slc
Home   |    News
නොවැම්බර් 25, 2019
ශ්‍රී ලංකා 19න් පහළ පිල 29වැනිදා කොදෙව් දූපත් බලා යති

Sri Lanka Cricket

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි දෙසැම්බර් මස 6 සිට 21 දක්වා පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියට සහභාගිවීම සදහා ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම මේ මස 29වැනිදා රාත්‍රි කොදෙව් දූපත් බලා පිටත්ව යති. 

    මේ තරගාවලියට සහභාගිවන කණ්ඩායම් වන්නේ එංගලන්තය, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්ය.

    සියළුම තරග පැවැත්වෙනුයේ ඇන්ටිගුටා දූපතේදීය. දෙසැම්බර් මස 21 වැනිදා පැවැත්වෙන අවසාන මහා තරගයට පෙර තරග නවයක් කණ්ඩායම් තුන අතර පැවැත්විමට නියමිතය. එම තරග පැවැත්වෙනුයේ ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණය, මැක්පොන්ඩ් ක්‍රීඩාංගණය සහ කූලිග්හි සී.සී.ජී.ක්‍රීඩාංගණයන් හි දීය.

    2020 ජනවාරි 17 සිට පෙබරවාරි 9 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ලෝක කුසලාන අවුරුදු 19න් පහළ තරගාවලියට සූදානම් වීමේ අරමුණින් මේ කණ්ඩායම් තුන තරගවදිති. කොදෙව් තුන්කොන් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම දෙසැම්බර් 22 වැනිදා ආපසු පැමිණීම නියමිතය.

  • තරග සටහන
  • දෙසැම්බර් 6        – එංගලන්තය හා ශ්‍රී ලංකාව 
  • දෙසැම්බර් 7         – බටහිර ඉන්දීය කොදෙව් දූපත් – ශ්‍රී ලංකාව
  • දෙසැම්බර් 9        – කොදෙව් දූපත් – එංගලන්තය
  • දෙසැම්බර් 10        – කොදෙව් දූපත් – ශ්‍රී ලංකාව
  • දෙසැම්බර් 12     – එංගලන්තය – ශ්‍රී ලංකාව
  • දෙසැම්බර් 13     – කොදෙව් දූපත් – එංගලන්තය
  • දෙසැම්බර් 15        – කොදෙව්දූපත් – ශ්‍රී ලංකාව
  • දෙසැම්බර් 17        – ශ්‍රී ලංකාව – එංගලන්තය
  • දෙසැම්බර් 19        – කොදෙව් දූපත් – එංගලන්තය
  • දෙසැම්බර් 21        – අවසාන මහා තරගය

බන්දුල මොල්ලිගොඩ

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest