slc
Home   |    News
ඔක්තෝබර් 11, 2019
බංග්ලාදේශ ‘ඒ’ අවසාන පන්දුවේදී ජයගනී

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ‘ඒ’ – බංග්ලාදේශ ‘ඒ’ අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී බ්‍රහස්පතින්දා (10) පැවැති දෙවැනි එක්දින සීමිත ඕවර ක්‍රිකට් තරගයේ අවසාන පන්දුවේදී ලකුණුක් ලබාගැනීමේන්  බංග්ලාදේශයට ජය අත්කර ගත්තේ තියුණු තරගයකින් පසුව කඩුල්ලකිනි.

ශ්‍රී ලංකා ‘ඒ’ ඕවර 50 අවසානයේ කඩුලු 9කට ලබාගත් ලකුණු 226ට පිළිතුරු ලෙසින් බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩා‍යම – ඕවර 50 අවසානයේ කඩුලු 9කට ලකුණු 227ක් රැසකළේ අවසාන පන්දුවේ ජයග්‍රහණයත් සමගය.

 ශ්‍රී ලංකා කණ්ඩායමේ හොදම සබදතාව වූයේ සිව්වන කඩුල්ලට කමිඳු මෙන්ඩිස් සහ ප්‍රියංජන පෙරේරා එක්කළ ලකුණු 78ක සංඛ්‍යාවයි. කමිඳු මෙන්ඩිස් ලකුණු 61ක්ද (පන්දු 67යි හතරේ හයයි හයේ එකයි) ප්‍රියංජන් පෙරේරා ලකුණු 52ක්ද (පන්දු 62යි හතරේ දෙකයි හයේ එකයි) චාමික කරුණාරත්න ලකුණු 25යි (පන්දු 27යි හතරේ එකයි) ළහිරු උදාන ලකුණු 23යි (පන්දු 40යි හතරේ එකයි) වැඩිම ලකුණු ලැබු පිතිකරුවෝය.

බංග්ලාදේශයේ මොහොමඩ් නයිම් ලකුණු 68ක්ද මොහොමඩ් මිතුන් ලකුණු 52ක්ද ලැබූහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ හොදම පන්දු යැවීමවූයේ රමේෂ් මෙන්ඩිස් ලකුණු 46කට ලබාගත් කඩුලු තුනවේ. නුරුල් හසන් සහ මොහොමඩ් මිතුන් සිව්වන කඩුල්ලට එක්කළ ලකුණු 63 හොඳම සබදතාවයයි.

දෙවන එක්දින තරගය නිමවන විට කණ්ඩායම් දෙකම තරගය බැගින් ජය ලබා සිටියේය.

  • ශ්‍රී ලංකා ‘ඒ’ ඕවර 50දී කඩුලු 9ට 226යි, කමිඳු මෙන්ඩිස් 61, ප්‍රියමාල් පෙරේරා 52, චාමික කරුණාරත්න 25, ළහිරු උදාන 23, සන්සමුල් ඉස්ලාම් 43ට 2
  • බංග්ලාදේශ ‘ඒ’ ඕවර 50දී කඩුලු 9ට 227යි. මොහමඩ් නයිම් 68, මොහමඩ් මිතුන් 52, නුරුල් හසන් 25, රමේෂ් මෙන්ඩිස් 46ට 3යි, අෂාන් ප්‍රිංජන් 29ට

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest