slc
Home   |    News
ජනවාරි 31, 2020
ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ඉලක්කයක්

Sri Lanka Cricket

By Chamila Karawita

හරාරේහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ (30 දා) දිනයේ සවස් යාමය වන විට ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් නියමිත වේලාවට වඩා තරගය නිමා කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 241 ක් ලබා ශ්‍රී ලංකාවට වඩා ලකුණු 354 කින් පෙරමුණ ගැනීමට සමත්විය.

අයහපත් කාලගුණය හේතුවෙන් තරගය නිමා කරන විට පන්දුවට පහර දෙමින් සිටි නායක ෂෝන් විලියම්ස් ලකුණු 47 ක් සහ ඩොනල්ඩ් ටිරිපානෝ ලකුණුක් ලබා සිය කඩුලු ආරක්ෂා කරගෙන සිටියහ.

ලකුණු 113 ක පළමු ඉනිමේ වාසියක් සමඟින් දෙවැනි ඉනිම ඇරඹූ සත්කාරක සිම්බාබ්වේ පිල වෙනුවෙන් කැපී පෙනෙන පිතිහරඹයක නිරත වූ බ්‍රෙන්ඩන් ටේලර් මෙම තරගයේ දෙවැනි වතාවටත් අර්ධ ශතකයක් වාර්තා කරමින් සිම්බාබ්වේ ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

දිනයේ පළමු කඩුල්ල ලෙසින් රෙගිස් චකබ්වා ලකුණු 15 කට ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ දැවී යන විටත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 32 ක් එක් කිරීමට ටේලර් සමත් වූවේය. පන්දු 75 කින් සමන්විත වූ ටේලර්ගේ ඉනිම ක්‍රියාත්මක වද්දී තුවාල ලැබූ කෙවින් කසූසා වෙනුවෙන් පන්දුවට පහර දීමට පැමිණි ටිම්සින් මරුමාට ලකුණු රැස් කර ගැනීමේ අවස්ථාව අහිමි කළ ඇඹුල්දෙණිය ලකුණු 124 ක් වන විට සිම්බාබ්වේ ඉනිමේ සිව්වැනි කඩුල්ල දවා ගැනීමට සමත්වූවේය.

දික්වැල්ලගේ සුපිරි ස්ටම්ප් කිරීම හමුවේ මරුමා ලකුණු නොලබා දැවී යද්දී සිය වගකීම එලෙසින්ම ඉටු කළ බ්‍රෙන්ඩන් ටේලර් තම අන්තය ආරක්ෂා කරමින් ලකුණු 67 ක් රැස් කරන ලද්දේ සිය ටෙස්ට් තරග දිවියේ ලකුණු 2000 සීමාවද පසුකර යමිනි.

පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දණිය ලකුණු 81 කට කඩුලු 2 ක් දවා ගනිද්දී විශ්ව ප්‍රනාන්දු ලකුණු 43 කට කඩුලු 2 ක් දවා ගත්තේ ඉනිමේ මෙතෙක් හොඳම පන්දු යැවීම සටහන් කර ගනිමිනි. ඒ අනුව තරගයේ පස්වැනි සහ අවසන් දිනය වූ හෙට දිනයේදී ශ්‍රී ලංක පිලට මියැම්වා රැකෙම්වා සටනක නිරත වීමට සිදුවනු ඇත.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest