සිම්බාබ්වේ කණ්ඩායම සතු වේග පන්දු බලඇණියේ පුරුකක් වන ටෙන්ඩායි චටාරාට ශ්‍රී ලංකාවට එරෙහිව ලබන 19 වැනිදා හරාරේ හි ආරම්භ වන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය අහිමිව තිබේ. එරට පැවැති දේශීය ක්‍රිකට් තරගාවලිය අතරතුරදී අතෙහි මස්පිඬු ඉරී යෑමේ ආබාධයකට ගොදුරු වූ අතර එය තවමත් සුව අතට පත් නොවී තිබීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.
2018 වසරේදී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමෙන් පසු ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරනු ලබන පළමු තරගාවලිය ලෙසින් සැලකෙන ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියේදී නම් කරන ලද 15 දෙනෙකුගෙන් සමන්විත සිම්බාබ්වේ කණ්ඩායමට ටෙස්ට් වරම් දිනා නැති ක්‍රීඩකයෙන් 5 දෙනෙකු ඇතුළත්ව සිටීම විශේෂත්වයකි.
ඒ අතර චටාරා වෙනුවට නම් කරන ලද නවක වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වන වික්ටර් යයුචි සහ චාල්ටන් ෂූමා, ආරම්භක පිතිකරු කෙවින් කසුසා, බ්‍රයන් මුඩ්සිගන්‍යබා සහ වමත් දඟ පන්දු යවන අයිනස්ලි ඩොලුවා එසේ කණ්ඩායමට අළුතින් එකව සිටින ක්‍රීඩකයෝ බවට පත්ව සිටිති.
නම් කරන ලද කණ්ඩායමේ නායකයා ලෙසින් ෂෝන් විලියම්සන් කටයුතු කරන නමුත් හිටපු නායකයකු වන බ්‍රෙන්ඩන් ටෙල්ර් ද සංචිතයට ඇතුළත්ව සිටියි. ඊට අමතරව පළපුරුදු ක්‍රීඩකයින් වන ක්‍රෙග් එර්වින්, කයිල් ජාවේස්, රේගිස් චකබ්වා සහ සිකන්දර් රාසාද ඇතුළත්ව සිටිති. 33 හැවිරිදි වියේ පසුවන විලියම්ස් ටෙස්ට් තරග 10 කට සහභාගි වෙමින් මුලු ලකුණු 553 ක් රැස්කරගෙන සිටින අතර පන්දු යැවීමෙන්ද කඩුලු 17 ක් බිඳ දැමීමට සමත්ව තිබේ.
සිම්බාබ්වේ කණ්ඩායම – ෂේන් විලියම්ස් (නායක), සිකන්දර් රාසා, රේගිස් චකබ්වා, කයිල් ජාර්වේස්, ටිම්කැන් මරුමා, ක්‍රෙක් එර්වින්, කෙවින් කසුසා, ප්‍රින්ස් බස්වව්රේ, චාල්ටන් සූඹා, බ්‍රයන් මුඩ්සිගන්‍යබා, කර්ල් මුබ්බා, අයින්ස්ලි ඩොලුවා, වික්ටර් යයුචි, බ්‍රෙන්ඩන් ටේලර්, ඩොනල්ඩ් ටිරිපානෝ.