍රමයට ශ්‍රී ලංකාවට ලැබුණු ජයග්‍රහණ ඉලක්කය වූයේ ඕවර 24.4 කදී ලකුණු 229ක් ලැබෙන පරිදිය. ඕවර 24.4 අවසානයේ ශ්‍රී ලංකාව කඩුලු හයක් දැවී ලබා ගත්තේ ලකුණු 130කි.

මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් – ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පන්දුවට පහරදීම බංග්ලාදේශ ‘ඒ’ පිලට පැවරීමට ගත් තීරණය කාලෝචිත නොවූයේ වැසි සහිත දිනයක පසුව පන්දුවට පහරදීම අසීරු කරුණක්වූ හෙයිනි.

ශ්‍රී ලංකාවට ලැබුණු ඕවර 24.4ක ලකුණු 229ක ඉලක්කය අනුව ඕවරයකට ලකුණු නවයකටත් වඩා ලබැගැනීමට අවශ්‍යවූ අසීරුම තත්ත්යක් විණි. ශ්‍රී ලංකා තෙවන කඩුල්ලට කමිඳු මෙන්ඩිස් සහ නායක අෂාන් ප්‍රියංජන් ඕවර 11.2කදි ලකුණු 63 කණ්ඩායමේ හොඳම සබඳතාවයි. කමිඳු මෙන්ඩිස් ලකුණු 55ක්ද (පන්දු 65යි හතරේ දෙකයි හයේ තුනයි) අෂාන් ප්‍රියංජන් ලකුණු 34ක්ද (පන්දු 35යි හතරේ හතරයි) රැස කළහ.

බංග්ලාදේශයේ සයිෆ් හසන් ලකුණු 117ක් (පන්දු 110යි හතරේ 12යි හයේ තුනයි) ලැබීය.

  • බංග්ලාදේශ ‘ඒ’ ඕවර 50දී කඩුලු 9ට 322යි. – සයිෆ් හසන් 117, මොහොමඩ් නයිම් 66, මොහොමඩ් මිතුන් 32, විශ්ව ප්‍රනාන්දු 69ට 3 අසිත ප්‍රනාන්දු 50ට 4
  • ශ්‍රී ලංකා ‘ඒ’ ඕවර 24.4දී කඩුලු හයට 130යි. – කමිඳු මෙන්ඩිස් 55 අෂාන් ප්‍රියංජන් 34, එබඩට් හොසේන් 26ට 2, සයිෆ් හසන් 25ට 2

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee