slc
logo
Home   |    News
ජනවාරි 11, 2020
සංගක්කාර හා මාලිංග ලෝක කණ්ඩායම්වලට නම් කෙරේ

Sri Lanka Cricket

ලොව ප්‍රකටතම ක්‍රිකට් සගරාව ලෙස සලකන විස්ඩන් සගරාව 2010 සිට 2019 දක්වා නම් කරන දශකයේ දක්ෂතම ක්‍රිකට් කණ්ඩායම් තුනට ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර සහ ලසිත් මාලිංග නම්කර තිබේ.

42 හැවිරිදි සංගක්කාර ටෙස්ට් තරග 134කදී (ඉනිම 233යි) ලකුණු 12400ක්ද එක්දින තරග 404 කදී (ඉනිම 380) ලකුණු 14234ක්ද 20-20 තරග 56කදී ලකුණු 1382ක් ද ලබා ඇති ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂතම පිතිකරුවෙකු කඩුලු රකින්නෙකු හා නායකයෙකු වේ. 36 හැවිරිදි ලසිත් මාලිංග එක්දින තරග 226කදී කඩුලු 338ක්ද 20-20 තරග 81කදී කඩුලු 106ක් ද ලබාසිටී සංගක්කාර මාතලේ නගරයේදී ත් මාලිංග රත්ගම නගරයේදීත් උපත ලබා ඇත.

විස්ඩන් සගරාව පසුගිය දශකයේ කණ්ඩායම් තුන නම් කිරීමේදී ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට ඉන්දියාවේ විරාට් කෝලි නම් කර තිබේ. එහි සෙසු ක්‍රීඩකයන් වන්නේ ඇලෙස්ටෙයාර් කුක්, ඩේවිඩ් වෝනර්, කුමාර් සංගක්කාර, ස්ටිව් ස්මිත්. බෙන් ස්ටෝක්ස්, ඒ.බී.ඩි.විලියර්ස් රවිචන්ද්‍ර අස්වින්, ඩේල් ස්ටේන්, කගිසෝ රබඩා සහ ජේම්ස් ඇන්ඩර්සන්ය.

ලසිත් මාලිංග එක්දින හා 20-20 තරගාවලි දෙකටම නම්කර සිටී. එක්දින කණ්ඩායමේ නායකත්වයට නම් කර ඇත්තේ ඩේව්ඩ් වෝනර්ය. එම කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් වන්නේ රෝහිත් ෂර්මා, විරාට් කෝලි , ඒ.බී.ඩි.විලියර්ස්, ජෝස් බට්ලර්, මහේන්ද්‍රසිං දෝනි,ෂකිබ් අල් හසන්, ලසිත් මාලිංග, මිචෙල් ස්ටාක්, ට්‍රෙන්ට් බෝල්ට් සහ ඩේල් ස්ටේන්.

20-20 කණ්ඩායමේ නායකත්වය දරන්නේ ඒරන් ෆින්ච්ය. එහි සෙසු ක්‍රීඩකයන් වනුයේ කොලින් මුන්රෝ, විරාට් කෝලි, ෂේන් වොට්සන්, ග්ලෙන් මැක්ස්වල්. ජොස් බට්ලර්, මොහොමඩ් නබී, ඩේවිඩ් විලී. රෂීඩ්ඛාන්, ජස්ප්‍රිට් බුම්රා සහ ලසිත් මාලිංග.

ඉන්දීය නායක විරාට් කෝල් කණ්ඩායම් තුනටම නම්කර තිබීම විශේෂත්වයකි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee